Sunday, March 28, 2010

හුදකලා වු මොහොතක.......


අනාගතය සුන්දර කර ගැනීමට,
වර්තමානයේ ආදරණීය නිමේෂයන් කැප කරමින්,
අතීතයේ සොදුරු මතක සටහන් අතර සැරිසරමින්,
ඔබ එන පෙර මඟ බලා සිටිමි මම කල්පයක් වුව....

18 comments:

  1. ලස්සනයි..
    දිගටම ලියන්න..
    ඔබට ජය..

    -සොරො

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි සොරො මගේ උත්සහය අගය කලාට, ඇත්තටම මම මීට කලින් කවි ලියල නෑ.නැවතත් ගොඩාක් ස්තුතියි.:D

    ReplyDelete
  3. චූටි නංගියෙක්නෙ... ම්ම්ම්ම් දිගටම ලියන්නකො නිසඳැස ලස්සනයි

    ReplyDelete
  4. බොහෝම ස්තුතියි අක්කේ.....

    ReplyDelete
  5. නංගියා..
    සුන්දර අදහසක්..
    දිගටම ලියන්න..
    සුබ පතනව මුළු හිතින්ම...

    ReplyDelete
  6. පුංචි උපදෙසක් - මේ Word verification එක ඉවත් කළොත් අදහස් දක්වන්න එන අයට ගොඩක් පහසු වෙයි..

    ReplyDelete
  7. මෙම කවිය තුල ඇත්තේ ආත්මාර්ථකාමී බවකි ඔබ වර්තමානයේ ආදරණීය නිමේෂයන් කැපකරන්නේ අතීතය සුන්දර කර ගැනීමට මිස සෙනෙහසේ නාමයෙන් සෙනෙහස වෙනුවෙන් නොවේ...ඔයා හරි අත්මාර්ථකාමී කෙලෙක්...

    ReplyDelete
  8. අදහස නම් සුන්දරයි.....දිගටම ලියමු

    ReplyDelete
  9. හැමෝටම බොහෝම ස්තූතියි අදහස් කියලා මාව දිරිමත් කලාට.
    @sansarasidu අයියා- Word verification ඉවත් කලා.
    ස්තුතියි දිල් අක්කේ...
    @හොල්මන් අඩවිය, මේ කවිය ලියන්න හේතුව දැනගෙන මම අත්මාර්ථකාමීද? නැද්ද? තිරණය කෙරුවානම් හොදයි කියල මම හිතනවා. එ කථාව ඉඩ ලැබුන වෙලාවක කියන්නම්.මම හැම කැප කිරිමක්ම කලේ ආදරය නිසා.

    ReplyDelete
  10. Hasi said.../හොල්මන් අඩවිය, මේ කවිය ලියන්න හේතුව දැනගෙන මම අත්මාර්ථකාමීද? නැද්ද? තිරණය කෙරුවානම් හොදයි කියල මම හිතනවා. එ කථාව ඉඩ ලැබුන වෙලාවක කියන්නම්.මම හැම කැප කිරිමක්ම කලේ ආදරය නිසා/

    කවුද ඒව දන්නෙ එහෙම තීරණය කරන්නෙ කොහොමද? ඒ කථාව මෙතන කියල තිබුණ නම් ඔයා කියන දේ හරි කවිය අනුව මට හිතෙන්නෙ එහෙම නංගී ආදරය කියන්නෙත් එක් ආත්මාර්ථකාමී සිතුවිල්ලක් තමයි ඔයා කැමති ඔයාගෙ කොල්ල ඔයා එක්ක ඉන්නවට විතරයි වෙන කෙනෙක් එක්ක එයා බෙදාගන්න කැමතිද? ඔයා පරාර්ථකාමී නම් එහෙම කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕන ඒකයි මං කිව්වෙ බුදුහාමුදුරුවෙත් දේශනා කලේ "තමෝ තම පරායනෝ" කියල' බුදුන් වහන්සෙත් තනියම බුදු වුනේ ආත්මාර්ථ කාමී නිසා නොවෙද? හැබැයි පස්සෙ පරාර්ථකාමී වුණා කියල පිළිගන්නව.මේ ලෝකේ හැමෝම ආත්මාර්ථකාමී අය.

    ReplyDelete
  11. දිගටම ලියන්න නංගි.
    ඔබට ජය.

    ReplyDelete
  12. බොහෝම ස්තුතියි අයියේ...

    ReplyDelete
  13. අනාගතය සුන්දර කර ගැනීමට
    නොව
    වර්ථමානය රස විඳීමට සිටියා නම් මම වඩාත් කැමති වෙමි...

    /බිඟුවා...!

    ReplyDelete
  14. හ්ම්ම්.... බිඟුවා අයියේ, තියෙන තත්වයේ හැටියට මේක තමා කරන්න වෙන්නේ, ඒත් මම ආදරය කැප කලාට සතුටින් ඉන්න උත්සාහ කරනවා...දවසක එයාටම තේරෙයි.

    ReplyDelete
  15. අපෝ ආදරය වෙනුනවන් බලන් ඉන්න එපා ඒක මෝඩකමක් වෙන කෙනෙක් හොයාගන්න...ඔයාට ඇත්තටම ආදරය කරන කෙනා හොයාගන්න....එක බස් එකක් මිස් උනොත් ගමන යන්නෙ නැතුව ඉන්න එකද හොද? නැත්නම් ඊලග බස් එකේ නැගල යන එකද?

    කොල්ලොද නංගී නැත්තෙ...

    ReplyDelete
  16. මට ඇත්තටම ආදරය කරන කෙනා එනකම් තමා බලාගෙන ඉන්නේ. සමහර වෙලාවට ආදරය කියන්නේ පරිත්‍යාගයක්.......

    ReplyDelete
  17. නංගි ඔයාගෙ කවි මාර ලස්සණයි. තව පද ගලපන්න

    ReplyDelete
  18. ගොඩාක් ස්තුතියි අයියේ..

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...