Friday, January 28, 2011

෴මෙහෙමත් ෆීල්ඩ් සර්විස් ෴


මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියන දෙවනි පෝස්ට් එක...

මේකනම් අපේ අයියා මට කියපු කථාවක්.මේක වෙලා තියෙන්නේ අපේ අයියාගේ යාලුවෙක්ගේ යාලුවෙක්ට..අපි මේ අයියාට කියමු ධනූ කියලා.. ධනුට හිටියා ගැණූ ළමයෙක් එයා හිරූ.ඔන්න ඉතින් දැන් මෙයාලාගේ සම්බන්දේ නැගලා යනවා..ඔහොම කාලයක් ගියාම ධනූට ඕන වෙනවා හිරූලාගේ ගෙදර එන්න.. එත් ඉතින් එකපාරටම එහෙම එන්න බෑනේ.. මෙයාට රස්සාවකුත් නෑ.. ගෙදරින් පන්නයි එහෙම ගියොත්. ධනූ ඉතින් දහ අතේ කල්පනා කරල කරලා කරලා බැරිම තැන මෙයා ගියා මෙයාගේ යාලුවෙක් හම්බ වෙලාවත් විසදුමක් ගන්න.මෙයා ඉතින් දවසක් චුටිවත්(ධනූගේ හොඳම යාළුවෙක්) එක්කන් ගියා  බන්ඩිව හම්බවෙන්න.. ඉතින් දැන් කට්ටියම කථා බහ කරලා අන්තිමේ තිරණයක් ගත්තා හිරූගේ ගෙදර යන්න..



ඔන්න ඉතින් දවසත් ආවා මෙයාලා යන්න හදන්නේ ප්‍රසිද්ධ ෆෝන් කම්පනියක ෆිල්ඩ් සර්විස් එන කට්ටියක් වගේ.. බන්ඩි ෆොන් වැඩ වලට දක්ෂයා.. චුටිත් ඉතින් ඔවරෝල් එකක් එහෙම ඇදගෙන වැඩේට ලෑස්ති උනා..
ධනූත් ටයි පොල්ලක් එහෙම දාලා මෙයාලාගේ සුපර්වයිසර් විදියට හිටියා..එතකොට ඉතින් ලකුනු වැටෙනවානේ.ඔන්න ඉතින් කොහෙන්දෝ වෑන් කට්ටකුත් සෙට් කරගෙන, අර  ෆෝන් කම්පනි එකේ වැඩ කරන යාලුවෙක් දුන්න බෝඩ් ලැල්ලකුත් එල්ලගෙන හිරූගේ නිවස බලා  මෙයාලා දැන් ගමනේ යා..යන්න කලින් හිරූට කියලා ගෙදර ෆොන් එකේ අර පිටිපස්සේ තියෙන වයර් එක ගලවන්න කියලා කාටවත්ම නොපෙනෙන්න.. කෙල්ලත් ෂෙප් එකේ වැඩේ දීලා දැන් ඉතින් ෆෝන් කම්පනියට කෝල් කරන විදියට ධනූටත් කෝල් කරලා මග බලන් ඉන්නවාලු.. කොහොම හරි හිරූයි එයාගේ අම්මායි විතරයි එදා ගෙදර ඉදලා තියෙන්නේ.. දැන් ඉතින් අපේ කස්ටියක් ගෙදරට ඇවිත් ඇඩ් එක දාගෙන වැඩේ පටන් ගත්තාලු.. අනේ ඔතින් ධනූගේ වෙන්ඩ නැන්දම්මාත් බීම එහෙම හදලා දෙනවලු..දැන් ඉතින් අපේ අයියලා සෙට් එකත් ෆොන් එක මස් කරගෙන බොරුවත වයර් වල පාට, සයිස්, අනං මනං බල බල ඉන්නවලු.. ධනූ පුටුවකට වෙලා හිරූගේ අම්මාත් එක්ක කථා කරනවාලු..

"මොකෝ පුතේ වෙලා තියෙන්නේ?"

"මේකයි ඇන්ටි මොකක් හරි ඇතුලෙන් කේස් එකක් තියෙනවා. අපි මේ ෆොන් එක ගෙනියන්නේ නැතිව මෙහෙ ඉදන්ම හදන්න පුලුවන්ද කියලා තමා බලන්නේ.."

හ්ම්ම්...

කොහොමින් හරි ඉතින් කට්ටියම පැයක් විතර බොරුවට දඟල දඟල ඉන්නවාලු.ටික වෙලාවකින් මෙයාලාට ඇහෙනවාලු ජීප් එකක් එන සද්දයක්..  කට්ටියටම හීන් දාඩිය දැම්මාලු..

ඔන්න ඉතින් ජීප් එක මිදුලටම ආවාලු.. කට්ටිය ෆුල් හොල්මන් වෙලා ගල් ගැහිලා ඉන්නවාලු.. මෙන්න එනවලූ තරු 5ක් 6ක් ගහ ගත්ත පොලිස් මාමෙක් දිලිසි දිලිසි..

"ආ.. කවුද මේ කට්ටිය"

"අපි මේ XXX එකෙන් අපිට කෝල් එකක් ආවා ෆොන් එකේ අවුලක් කියලා.චෙක් කරලා බලන්න ආවේ."

"ආ දැන් හරිද වැඩේ?"

"හරි, ෆෝන් එක දැන් සෙට්ල් කලා.. දැන් වැඩ.. අපි එහෙනම් ගිහින් එන්නම්.."

"ඕකේ"

අයියලා සෙට් එක හිමින් සීරුවේ වෑන් එකට නැගලා අවිත්..ගෙදර ඇවිත්  හිරූට කෝල් කලා

"කවුද  ඒ ආවේ ඔයාලගේ නෑදෑ කෙනෙක්ද?"

"නෑ ධනූ ඒ අපේ තාත්තා.."

ඒ අවස්ථාව බන්ඩියාගේ වචනයෙන්..
"යකෝ මන් ජීවිතේට ඒතරම් ස්පීඩ් එකකින් ෆෝන් එකක් සෙට් කරලා නෑ.. මන් හිතුවා බඩුම තමා කියලා.බලපන් මං හිතුවේම අපිව මාට්ටු වෙයි කියලා.නොදකින් අර ධනුවා ඌ දැන ගන්න එපැයි මාමණ්ඩියා පොලිස් කාරයෙක් කියලා.."


ප.ලි -  මේ කථාව ඇදිලා ආවේ අපේ අයියාත් මේ දවස් වල ඔය වගේ වැඩක් කරන්න හදන නිසා.. ඊට පස්සේ ධනූගෙයි හිරූගෙයි කථාවට මක් උනාද කියලා නම් මං දන්නේ නෑ..

17 comments:

  1. හෙක් හෙක් හෙක්....නියමායි.... :e :t

    අලියටත් කියන්න මාමණ්ඩි මොනවගේ කෙනෙක්ද කියලා චැක් කොරලා යන්න කියලා.:r හික් හික් නැතිනම් ඉතිං අලියා බලන්න පින්නවල අලි අනාථාගාරයට තමා යන්න වෙන්නේ.....‍ :n :s
    හික්ස් විත් ලොල්ස්.... :q

    ReplyDelete
  2. හක් හක් හා... :D :D මරු.. :-D

    ReplyDelete
  3. :q :q :q :q හලේ හම්මේ......... ධනුවා මාරයිනේ.......

    ReplyDelete
  4. හේ හේ ෆට්ට හසී....තාමත් හිනා යනවා මට....

    ReplyDelete
  5. ෆිල්ඩ් සර්විස් !!
    මරු අයිඩියාස්මන්ට් එක මාත් ඕක කොරල බලන්න ඕන ...
    හැමතැනම පොලිස් කාරයො නැතුව ඇති නොවැ..
    හිකිෂ්

    ReplyDelete
  6. මරු.....http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5Erq8lDI/AAAAAAAAAes/QbTAttDFClA/saamgeadaviya.blogspot%20%283%29.gif
    ඕක උනේ අයියටම නෙවෙයි වෙන්න ඇති නේ..http://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5E8ugZ4I/AAAAAAAAAe0/T_9lNRHQbKc/saamgeadaviya.blogspot%20%285%29.gif http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr5aovbRqI/AAAAAAAAAfQ/ogr9sZy5buM/saamgeadaviya.blogspot%20%2812%29.gif

    ReplyDelete
  7. මේ අපේ හසිට වුනු තවත් අකරතැබ්බයක්. අනිවා ඩෙෆා. මේයා මේ හිරු කියල ලියල තියෙන්නනෙ හසී කියල ලියන්න බැරි නිසා. අලේ... වැදේ මාත්තු!! :D

    ReplyDelete
  8. ඊට පස්සෙ ෆෝන් එක හදන්න ඇත්තම ෆෝන් කම්පැනි එකෙන් එන්න ඇති නේද? :f

    ReplyDelete
  9. හෙහ් හෙහ් ෆට්ට සීන්z එක :b

    ReplyDelete
  10. කෙල්ලගේ ගෙදරට යන්න ඔච්චර ගේමක් දෙන්ට ඕනෙද? :j

    ReplyDelete
  11. @හසියා - හි හී අලියා නම් මාමණ්ඩි ලඟින්ම ඉදගෙන ඉදලත් ඇවිත් තියෙනවා..:b ඒ මාමාණ්ඩි ෂේප් වගේ.. :e
    අලියාට කොයි වෙලාවෙත් මගේ සප් එක තියේනේ...:g :g හැබැයි වැඩේ කියන්නේ මිනිහා මාවත් ඒපැත්තේ එක්කන් යන්න තමා හදන්නේ.. :n :n

    @Bugs Bunny - :e :e

    @හා පැටික්කි (MS)- ඒකනේ කියන්නේ :c :c

    @TiTu වාගෙ අටුවාව - එලකිරි :q :q

    @DK - පරිස්සමින් කරන්න සහෝ :b :c

    @nextstepcherub - එකනේ කිව්වේ, අයියා කරන්න යනදේ කලාම මං ඒ කථාවත් කියන්නම්කෝ.. :d :c :c

    @..ChAnDiKa.. - අලේ යල්ල අලේ.... එයා අපේ ගෙදර ඇවිත් තියේ හැබැයි ඔහොම හොරෙන් නෙමෙයි..යාලුවෙක් වත් නැතිව තනියම අපේ අම්මා තාත්තා දෙන්නම ඉන්න වෙලාවක.. :i :i :m :m

    @Praසන්ன - ඔව් එකනම් ඇත්ත බන්ඩියා කලබලේට වයර් මාරු කලාද දන්නේ නෑනේ :q :q :q

    @ජේ.ඩී - :b :q :q

    ReplyDelete
  12. හෆ්ෆා ! :f වෙලාවට ජාමෙ බෙරන් ඇවිත් නෙද? :t :p





    my blog- http://pinthura.info

    ReplyDelete
  13. අප්පොස්සියේ ඈඬෙන සීන් එකක් වෙන්නේතව ටිකෙන්........... :c

    ReplyDelete
  14. he he heeeeee....ela kiri.. :a

    Prasa

    ReplyDelete
  15. අයියද නංගිද දන්නේ නෑ?

    ReplyDelete
  16. මෙන්න මෙයා බොරු කියනවෝ. පොලිසියේ මාමලාට තරු තුනමයි හම්බවෙන්නේ....................

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...