Friday, September 24, 2010

෴ ආසයි මම෴


සිහින් පොද වැස්සක,
ඔබේ සුරතේ එල්ලි,
ඇවිදයන්නට ආසයි මම....
මුහුණ පුරා වැටෙන දිය බිඳු,
ඔබේ පපුවේ හොවා ,
පිසලන්නට ආසයි මම....
ඔබේ උරපතු මත,
හිස තියාන,
ඉන්නට ආසයි මම....

22 comments:

  1. සිහින් පොද වැස්සට මම ගොඩක් ආසයි මගෙ මතක‍ෙය තනිවෙනවා මම මෙ පොද වැස්ස ගැන කියෙවෙනකොට.....ලස්සනයි නංගි ගෙඩක්.....

    ReplyDelete
  2. හා හා මේ හෙම්බ හදා ගන්නද හදන්නේ....ගෙ ඇතුලට වෙලා ඉන්නවා...මෙතන ලෙඩ හදාගත්තාම අපි එපායැ අලි බබ්බු නලවන්න.....

    ReplyDelete
  3. පොද වැස්ස නිමාවී,
    මහ වැසි වසිද්දීත්,
    ඉඳීදැයි ඔබ,
    ඔය ආසාවෙන්ම,
    සැකයි ඔහුගේ,
    අහිංසක හදවතට....

    ReplyDelete
  4. ලස්සණයි හසී අක්කේ,මාත් වැස්සට හරිම ආසයි

    ReplyDelete
  5. @ සෝරෝ - තැන්කූ සෝරෝ....

    @ අසි - තැන්කූ අයියේ...

    @ හසියා - අනේ චුට්ටක් තෙමුනට මක් වෙනවාද?

    @ ජංජාල චාමර - මහ වැස්ස වුවද,
    රුදුරු කුණාටුව වුවද
    හිදිමි ඔහු අසල මා
    සැමදා මියෙන තුරාවටම...

    @ පුබුදුවා - තැන්කූ මල්ලියෝ... වැස්සේ තෙමෙන්න මමත් හරිම ආසයි.

    ReplyDelete
  6. කමෝන් හසී කමෝන්

    :D

    ආදර වැස්සේ තෙමිලා වගේ නගා....
    සුභ පැතුම්...හැමදා සතුටින් ඉන්න...

    ReplyDelete
  7. මුදු මුහුණේ සුව දැනුණේ
    ප්‍රිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මං විතරද
    උර තලයේ හිස රන්දා
    සුව සෙව්වේ මගෙ විතරද

    ඉඟ නෙරියේ රැළි බින්‍‍ඳේ
    ප්‍රිය ළඳුනේ මං විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද

    ReplyDelete
  8. ලස්සන කවිය අක්කේ. මට මේ කවිය කියෙව්වාම ඊයේ දවස මතක් වුණා.

    ReplyDelete
  9. බොලේ මෙන්න අලි බබා සෙල්ලන් කරන්න අරන්........හොදා හොදා...ඔහොම යන් :D

    ReplyDelete
  10. මේ අක්කෙ කව්ද අනේ ඇත්තටම ඔය එයා?? :D:D:D

    ReplyDelete
  11. @ හසී රන් - හි හී.. තැන්කූ සිස්!

    @ Jeew - ලස්සන පද පෙලක් සහෝ!

    @ Hasitha - ඊයේ වහින වෙලාවේ තමා මමත් ඕක ලිව්වේ..

    @ Hasitha ජයසූරිය - මම අලි බබා නෙමේ හරිය...ඔයාට එයාව බලන්නම ඕනනම් මම පෙන්නන්නම්කෝ පොඩ්ඩෝ...

    ReplyDelete
  12. ඔබ ඕහු හා දැවටෙන වැසි දවසක් මැවි මැවී වෙනෙනවා හසි අක්කේ

    ReplyDelete
  13. හරිම ලස්සනයි හසි

    ReplyDelete
  14. @ ප්‍රාර්ථනා - තාම එහෙම දවසක් උදා වුනේනම් නෑ.. ඒ දවස එනකම් මම මග බලගෙන ඉන්නවා...

    @ කඳුලු බිංදුව - තැන්කූ සිස්!

    ReplyDelete
  15. ඔය සෙල්ලං,
    වලට පෙර,
    කිරිත් සමඟ,
    සමහං බාල්දියක් වත්,
    බීලා හිටියා නං නෙවද,
    හසී ළමයෝ නුවණට හුරු,

    ReplyDelete
  16. අගනා උපදෙසක්...

    ReplyDelete
  17. එල තමා.... මාර සිරා....

    ReplyDelete
  18. prasanna86k - තැන්කූ තැන්කූ..!

    ඔන්න කට්ටියගෙම ප්‍රාර්ථනා නිසා අද හොඳ නෑමක් නාගත්තා අපි දෙන්නාම... හික්ස් මරු :D <3

    ReplyDelete
  19. සිනාදෙන්න මට අවසර දෙනු මැන සිනාදෙන්න ආසයි...

    /බිඟුවා...!

    ReplyDelete
  20. @ Ansh - තැන්කූ අක්කා....

    @ බිඟුවා - හික්ස්

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...