Friday, May 28, 2010

අපේ සුබ පැතුම....

අද මගේ අම්මාගෙයි තාත්තාගෙයි 32 වන විවාහ සංවත්සරය, මම ප්‍රාර්ථනා කරනවා මේ අවුරුදු 32 වගේම හැමදාම සතුටින්, ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා.අම්මේ තාත්තේ ඔයාලා දෙන්නාට නිදුක්, නීරෝගී, ආදරේ, සතුට පිරුන දිගු ජිවිතේකට අයියාගෙනුයි මගෙනුයි සුබ පැතුම්!  අපි දෙන්නාම ඔයාලාට ගොඩාක් ආදරෙයි..!

ප.ලි (අයියායි මමයි වගේ පිස්සු ජෝඩුවක් මේ ලෝකේට දායාද කලාට ඔයාලාට පින්)

Thursday, May 20, 2010

පතමි සදාකාලිකව නුඹේම වන්නට......

රුදුරු කුණාටුවකින් සුනු විසුනු වී ගිය
මගේ දිවි‍යට
වසන්තය රැගෙන පැමිණි ඔබ,
කඳුලු වෙනුවට සිනහව උරුම කර
 රිදුනු සිත සෙනෙහසින් සුවපත් කරමින්
සදාකාලිකවම ලඟින් රැදෙන්නට,
පැමිණි නුඹව
අහිමි කර නොගනිමි කිසි දිනෙක
පතමි සදාකාලිකව නුඹේම වන්නට.......

Thursday, May 13, 2010

නුඹට සෙනෙහසින්....

මා අසළම  දිවා රෑ රැදෙමින්,
මගේ දෙනෙතේ කඳුළු පිසිමින්,
කඳුළු අතරින් සිනා වෙන්නට මඟ කියාදී,
මගේ දිවියට ආලෝකයක් වන නුඹට,
සෙනෙහසින් ලියමි පද පෙලක් මෙසේ........

Saturday, May 8, 2010

සිතිවිලි

කීමට ඇති මුත් බොහෝ දෑ
මගේ මුව ගොළු වී ඇත
හදේ තෙරපෙන සිතිවිලි
ලියමි මම
දකින්නට නුඹට
දිනක වැටහේවි නුඹට මා පෙම් කල තරම
එත් එදිනට නුඹ ප්‍රමාද වැඩි වේවි
හදවතින්ම පතමි නුඹට කිසිදු දුකක් නොවෙන්නට

Saturday, May 1, 2010

හිමිවීමම ආදරය නොවේ...

අදනම් කවියක් නෙමෙයි ලියන්නේ, ටික දවසක ඉදන් ලියන්න ඕන කියලා හිතුන දෙයක් මේක. මම මේ ලියන්නේ මට දැනුන දේ,

මේක "හිමිවීමම ආදරය නොවේ" මම දැක්කේ රූපවාහිනී නාලිකාවක අලුතින් පටන් ගන්න, හදන ටෙලි නාට්‍යයක තේමාව.....
ඒක ඇත්ත කියලා මට හිතුනා... ජීවිතේ සමහර වෙලාවට අපි කෙනෙක්ට ගොඩාක් ආදරේ කලත් එයාට එක තේරුම් ගන්න බෑ.
කොච්චර ලඟින් හිටියත් තේරෙන්නේ නෑ. එක සමහර විට දෙන්නාගේම නොලැබීම වෙන්න ඇති.. එකනේ හිමිවීමම ආදරය නොවේ කියන්නේ..ආදරේ අහිමි උනාම අපි ගොඩාක් දුක් වෙනවා. සමහර අය වැරදි තීරණ අරන් ජිවිතේ විනාස කර ගන්නවා..මගේ ආදරේත් මට නැති උනා, ඒ වෙලාවේ මමත් ගොඩක් හිතින් වැටුනා.
මම හොදට බලලා තියෙනවා මට ප්‍රශ්නයක් වෙන හැම වෙලාවෙම මගේ හොඳම යාළුවෝ මගේ ලඟින්ම ඉන්නවා,මම ප්‍රශ්නේක කියලා එයාලට නොකිව්වත් එයාලා එක දැනගන්නවා.සමහර විට  හොඳ යාළුවන්ගේ අතරේ තියෙන බැඳීම ඒක වෙන්න ඇති. ඒක වෙලාවකට මට හරි පුදුමයක්... මම පෙර ආත්මෙක ලොකු පිනක් කරන්න ඇති මේ වගේ හොඳම යාළුවෝ ටිකක් ලැබෙන්න.මම හිතින් වැටිලා ඉන්න වෙලාවේ මගේ ලඟින්ම හිටපු අදටත් ලඟටම වෙලා ඉන්න යාළුවෙක් මට කිව්වා අපිට දෙයක් අහිමි වෙනකොට ගොඩාක් වෙලාවට ඊටත් වඩා හොඳ දෙයක් අපිට ලැබෙනවා කියලා...ඒක එයා මට කිව්වේ අත්දැකීමෙන්, මම ඒක හොදටම දන්නවා...මොකද එයාගේ සමහර ප්‍රශ්න වලදි මම ලඟින්ම හිටපු නිසා.
එදාම මම කොහේ හරි දැක්කා කෙනෙකුට එක දොරක් වැහෙනකොට තව දොරවල් 100ක් ඇරෙනවා කියලා...ඒක ඇත්ත වෙන්න ඇති.ජිවිතේ එක දෙයක් අහිමි වෙන්නේ ඉදිරියෙදි ඊටත් වඩා හොඳ දෙයක් ලැබෙන්න තියෙන නිසා වෙන්න ඇති.
ඔය අතරේ තවත් යාළුවෙක් කිව්වා මට පොඩි කථාවක්.ඔයාලත් අහලා ඇති සමහරවිට.. අර කථාවක් තියෙන්නේ "කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලුවා වගේ" කියලා.මමත් ඕක අහලා තිබ්බාට ඕකේ නිදාන කථාව අහලා තිබ්බේ නෑ.එයා මට ජිවිතේ ගැන ගොඩාක් දේවල් කිව්වා, ඒකෙන් මගේ හිත හැදුනා.අලුත් ජිවිතයක් ලැබුනා.එයා මට කියලා දුන්නා මටත් දවසක් එයි කියලා මෙ අත්දැකීම කාත් එක්ක හරි බෙදාගෙන එයාගේ ජිවිතේ යහපත් කරන්න.
ඉතින් මේ සටහන කියවන කවුරුම හරි ජිවිතේට චුටි දෙයක් හරි එකතු කරගත්තනම් මට ගොඩාක් සතුටුයි. ඒ වගේම ඔයාලට හිතුන දේත් මට කියන්න.ඒ වගේම මගේ ලඟින් හිටපු යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි! ඔබේ අදහස් සඳහා විවෘතයි...

හිමිවීමම ආදරය නොවේ.

පුද්ගලයෙකුට එක් දොරක් වැසෙන විට තව දොරවල් සියයක් විවෘත වේ.

අපට දෙයක් අහිමි වන්නේ ඊටත්  වඩා වටිනා දෙයක් ලැබීමටයි.