Thursday, September 9, 2010

෴ සුභ උපන්දිනක් වේවා......!!! ෴





මල් ලොවට පිපි එන රතු රොස් මල වගේ
දෙවු ලොවට පා තැබුව හිම කුමාරිය වගේ
බ්ලොග් ලොවට කැලෙන් ආ සුදු පුළුන් හාවිගේ
උපන් දින සැමරුමට මෙන්න පැතුමක් අපේ.......



අද ඉතිං මේ අපේ පැන පැන යන හා පැටික්කිගේ උපන්දිනේ නොවැ.....ඉතිං අපි හිතුවා බ්ලොග් අවකා‍ශයේ ඉන්න කෂ්ටියත් එකතු කරගෙන අපේ හා පැටික්කිට සුභ පතන්න.......

කෝ එහෙනම් කට්ටිය දෙන්න බලන්න අත් හොදට උස්සලා අත්පුඩියක්........හරි හරි බොහෝමත්ම ස්තූතියි...දැන් කට්ටියම එකතු වෙලා හා පැටික්කි ඉටි පන්දම් නිමනකොට කියන්න අපිත් එක්ක හයියෙන් කෑගහලා.....




" හැපි බර්ත් ඩේ ටූ යූ......
හැපි බර්ත් ඩේ ටූ යූ......
හැපි බර්ත් ඩේ ඩියර් හා පැටික්කි......
හැපි බර්ත් ඩේ ටූ.... යූ......!!! "


ආ....නියමායි නියමායි.......

හා පැටික්කිගේ හා හදවතේ තියෙන සියළුම පැතුම් ඉටුවෙන්නත්‍‍‍...අනාගතය හිතනවටත් වඩා සාර්ථක වෙන්නත්....ඊයේ පෙරේදා ලියලා ඉවර වුන අ.පො.ස. උ.පෙ. ත් හිතනවටත් වඩා හොදට (පියාඹන පාට සහිතව) පාස් වෙන්නත්....අපි සමගම බ්ලොග් අවකාශය තුල පැන පැන යමින් චිරාත් කාලයක් ලිපි ලියන්නත්....ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත්....අපි හැමෝම මුළු හදවතින්ම සුභ පතනවා.....


පැන පැන යන අපේ හා පැටික්කිට සුභම සුභ උපන්දිනයක් වේවා.......!!!



මෙන්න අපෙන් තෑගී.........

බ්ලොග් අවකාශයේ
සැරිසරන විට හමුවූ,
අවිහිංසක, කටකාර,
කවිකාරියකි නුඹ,
විටෙක යෙහෙලියකි,
විටෙක නැගනියකි,
ජීවන මගේ තවත් එක්
පියවරක් ඉදිරියට තබන
අපගේ ආදරණීය සොහොයුරියට
උපන්දින සුබ පැතුම් ගෙන එමි මෙසේ...








දැන් කට්ටියට කවන එකයි ඇත්තේ කැරට්.....අහ් වැරදුනා කේක් කේක්.........



හා පැටික්කිගේ උපන් දිනය අමතක නොකල අපි.....



෴ සහෘද සිංහල බ්ලොග් කැල ෴
෴ සාඩම්බර හසී පවුල ෴
෴ වත් අක්කී ෴


14 comments:

  1. ඕන්න අපේ හා පැටික්කිට සුබම සුබ උපන්දිනයක් වේවා!
    පාටියක් දෙන්න හොඳ්???

    ReplyDelete
  2. ඔන්න මමත් හා පැටික්කිට "සුබම සුබ උපන්දිනයක්" පතනවා.හසියෝ!ඔයාට realකේක් ලැබුනොත් අපිටත් එවන්න.

    ReplyDelete
  3. හා පැටික්කියෝ,ඔයාට සුබ උපන්දිනයක්!(හසී,මම එහෙම කිවුව කියලා හා පැට් ට කියන්න)ඔයා මේ wishඑකට ගොඩක් මහන්සි වෙලා වගේ.

    ReplyDelete
  4. හප්පොච්චියේ හා පැටික්කි ගෙ උපන් දිනයද....


    සුබම සුබ උපන් දිනයක් හා පැටික්කි නංගියාට.... අනාගතය සර්වප්‍රකාරයෙන්ම සර්ථක වෙන්න පතනවා.... මේ පාර නේද විබාගේ කලෙත්...

    ReplyDelete
  5. සුබම සුබ උපන්දිනක් හා පෑටික්කිට

    ReplyDelete
  6. ඔන්න හා පැටියට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!!
    - කාංචන දිනූක

    ReplyDelete
  7. සුබම සුබ උපන්දිනක් හා පෑටික්කි

    ReplyDelete
  8. මගෙනුත් සුබම සුබ උපන්දිනයකට ආසිරි.....

    ReplyDelete
  9. සුභ උපන්දිනයක් වේවා හා පැටික්කි!!!!!

    ReplyDelete
  10. හසී අක්කියා ‍බො‍හොම ස්තූතියි......
    හැමෝටමත් ‍බො‍හොම ස්තූතියි......

    ‍කේක් කන්න ගි‍‍යෙ නැත්නම් මෙතනට යන්න‍කෝ.........

    ReplyDelete
  11. ෂහ්... හා නගාට සුබ පතන්න මුළු හසී පවුලම එකතු වෙලා...

    නියමයි...
    සැබෑ ලෝකයට වඩා මේ සයිබර් අවකාශයේ මේ වගේ ලෙංගතුකම් විරල නෑ නොවෑ...

    ReplyDelete
  12. මේකේ විශේෂ ස්තුතිය වත් අක්කිටයි හසියාට දෙන්න ඕන...
    කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි!

    ReplyDelete
  13. ඔන්න පරක්කු වෙල හරි මමත් සුභ උපන් දිනයක් කිව්වා හා පෑටියට!!

    ReplyDelete
  14. ඔන්න මමත් පරක්කුවෙලා හරි අපි දන්න හා පැටික්කිට සුභ පැතුවා..... හා පැටික්කියේ ඔයාට සුභ උපන්දිනයක්.....

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...