Wednesday, December 15, 2010

෴ පොඩි එකාට උනත් වෙනස තේරෙනවා.. හික්ස්෴


 
අම්මේ අම්මේ... අද ඉස්කෝලේදි මාර වැඩක් උනානේ....

මොකක්ද පුතේ...?

අර භාගයා ඉන්නේ.. අර අපේ පන්තියේ ඉන්න ලස්සන ළමයා....

ඔව්,ඉතින් මක් උනාද? එයා වැරැද්දක් කලාද?

නෑ නෑ අම්මේ.. අද අපිට මිස් වැඩක් දිලා ගියා. ඒක ඉවර වෙලා අපි කථා කර කර හිටියා..භාගයා ලඟ හැමදාම ඉදගන්නේ රුසිරුනේ.. අද එයා භාගයාගේ කරට අත දාගෙන හිටියා..

ඉතින් පුතේ හොඳ යාළුවෝ උනාම එහෙම තමා..

ඉන්නකෝ අම්මේ කියනකම්...

හ්ම්ම්..

ඊට පස්සේ එයා භාගයාව ඉම්බානේ අම්මේ...

පුතේ රුසිරුට නංගියෙක් ඇති..එයාට නංගිව මතක් වෙලා භාගයාව ඉබින්න ඇති...ඒකේ වැරැද්දක් නෑනේ..

(තරහින්) අනේ අම්මා දන්න තරම තමා ඔය.....

ඇයි පුතේ එහෙම කියන්නේ....?

අපෝ අම්මා ඒකවත් දන්නේ නෑනේ...

මොකක්ද?

ඒක තමා අම්මේ ලව් කියන්නේ..ඔයා ඒකවත් දන්නේ නෑනේ..






ප.ලි - තාම දෙක වසරේ ඉන්න පුංචි පුතෙක් කියපු කථාවක් තමා ඔය...අප්පා දැන් හැදෙන ළමයිනම් කියලා වැඩක් නෑ...

24 comments:

  1. රුප පෙට්ටිය කරන විනාසය

    ReplyDelete
  2. ඕන් බලමුකෝ ඒකෙත් හැටි.

    ReplyDelete
  3. අපි නම් ඔව්ව දන්නෙත් නැතෝ......

    ReplyDelete
  4. Meka eththatama wechcha deyakda?

    ReplyDelete
  5. ලවු ඉලවු මල ඉලවු කිව්වාලු. දෙකේ පන්තියටත් වැඩේ හරි කිව්වාලු :))

    ReplyDelete
  6. හික් හික් හික්... ඔව්ව ඔහොම තමා... මේ මෙහේ පොඩි එකා කිව්වෙ උගේ ක්‍රශ් ( සිංහල වචනෙ නොදනී ) එක වෙන කොල්ලෙක් සෙට් කොරන්ය උන් දෙන්න ලිප් කිස් කරාය කියලා... අනේ පොඩි එකා ගෙ හාර්ට් බ්‍රෝකන්. ( ඌ තාම 3 නේ )

    ප.ලි : පිස්සා ඉන්නේ සීතල රටක නොවැ

    ReplyDelete
  7. පට්ට පට්ට නියම කතාව

    ReplyDelete
  8. @ඉලංදාරියා - ඔව් ඒකනම් ඇත්ත..

    @sameerausa - හ්ම්ම්..

    @Jeew - හික්ස්.. :P

    @Charitha - ඔව් මගේ නෑදෑ කෙනෙක්ගේ පුතෙක් කියපු කථාවක්..

    @Hasitha - හික්ස්, කවුද දන්නේ එකේ පන්තිය මොන වගේද කියලා

    @පිස්සා පලාමල්ල - හෆොයි :O

    @හසියා - හික්ස්.. :D

    @Sachin - තැන්කූ..

    ReplyDelete
  9. කාලෙ අලුත් තාලෙ වෙනස්.......... හැහ්...

    ReplyDelete
  10. යකෝ දැන් ඉන්න පොඩි උන් දන්න දේවල් මම තාමත් දන්නේ නෑ ඔය ලව් ගැන o_O

    ReplyDelete
  11. හපොයි දෙයියනේ බාළ පරපුර සීග්‍රයෙන් දියුනුව කරායන හැඩයි නේ...මටත් කියන්න තියෙන්නේ "රූප පෙට්ටියක් කල හදියක්"

    ReplyDelete
  12. යකෝ මුං 3, 4 වසරට ඇවිත් කියයි...
    අම්මේ මං අරයව බැන්දා...මේ හනිමූන් ගිහින් එනගමන් කියලා...

    ReplyDelete
  13. කාල වරෙංකෝ ! දැං ඉන්න පොඩි එවුවෝ එක්ක හැප්පෙනවා බොරු ..

    ජයවේවා !!

    ReplyDelete
  14. විද්‍යාවෙ දියුණුව තමයි ඉතිං

    ReplyDelete
  15. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ + දියුණවෙන පොඩි එකෙක්.. ඌට මගේ උණුසුම් සුබපැතුම් දිගු ගමණකට... හිහ් හී..

    ඉලංදාරියා කියලා තියෙන එකනම් හරියටම හරි...

    ReplyDelete
  16. අයියාලා... අක්කලා ....පොඩි හෙල්ප් එකක් ඉල්ලන්නයි මේ අවේ ,,
    මම පොඩි මලයෙක් ,ඉතින් පොද්දී ආසවකටත් එක්ක වගේ බ්ලොග් එකක් ලියන්න පටන්ගත්ත...පුලුවන්නම් හොද නරක කියල පොඩි හෙල්ප් එකක් දෙන්න ....
    http://tikirimalli.blogspot.com

    ReplyDelete
  17. හුහ්.
    මල කෙලියයි. :D

    ReplyDelete
  18. හප්පේ පොඩි උන්ගේ තරම , ඔන්න අදයි ඔයාගේ බ්ලොග් එක පැත්තට ආවේ , කට්ටියව අද දැකගන්නත් පුලුවන් උනානේ , මේ මගේ එක , ඒ පැත්තටත් එන්න හොදේ..

    http://sith-nivalana.blogspot.com/

    ReplyDelete
  19. @සෝරෝ - හ්ම්ම්ම්..

    @පූසා - හික්ස් :D

    @මම - නැතුව නැතුව

    @හසියා - ඔව් ඔව් අද හෙටම ඒකත් වෙයි..

    @හිස් අහස - ඔව් අපි නිකම්ම ලොස්..

    @Praසන්ன - හ්ම්ම්ම්..

    @ ළමයා - නැතුව නැතුව

    @~පණ්ඩිතයා~ - ඔන්න ගොඩ උනා ඒ පැත්තටත්

    @Madhawa - හික්ස් :D

    @බුද්ධික කසුන් - අදුනාගන්න ලැබීම සතුටක්... ඒ පැත්තටත් ගියා මම.

    ReplyDelete
  20. Dan kaleee hedena aun badeedi ma pehila.....

    - Hashan Randika Dias-

    ReplyDelete
  21. නියම කථාව අයියා.. #පහර

    ReplyDelete
  22. හෆොයි...!!!
    ටිකිරි ජනතාව දියුනු වෙලා තියන තරං..!!!
    මට නං ඔය කාලේ ආදරේ කියන වචනේ ලියා ගන්නත් බෑ මං හිතන්නේ...හී හී හී
    :n

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...