Sunday, November 7, 2010

෴අලෝ.................... ෴

අලෝ .... කොහොමද  කට්ටියට?

ඉතින් ඉතින් සැප සනීප කොහොමද?

අනේ බලන්නකෝ වෙලා තියෙන දෙයක්.. මම ගෙදර නැති අතරේ අපේ හසී පවුලේ අයියායි මල්ලිලා දෙන්නායි හොඳටම  අඩලානේ..ඔයාලා එයාලව නැලෙව්වේ නැද්ද? පව්නේ අනේ... බලන්න මම දවසක් නැති උන ගමන් වෙලා තියෙන දේවල්...

හ්ම්ම්ම්....

දවස් දෙකකට පස්සේ අද තමා මම ගෙදර ආවේ...මේක තමා පලවෙනි උපන්දිනේ  මම ගෙදර හිටියේ නැති... ඇත්තටම හදිස්සියේම මම අපේ අක්කලාගේ ගෙදර ගියා.. එයාලගේ ගෙවල් ලඟ ආරාමයක් තියෙනවා.එහේ පළවෙනි කටින පින්කම තිබ්බා.හදිස්සියේම ඒකට ගියා.. අලුත්ම අත්දැකීමක් ඒක.. අද ගෙදර ආපු ගමන් දුවගෙන ආවේ කම්පි‍යුටර් එක ලඟට...මගේ සහෝදරයන්ගේ වැඩ දැක්කාම ලොකූ සතුටක් දැනුනා...
ඉතින් මම මේ වෙලාවේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.. මට සුබ පතපු මගේ හසී පවුලේ සහෝදරයෝ 3න් දෙනාට.. බ්ලොග් අවකාශයේ සියලුම සහෝදර සහෝදරියන්ට..මගේ යාලුවෝ ඔක්කෝටම ගොඩාක් ස්තුතියි!




කස්ටියම කේක් ඉල්ලනවා දැක්ක වෙලාවේ ඉදන්.. ඔන්න ඔයලා කැමති විදියට කන්න මම රසට හැදුවා..
 මදිද? ආ.. මෙන්න තවත්.....




දැන් කට්ටියටම කාලා බඩ පිරිලත් ඇතිනේ.. අපි බීම එකකුත් බොමු එහෙනම්...(සැර ජාතිනම් නෑ.රසම රස බීම එකක් හැදුවා)


සැ.යු - අපේ අයියලා මල්ලිලා මගේ වයස වැරදියට දාලානේ.. ටයිපින් මිස්ටේක් එකක් වෙන්න ඇති.. මට අවුරුදු 22යි.....

16 comments:

  1. ආයෙත් ඔන්න අපි හදවතින්ම සුභ පතනවා සියළුම පැතුම් ඉටුවෙන්නත් කරන කියන හැමදේම සාර්ථකවෙන්නත් හැමදාම සතුටින් සිටින්න ලැබෙන්න කියලා.

    ම්ම්ම්ම්ම් නරකෙයි අර හදපු කේක් එක ගැනත් කිව්වනම්....අර කාලා ගෙදර අය දවසම බඩේ අමාරුවෙන් දුක් වින්ද කිව්වේ....

    මේ මේ වැරදිලා නෑ...ඇත්ත වයස තමයි දාලා තියෙන්නේ.....

    ReplyDelete
  2. සැර ජාති නැද්ද එහෙනං ඔං මං ගියා...

    (මෙ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා දැන් හැම පාටියක්ම ඔහොමයි..මෙලෝ රහක් නැහැ..අඩු ගානේ හොරෙන් පැත්තකට අඩ ගහලාවත් මොනවා හරි කරනවද කියලා අහන කීයෙන් කී දෙනාද දැන් ඉන්නේ..චික් විතරක් මගේම කරුමෙ..)

    ReplyDelete
  3. හසී අක්කාට සුබම සුබ අනාගතයක් වේවා.. සෑම දෙයක්ම ඉහලින්ම සාර්ථක වේවා..........!!!!

    මාරයා අයියට නම් හොදටෝම මල පැනලා වගේ.. හසී අක්කා ඔය කාට හරි කියලා ගෙන්නලා දෙන්න.. නැත්තං හරි නෑනේ.. පාටියකට කීවාම කොයි තරං බලාපොරොත්තු තියන්ද එන්න ඇත්තේ.. "අද නම් ආයි ගෙදර එන්නේ රුවිතෙට" කියලා හිතාගෙන....

    මේ මං ළමයා හොදේ.....

    ReplyDelete
  4. අක්කේ....සුබම සුබ ..උපන් දිනයක් වෙවා......ආ...ආ...... අම්මො... කැවැ වැඩිද මන්දා... අහක දන්නත් බැනේ...
    රසයි.... තැන්කු කිවා සංග්‍රහයට........

    ReplyDelete
  5. සැර ජාති නැද්ද කමක් නෑ ඔය තියන දෙයක් කාල දාලා යන්නංකෝ
    මොනවත් ගෙනාවෙත් නෑ හිස් අතින් තමයි ආවේ ඊලඟපාරවත් මොනවහරි ගේන්නම්

    හසී සහෝදරීට සුබම සුබ උපන්දිනයක් වේවා !!

    ජයවේවා !

    ReplyDelete
  6. හලේ ඔන්න මාත් ආවා...... කාල බීල යන්න.......... :) මෙව්ව මදි තව මොනාහරි ඔනේ.......... ලන්ච් එකක් වගේ නම් වඩාත් හොඳයි............. :) එහෙනම් ඉස්මනට ලැස්ති කොරල කියන්ට අපි සෙට් එක පිටින්ම එන්නම්zzzzzzzz එතකන් ටට්සි බායිzzzzzzzzz :)

    ReplyDelete
  7. හානේ.. අපි දාගෙන සුභ පතනවා.. අපෙ හසි අක්කා පැත්තේ නෑ..:):):)
    හරි හරි... කේක් නම් රසයි අක්කේ..
    22නම් ඉතින් හොද වයසක් නොවැ... මම හිතුවා 70ක් විතර කියලා..:):):)
    මම පුංචි තෑග්ගක් ලෑස්ති කලා අක්කේ.. ඒත් එවන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නේ..
    ගිහින් තියෙන්නෙත් පිනක් කර ගන්නනේ.. ඒ නිසා පහු වුණාට එන්න... කමක් නෑ අක්කේ..

    ReplyDelete
  8. හසීට මගේ සුබ පැතුම්!

    මේ උපන් දි​නේ වෙලාවෙ එක ඉල්ලීමක් කරන්න කැමතියි.
    කරුණාකරලා ඔය හසී පවුලෙ කට්ටිය ගැන හැඳින්වීමක් කරන්න පුලුවන්ද? එක පාරකුත් කිව්වා ඈහැව්ව එකක් යැ!
    මටනං දැං කට්ටිය අඥ්ඤකොරොස් වෙලා තියෙන්නෙ.

    මම දන්නෙ ආගිය කතා හසිතවයි, බුදු පහන හදපු ජෙම්කැටේවයි!සයිබර් යායට එන හසී කෙල්ලවයි (අර ප්‍රොෆයිල් පින්තුරෙ මාරු කරලා හුටපටයක් ගියෙ)විතරයි ද වගේ......

    ReplyDelete
  9. හසී ගෙ උපන් දිනේට මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  10. සුභම සුභ උපන් දිනයක් අක්කියා.......
    බලාපොරොත්තුවෙන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉටු වේවා...!!!!!
    ඊයේ මට වෙච්චිදේ හිතා ගත හැකිනේ...... සොරි ඈ..... පස්සේ මාත් අවුල දැක්කේ......

    එහෙනම් ආයෙත් සුභ පතනවා සුභම සුභ උපන් දිනයක් වෙන්න කියලා.....!!!!
    යන්නම්....
    ආ තව ටිකෙන් අමතක වෙනවා..... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා......... :-*

    ReplyDelete
  11. @ හසියා - තැන්කූ ලොකු අයියේ... ඔයාට තමා කේක් එක අප්සට් වෙලා තියෙන්නේ..මම හදපු එක රසම රසයි.. :D

    @ මාරයා - අම්මේ මාරයාව තරහා කරගන්න බෑනේ.. (මාරයියාට රහසින් - මම ඔයාට වෙනම දෙන්නම්කෝ හැබැයි එක වීදුරුවයි හොදේ..වීදුරුවේ සයිස් එක ඉතින් ඔයා කැමති ගානක් ;) කාටවත් කියන්න එපා)

    @ ළමයා - තැන්කූ මල්ලියෝ...මාරාවේශවෙලා වගේ අපේ මාරයියාට ;)

    @ නිම්ශා - තැන්කූ නංගියෝ..

    @ හිස් අහස - මේ පැත්තට ආපු එකම ලොකු දෙයක් නේ.. තැන්කූ සහෝ..

    @ ජේ.ඩී - හා හා කියනකම් හිටියේ.. :P

    @ ප්‍රාර්ථනා - තැන්කූ නංගියෝ..

    @ බුද්ධි - තැන්කූ අයියේ..ඉන්න ඉන්න අපේ පවුල ගැන කියලා දෙන්නම්..

    හසියා
    - හසියාගේ නවාතැන කරන්නේ මෙයා තමා.

    හසිත ගුණසිංහ
    - මේ අපේ ආගිය කථා ලියන හසියා

    හසිත ජයසූරිය
    - මෙයා තමා අපේ පොඩි හසියා.හසිත කොල්ලාගේ blog අවකාශය

    හසී
    - මේ ඉතින් හසීගෙ සිතිවිලි ලියන මම තමා

    @ buwa - තැන්කූ සහෝ..

    @ හා පැටික්කි - තැන්කූ හා පැටික්කියෝ..උම්ම්ම්ම්ම්ම්ම්ම්මා.... :-* කැරට් පුඩිම රසයි නේද?

    ReplyDelete
  12. @ බුද්ධි
    මේ මේ දැන් කවුද චණ්ඩි....ආ....?
    මේ එන්න එපා ජේම් කැටේ කියන්න...මට තදවෙනවා ඔන්න....

    @ හසී...
    ආ කෂ්ටිය උම්බෑ කියලා තියෙන්නේ....චෝයි...

    ReplyDelete
  13. ඕන් මම ආයි පාරක් කියනවා සුභම සුභ උපන් දිනයක් වේවා අක්කේ...............

    ReplyDelete
  14. හී....හී.....
    උණුසුම් සුභ පැතුම්!!!!

    ReplyDelete
  15. මම නම් දැනුයි දැක්කේ , දැන් නම් cake ඉවර ඇති නේද? කමක් නෑ ඊළග පාර බලමුකෝ.

    ReplyDelete
  16. ඔන්න මගෙනුත් ආයි පාරක් සුබ පැතුම් (පරක්කු වෙලා හරි)

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...