Tuesday, April 27, 2010

වගකීමට සිදුවේවි......

දන්නවාද?
වගකීමට සිදුවේවි නුඹලාට දිනෙක,
මගේ දෑසින් වැටෙන සෑම
කඳුළු බිඳුවක් පාසාම,
මගේ හදින් පිටවෙන හැම
සුසුමක් පාසාම,
කිමද...,
නුඹලා මගේ සතුට, මගේ ආදරය,
උදුරාගත් නිසා,
මගේ දෙමාපියන්ගේ හිත්
රිදවූ නිසා....

8 comments:

  1. කව්ද අප්පේ ඔච්චර රිද්දෙව්වෙ?

    ReplyDelete
  2. මේ ලෝකේ ඉන්න නරකම මිනිස්සු..... :(

    ReplyDelete
  3. හ්ම්ම්ම්.....
    වග කියන්න වෙයි......

    ReplyDelete
  4. හෆොයි දරුණු තත්වයක් වගේ!

    ReplyDelete
  5. ඔව් සැහෙන්න දරුණුයි..... වගකියන්නම වෙනවා දවසක :(
    ගොඩාක් ස්තුතියි හා පැටික්කිටයි ළමයාටයි!

    ReplyDelete
  6. සියල්ලෝම දනිති. එහෙත් මාමෙන් නොදනිති
    ( හසී කියනා කරුණ සම්බන්ධව )
    කවුරුත් මගෙන් නොඅසයි. ඇසුවද කාටවත් මා එය නොකියයි.
    සිත් රිදවූ හැඩවූ දේවල් දිහා බල බලා නැවත නැවතත් හැඬීම කලයුතු දෙයක්ද ??
    මදක් සිතා බලන්න. ඔබගේ හිත ශක්තිමත් මා එය හොඳින් දනී....... නමුත් ඔබේ හිතට හැගෙනාදෙය ඔබ පිලිගැනීමට සූදානම්ද ??
    හදවතින් නොව බුද්ධියෙන් විමසා බලන්න.

    කෙනෙක් යම් අකටයුත්තක් සිදුකලහොත් මරණමංචකයේදී හෝ එය ඔහුපසුපස හඹාඑනවා නිසැකය. එහෙන් කෝපවීමෙන් හෝ දුක්වීමෙන් පලක් නැත.

    ReplyDelete
  7. හසි නංගි අපිට අනිත් මිනිස්සුන්ගෙ හිත්වල තියන දෙවල් දැනගන්න ක්‍රමයක් නැහැ, දකින දෙවල් වලින් හැමදෙම තිරණය කරන්න බැහැ නංගියො. මම බුට් කාල පිස්සු හැදිලා වගෙ ඉන්න කාලෙ මට මාර තරහකුයි, දුකකුයි, ලැජ්ජාවකුයි,මම ගැන ඉතාම පහතට දාගෙන තිබුනා. අදත් ඉන්නෙ එහෙමයි. නමුත් පස්සෙ මට තෙරුනා මම වැරදියි කියලා.. මම මගෙ ගැනම කල්පනා කරපු මිනිසෙක් විතරයි නෙද... නංගි අනිත් අයගෙ හිතකිනුත් හිතන්න උත්සහා කරන්න.. අපි හැමොම මෙ දෙවල් කරන්නෙ ජිවත් වෙන්න..නෙද.. එක හින්දා ඔනැම දෙයකට ඔට්ටු වෙන්න... පුරුදු වෙන්න..

    ReplyDelete
  8. @ ජේ.ඩී- ඒත් එකෙන් මගේ හිත කොච්චර රිදුනාද කියලා එයාලා දන්නේ නැ. මගේ හිතට ආව සිතුවිල්ලක් අකුරු කලා....අද මට සලකපු විදිය දැක්කනේ....

    @ රවා - ඔව් රවා අයියේ මේක මගේ හිතට ආපු සිතිවිල්ලක්.මාව වට්ටන්න දැන් බෑ...

    ඔය දෙන්නාටම ගොඩාක් ස්තුතියි අදහස් දැක්වුවාට

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...