Saturday, May 8, 2010

සිතිවිලි

කීමට ඇති මුත් බොහෝ දෑ
මගේ මුව ගොළු වී ඇත
හදේ තෙරපෙන සිතිවිලි
ලියමි මම
දකින්නට නුඹට
දිනක වැටහේවි නුඹට මා පෙම් කල තරම
එත් එදිනට නුඹ ප්‍රමාද වැඩි වේවි
හදවතින්ම පතමි නුඹට කිසිදු දුකක් නොවෙන්නට

10 comments:

  1. ප්‍රාර්ථනාව හොදයි අක්කෙ.....

    එයාගෙ බැලිල්ල කෙසේ වෙතත් අපි නම් ඔයාගෙ නිර්මාණ රසවිදිනවා....ඒ හින්ද දිගටම ලියන්න හොදේ.

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්..........

    මා ලොව නුඹට
    නුඹේ ලොව නොවූවද,
    ඔබේ මුලු ලොවම
    මගේ කරගතිමි මම...
    මා ලොවෙන් නුඹ
    පියමං කලද මා හැර
    අහිතක් නොසිතමි
    ඔබගැන කිසිදිනෙක........

    ඔයාගේ පෝස්ට් එක කියෙව්වම නිකන් හිතට ආවට ලිව්වේ.......

    ReplyDelete
  3. @ Outsider - හ්ම්ම්..... එහෙම කරන්න පුළුවන් කියල හිතනවා..ස්තුතියි අදහසට

    @ හසිත - ස්තුතියි මල්ලී දිගටම ලියන්නම්කෝ..

    @ හා පැටික්කි - හරිම ලස්සනයි..

    ReplyDelete
  4. හසීයො මොනවද මෙ ලියන්නෙ.. උඹලා තාම පොඩි වුන්.. කවුරු හරි කෙනෙක් උඹට රිද්දපු හාම උගෙ කකුලක්, අතක් පයක් කැඩෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නැතුව මොනවද මෙ කියන කතා..
    :D :D :D


    කවිය ලස්සනයි නංගි. බලන් යද්දි අපි හැමොම දුකෙන් නෙද..

    ReplyDelete
  5. හ්ම්ම්... ඔව් රවා අයියේ, හිතේ කොනක දුක තිබ්බත් මෙහෙම හරි කියලා අපිට දුක බෙදාගන්න පුලුවන්නේ එතකොට හිතට සැහැල්ලුවක් දැනෙනවා.
    ස්තුතියි අයියාට...

    ReplyDelete
  6. හෑමොම දුකින්...අපි හෑමොම මේ වගෙ උඩින් හිනවෙලා හිටියට අපි හෑමොම දුකින්..

    ReplyDelete
  7. හරිම හොඳ හදවතක් හිමියි වගේ ඔබට..
    ලස්සන කවියක්

    ReplyDelete
  8. ලස්සන පද පෙලක් අක්කා..

    ReplyDelete
  9. @ කඳුළු බිංදුව - ජිවිතේ කියන්නේ දුක සතුට දෙකම එකට එකතු වුන දෙයක්. ගොඩක් අය ඉන්නේ දුකින් තමා ඒත් කඳුළු අතරින් හිනාවීමයි වැදගත්..

    @ හෙළයා - ගොඩාක් ස්තුතියි අයියේ!

    @ ළමයා - ස්තුතියි මල්ලියෝ

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...