Wednesday, October 13, 2010

෴පුංචි මල මමයි෴



පාළුවට ගිය බිම් කඩක් මැද
නුබ වෙනුවෙන්ම පිපුනු
පුංචි මල මමයි...
නුබේ දිවියම සුවදවත්
කරන්නට පිපුනු
පුංචි මල මමයි....
නෙලාගන්නට හැකිව තිබුනද
වෙනත් බසකට රැවටී
නුබ නෙලා නොගත්
ඒ පුංචි මල මමයි....
නැවත පැමිණ නෙලාගන්නට
සෙවුවද
වෙනත් කෙනෙකු නෙලාගත්
ඒ පුංචි මල මමයි....

13 comments:

  1. එල එල......මල් මල් මල් මල්.........

    ReplyDelete
  2. කවුද බබරා???ආහ් අපි දැක්කානේ

    ReplyDelete
  3. @ රත්ගමයා - තැන්කූ රත්ගමයෝ...

    @ පුබුදුවා -;)

    ReplyDelete
  4. පුඃ...මෙයාගේ ගනන්....වැඩේමයි ආයෙ එන්න....
    ලෝකේ මල් ඕනි තරම් ඇත‍.එක මලක් නෙලාගන්ට බැරිවු විට තවත් මලක් නෙලාගන්නට හැකිය....

    ReplyDelete
  5. @ හසියා - හා හා නෙලාගන්නකෝ එහෙනම්:P

    ReplyDelete
  6. මල් කිව්වම නා නා ප්‍රකාර.... මලට හොඳ බබරෙක් හම්බුනානම් සතුටුයි.

    ReplyDelete
  7. ලස්සනට ලියලා තියනවා

    ReplyDelete
  8. මුලු film එකකින් පැය ගාණක් කියන දෙයක් තත්පර කීපෙකින් ලස්සනට කියලා...(ලියන්න කොච්චර කල් ගියාද දන්නෑ..) හරිම ලස්සනයි....දැන් මලේ හිත කොතනද?

    ReplyDelete
  9. @ පිස්සා පලාමල්ල - ස්තුතියි අයියේ.. බබරෙක් නෙමේ සමනලයෙක් හම්බුනා...

    @ ඉලංදාරියා - ස්තුතියි ඔයාටත්..

    @ ප්‍රාර්ථනා - තැන්කූ සිස්.. (ලිව්වේනම් විනාඩි 10කින් විතර...) දැන් මලේ හිත සමනලයා ලඟ..

    ReplyDelete
  10. අරුත්බර සරළ පද පේළියක්... ලස්සනයි හසී...!!

    ReplyDelete
  11. අපායට ගියත් කලින් යන්න ඕනේලුනේ. ඒක නිසා කරන එකක් පරක්කු නොවී කරන්න ඕනේ :)

    ReplyDelete
  12. අහ් හා!!
    දැන් එතකොට කවුද මල? කවුද බබර? :D :P

    ReplyDelete
  13. අපරාදේ ප්‍රමාදය පසුතැවීමට මුල කියන්නේ ඕකනේ අපරාදේ අර පලවෙනි බඹරා .

    නියම කවිය මල් 7 හසී

    අද තමයි මේපැත්තේ මුලින්ම ආවේ ලස්සන බ්ලොග් එක

    ජයවේවා !!

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...