Sunday, October 31, 2010

෴එන්න රහසක් කියන්න෴

එන්න එන්න...
ෂ්ෂ්ෂ්..... වැඩිය සද්ද කරන්න එපා....

අද අපි කට්ටියම එකතුවෙලා කෙනෙක්ව පුදුම කරමුද?

කාවද? කෝ කාවද?

අර ඉන්නේ දැක්කාද?




ෂ්ෂ්ෂ් කෑගහන්න එපා..එයාට ඇහෙයි..

(කට්ටියට රහසින්)අද එයාගේ උපන්දිනේ අපි එකතුවෙලා හොරෙන් හොරෙන් ගිහින් එක පාරටම කෑගහලා විෂ් කරමු...
එහෙනම් කට්ටිය ලැස්තියිනේ... ඔන්න
එකා....යි
දෙකා....යි
තුනා....යි 


හා දැන් තාලේට කියමු..

 
හැපි බර්ත්ඩේ ටූ ‍යූ
හැපි බර්ත්ඩේ ටූ ‍යූ
හැපි බර්ත්ඩේ ඩියර් හසියෝ..
හැපි බර්ත්ඩේ ටූ ‍යූ...





එන්න එන්න කට්ටියම කේක් කන්න...................





එන්න මල්ලි එන්න නංගි නැගිටලා
මෙන්න අයියේ මෙන්න අක්කේ රස කථා
කේක් ගෙඩිය කපලා ගන්න
බීම එකක් හදලා බොන්න
එන්න මල්ලි එන්න නංගි නැගිටලා
එන්න අයියේ එන්න අක්කේ හැඩදමා
එලි වෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකේ තියෙන හොදම පාටිය
එලි වෙනකම් අපේ ජොලිය
ගන්න කේක් ගන්න කේක් එක් වෙලා...

**************************************************************


දිගු ජීවන ගමන් මඟේ
විසි දෙවන සැතපුම් කණුව පසුකරන
අපගේ ආදරණීය සොහොයුරාට
සියලුම පැතුම් ඉටුවන
සුබම සුබ උපන්දිනයක් වේවා...!!

මුලු හදවතින්ම සුබපතන
අපි
෴සාඩම්බර හසී පවුල෴

9 comments:

  1. හෆ්ෆේ ඔහොම ඇවිත් බය කරනවද? හදිස්සියේ හාර්ට් ඇටෑක් එකක් හැදුනනම්....
    කදුත් පනිනවා ඇස් ගෙඩි දෙකෙන්...නෑ නෑ බයට නෙවේ...හිතට දැනුණ සතුටට......

    ඇත්තමයි ගොඩාක් සතුටුයි....කියන්න බැරි තරම්ම සතුටුයි....

    බොහෝමත්ම ස්තූතියි මගේ සහෝදර හසී පවුලේ අයට මාව පුදුම කරලා මේ වගේ මට සුභ පැතුවට......

    ෂා...කවුද කේක් එක හැදුවේ...?? ලුණු පොඩ්ඩක් විතර වැඩි වුනාට මාරම මාර ගති....

    බොහෝමත්ම ස්තූතියි ඔන්න හැමෝටම.....

    ReplyDelete
  2. මම මිරිසුත් දැම්මා පොඩ්ඩක් කේක් එකට... සුබම සුබ උපන්දිනයක් ලොකු අයියේ.. ඔබේ සැප අපේ සතුටයි :D

    ReplyDelete
  3. ඉරක් වී නැගෙන්න
    ලොව අදුර මකාලන්න
    මලක් වී පිපෙන්න
    ගුණ සුවද විහිදුවාලන්න
    දොලක් වී ගලන්න
    සයුර හා සැනසෙන්න
    වැස්ස වී වහින්න
    අන් දුක සෝදා හරින්න
    පතමි දිගාසිරි සොයුරාන
    හැමදා සතුටින් ඉන්න
    පිලිගන්න මගෙ උපන්දින
    සුබ පැතුම ඔන්න ! ! !


    වතුර ඕනීයෝ. . . කේක් එක ගින්දර වගේ ෂා මාරම සනීපයි දිවට ~ලුණු මිරිස් කේක්~

    මෙහෙම කේක් එකක් ම0 කවදාවත් කාලා නෑ ෂා... (ම0 ක්ලොගාඩ් දාලයි දත් මදින්නේ)හිකිස්

    සුබම සුබ උපන්දිනයක් මල්ලියාට. . .

    ReplyDelete
  4. සුභ පැතුම් ඇපේ ලොකු හසියට .....

    ReplyDelete
  5. විශ් යූ අ වෙරි හැපි මෙව්වා එකක් හසියෝ.........මේ හසියා කව්ද....අයියේ...ඔයාල අංක කොරොත් හොදා නේ..අදුරගන්න ඇහැකි එත්කොට

    ReplyDelete
  6. @ රත්ගමයා - මේක බලන්න අපිව අඳුරගන්න..
    ෴ සාඩම්බර හසී පවුල ෴

    ReplyDelete
  7. හැපීම හැපී බර්ත් ඩේ එකක්ම වේවා !

    අපිට කෝ කේක් ? එයාල තනියම කනවා . මම මේ අනවසරයෙන් ෆැමිලි පාටියකට ආවද මන්දා ? වෙන්න බෑ අර හිඟ්න්න අයියයි රත් ගමයයි ඉන්නේ . ඉතින් මාත් ආවා.

    කේක් නෑ කේක් නෑ මගේ කොටස මට මේල් කරන්න .

    ජයවේවා හසීලා හැමෝටම !!

    ReplyDelete
  8. අයියෝ සඳරූ මේක ඇවිත් බ්ලොග් අවකාශයේ හැමෝගෙම පාටියක්... ඕල් ආ වෙල් කම්... :D

    ReplyDelete
  9. එහෙමනම් අපේ ලොකු තැනට මාත් සුභ සුභම සුභ උපන් දිනයක් වේවා කියලා පැතුවා ඕන් එහෙමනම් :)

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...