"ඒ.... නංගි මෙහෙ එනවකෝ..."
"මොකද හලෝ බෙරිහන් දෙන්නේ..."
"ඉක්මනට එනවා"
"ඇයි අලියෝ...මොන කරදරයක්ද මන්දා.."
"මේ බලනවකෝ පට්ට බයික් එකක් තියෙනවා."
"හ්ම්ම්.."
උදේ පාන්දරම ජංජාලෙට රිංගගෙන අපේ අලියා (ආදරේට කියන්නේ) කෑ ගහන්නේ ඔහොම තමා.
දැන් කට්ටිය බලනවා ඇති මොකද මේ එක පාරටම කියලා.. හි හී
අද එයාගේ දවස... හ්ම්ම්.... ඔව්, අද එයාගේ උපන්දිනේ...
මේ පුංචි සටහන එයා වෙනුවෙන්.. පුංචී කාලේ ඉදන් රණ්ඩු වෙවී, යාළු වෙවී ඉන්න මගේම අයියා වෙනුවෙන්...
එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්රාර්ථනා කරනවා!