Monday, January 10, 2011

෴ පාළුව෴



හැමදාම තරු පිරිලා
තියෙන අහසේ
අද එක තරුවක් අඩුයි
දහසක් තරු එළිය 
තිබුනත්,
එකම එක දීප්තිමත් තරුවක
එලිය නැතිව
මුළු අහසම
අමාවක රෑක වගේ 
අඳුරුයි.....

ප.ලි - හිටිගමන් ලොකු පාළුවක් තනිකමක් දැනුනා.... හිතට ආපුදේ තමා මේ..ගැලපීමක් නැද්ද මන්දා...

8 comments:

  1. අ‍නේ මංදා අක්කි‍යෝ......
    අක්කියා ලී‍වේ ම‍ගේ හිතද මංදා....... :'( :'( :'( :'(

    ReplyDelete
  2. ම්.........ඔහොම දවස් තියනවා.මෙහෙමවත් ලියල හිත සැහැල්ලු කර ගන්න එක හොඳයි.
    ඔය ගලපල තියෙන්නෙ අපූරුවට......

    ReplyDelete
  3. මේ මක්කැයි හැමෝටම පාළු දැනිලා......... හා පැටික්කිත් කියලා තිබ්බේ පාළුයි කියලාo_O

    ReplyDelete
  4. මටත් පහුගිය දවස් ටිකේ ඕකම දැනුනා .. මොනව කොරන්නද . අපි ඉතින් කොල්ලෝනේ මම ඉතින් ලෝකෙට හොරෙන් පාලුව විඳ ගත්තා

    ලස්සනයි

    ජය වේවා !!.

    ReplyDelete
  5. දැන් එතකොට කවුද ඔය තරුව :D

    ReplyDelete
  6. @හා පැටික්කි - අනේ මන්දා හාවියේ.. :/

    @dinesh - ස්තුතියි සහෝ..!

    @Praසන්ன - ස්තුතියි අයියේ...!

    @පූසා - හ්ම්ම්.. ලගින් ඉන්න අය නැති උනාම පාළු දැනෙනවා තමා අනේ..

    @හිස් අහස - හ්ම්ම්..... ඔයාටත් ජයවේවා...!

    @Hasitha ජයසූරිය - එදා ඔයා දැක්ක තරුව තමා අනේ... නොදන්නවා වගේ අහන හැටි :P

    ReplyDelete
  7. හ්ම්... ගලපලා ගලපලා ලියාලා ඉවර වෙලා, පස්​සේ කියනව ගැලපීමක් නැහැයි කියලා. අනේ අනේ....

    ඔයාට නම් හරියට ගැලපිලා නෑ වගේ වුනාට අපිටනම්, ලස්සනට ගැලපිලා තියෙනවා නංගියේ.

    ReplyDelete
  8. දහසක් දෙනා අතරේ හිටියත් සමහර වෙලාවල් වලදී පාළු දැනෙනවා...

    ලස්සනයි කව්පෙළ

    ජය වේවා...!!

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...