Thursday, April 1, 2010

කලණ මිතුරෝ....

දුකේදි ආවැඩි සැපේදි හැරගිය 
මිතුරා නුඹයි යස
සදා පතමි මතු බවයේ නොදකින 
ලෙස නුඹ මිතුරු වෙස

කලණ මිතුදම් නොදත්
සොබන පිරි ජීවිතේ
දුර්ජන වූ නුඹ වෙසෙත්
පිළිලක් වී මා ලයේ

මේ පද පේළි ටික රනිදුගේ අතමිට කාසී (Fake Friends) සින්දුවෙන්.මේක අහන කොට මට මතක් වුනා අපේ ජිවිත වලත් මේ වගේ යාළුවෝ ඉන්නවා නේද කියලා....
මගෙත් එක්ක මාස ගානක් එකට කාලා බීලා සතුටු උන කට්ටියක් හිටියා, අද එයාලාට මාව මතකවත් නෑ.ඇත්තටම හොද යාළුවෝ එහෙමද? නෑ... හොද යාළුවෝ සතුටේදි වගේම දුකේදිත් එකට ඉන්නවා, සතුටෙදි විතරක් ලග ඉන්නේ ව්‍යාජ යාළුවෝ, හරියට අර මුලින් තිබ්බ පද පේළියේ වගේ.අන්න ඒවගේ අයට දැන ගන්න තමා අද මම මේක ලියන්නේ.
හොද යාළුවෙක් කියන්නේ සතුටෙදි වගේම දුකේදි, කරදරයකදි එකට ඉන්න කෙනෙක්ට, එයාට එයාගේ යාළුවාගේ පුංචි වෙනසත් තේරෙනවා.ලඟ නොහිටියාට ඒක දැනෙනවා.එයා කවදාවත් යාළුවාව තනි කරන්නේ නෑ, තනි වෙන්න දෙන්නේත් නෑ.මටත් ඉන්නවා ඒ වගේ හොදම යාළුවෝ කීපදෙනෙක්, මගෙත් එක්ක හැමවෙලවෙම හිටපු, එයාලාගේ පන්ති, විභාග, රස්සාව මේ හැම දෙයක්ම තියෙද්ද්ත් මගේ ලඟටම වෙලා මට ප්‍රශ්නයක් උනාම උදව් කරපු,එයාලාගේ හැම වැඩේම පැත්තකට දාලා මගේ හිත හදපු.මට ඕන මගේ ලඟින්ම හිටපු ඒ යාලුවන්ට ස්තූති කරන්න,හැම වෙලාවේම මගෙත් එක්ක හිටියාට ගොඩාක් ස්තුතියි, අපේ යාළුකම හැමදාම මේ වගේම තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

මිතුර නුඹ
දිවියේ බාධක ජය ගැන්මට
සවියක් විය මට...
ඇත ඔබේ මතකය සදාකාලිකව
යලි නොමැකෙන ලෙස
සිත්තම් වී මා හදේ.......

13 comments:

  1. හොඳ යහලුවන් ඉඳීම වාසනාවක්. මටත් ඉතා ස්වල්පයක් උනත් හොඳ යහලුවෝ පිරිසක් ඉන්නවා.

    ReplyDelete
  2. ආත්මාර්ථ‍යෙන් තොරව ඇති විය හැකි එකම බැඳීම මිත්‍රත්වයයි.

    ReplyDelete
  3. ඔව් හොද මිත්‍රත්වය ඖෂධයක් වගේ.අයියලාට ස්තූතියි අදහස් වලට....

    ReplyDelete
  4. pixxu kora hode..
    elazzz

    -charu-

    ReplyDelete
  5. මා සන්තක වටිනාම වස්තුව, මගේ මිතුරු කැළ. ඔවුන් තමයි මගේ ශක්තිය වෙලා තියෙන්නේ දැන්.

    ReplyDelete
  6. ඔව් අක්කේ මටත් එහෙම තමා එයලා මගේ ශක්තිය....

    ReplyDelete
  7. හොඳ අදහස් ටිකක් ගලපලා තියනව මේ සහොදරී..

    ReplyDelete
  8. අළුත් තාලේ සිංදුවක් වුණත් මමත් ආසයි "අතමිට කාසී" සිංදුවට මමත් ආසයි‍.ලස්සනට ලියපු වැදගත් ලිපියක්.
    අවංක හිත හොද මිතුරන්ම පමණක් ඇසුරට ලැබෙන්න කියාල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  9. @ Ano - ස්තුතියි සහෝ!

    @ හසියා - හ්ම්ම්.. මේ සින්දුව මගෙත් එක්ක එකට ඉදන් අහපු අයම මාව එයාලාගෙන් අයින් කරලා දැම්මා.. මේ සටහන් ලිව්වේ එයාලාට දැනගන්න වගේම මගේ හොඳම යාළුවෝ වෙනුවෙන්.

    ReplyDelete
  10. yaaluwo kiyanne issara hitapu jaathiyak....

    fu*k them...

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...