Thursday, March 10, 2011

෴ අහෝ දුකකි, සිරගතවී සිටිමී - 1 ෴


සකල සිරින් පිරි සිරි ලංකාවේ
කොළොම්පුරට ආසන්න නගරෙක
සතුටින් සාමයෙන් ජිවත් වෙන කලෙක
කඩාපාත් වුනි හෙනයක් මා ජිවිතයටා

ගෙවල් දෙකකට එහායින් වෙසෙනා
අපේ නෑදෑ කෙනෙකුගේ පුතුන් හටා
කොම්පූටර් දැනුමක් ලබා දෙන්නටා කියා
මාගෙන් ඉල්ලිමක් කර තිබුනා

දන්නා දැනුමක් තවකෙකුට ලබාදී
පිනක් දහමක් කරගන්නා අරමුණිනා
ගෙදරට වී කාලයා කා දමනා නිසාද
පටන් ගතිමි දිනයක් දා පන්තියක්

ඩෙස්ක්ටොප් අයිකන්,ෆොල්ඩර්ස්, ඉමේජස්
ඒකි නොකී මේ සියලු දේවල් හදුන්වා දුන්නා
ආසාවෙන් ඉගෙන ගන්න බවක් දැනුනා
හොඳ හැටි දන්නා දේ කියලා දුන්නා

දිනයක් දෙකක් ගෙවීගියා
සිස්සයා හොදින් ඉගෙනත් ගන්නා
මාහද සතුටින් ඉපිලි යන්නා
හොදින් ශිල්ප කියලා දුන්නා

සතියක් පමණත් ගෙවී ගියා
පාඩම් වැඩ කෙරීගෙන යන්නා
දිනක් සිදුවුනි නොවිය යුතු දෙයක්
එන්.එෆ්.එස් ගෙමක් හසුවුනි සිස්සයටා

අක්කේ අක්කේ මේ මොකක්ද
අසමින් මේකා වද දුන්නා
ඒක මේ ගේම් එකක්නේ
කියලා මා බේරී සිටියා

කුතුහලයත් වැඩීවී සිස්සයටා
ගේම් එක හැම වෙලේම පෙන්වමිනා
අනේ අක්කේ ගේම් ගහන්නද
නිතරම කෑ කෝ ගැසුවා



ඊට පස්සේ මොකද උනේ දැනගන්නම ඕනිනම් රැදී සිටින්න හසිගේ සිතුවිලි සමග....

෴ අහෝ දුකකි, සිරගතවී සිටිමී - 2 ෴

16 comments:

  1. අහෝ දුකකි ඉරකි තිතකි‍‍‍.....සිස්සයාගේ අභාග්‍ය.... :s

    මේ ඇත්තටම ඒ සිස්සයට වෙන ටීච කෙනෙක් උන්නේම නැද්ද ආ.... :r :s :p

    බලං ගියහම බ්ලොග් ලියන් කාන්තා පාර්ශවය බහුතරේ ටීචලනේ... :a :p

    ඕනිවට වඩා ඕනිම දෙයක් ඕනිම නෑ කියන්නේ ඕකනේ....සිස්සයා අතේ දුරින් තියාගතයුතුය...අහල නැද්ද පරණ පුස්කොලපොත්වල තියෙන කියමන් මේවා....:r :q

    ReplyDelete
  2. හිහ් හිහ් මරු සිස්සයා............. හික්xxxxxx ;)

    ReplyDelete
  3. වෑඩ වෑරදුන හෑටි....

    බලමු එහෙනම් 2 සිරගත වීම

    ReplyDelete
  4. ඉක්මනට ඊ ගාව එනත් ගියන්න ....

    ReplyDelete
  5. දුක තමා හසියෝ ඉල්ලගෙන කනවා කියන්නේ ඕවාට තමා
    :n

    ReplyDelete
  6. ගේම් එකට ලොල්වීලා
    සිස්සයා මන් මත් විලා
    ක්ලාස් එකට තිත තියලා..

    සිරගත වුනේ කොහොමද එතකොට :c :c :c

    ReplyDelete
  7. ගුරෙක් උනහම හැම දේම කියා දෙන්න ඕන..අනික ඔයාටත් ලේසී..ආයේ වෙන මුකුත් උගන්නන්න ඕන නැහැ..මිනිහා ගේම් ගගහාම ඉඳි..ආයේ ගෙදර ගිහින් කියන එකක්යෑ ගේම් ගහනවා ඇර ඉගෙනගන්න දෙයක්නං නැහැ කියලා

    ReplyDelete
  8. @හසියා - සිස්සයාගේ නෙමෙයි මගේ අභාග්‍ය :s :s

    @ජේ.ඩී - හික් හික් තමා :s :s

    @ඉලංදාරියා - නැතිව නැතිව ඉක්මනින් දෙවන කොටස දාන්නම්කෝ.. :c :c

    @ශාමින්ද - මොකෝ මේ අකුරු පටලවගෙන හික් හික් :c :c

    @Angel - කියලා වැඩක් නෑ.. :n :n හොඳ හොඳ සෙල්ලම් පසුවට :r

    @පබලු - සිරගත උන හැටි ඊළඟ කොටසෙන්.. හික් හික් :c

    @මාරයා - අනේ ඔව් අයියේ... මට කියනවා, අක්කේ.., මං ගේම් ගහනවා කියලා අම්මාට කියන්න එපාලු.. :a ඉගෙන ගත්ත ටිකත් දැන් මේකාට මතක නෑනේ.. :h මට තමා අන්තිමට දෝෂාරෝපණ අහන්න වෙන්නේ :n :n

    ReplyDelete
  9. Meka gurage awanaduwak wage... :D

    ~ChAnDiKa~

    ReplyDelete
  10. ඊට පශ්ශෙ මොකද උනේ දන්නවද ඔයා ?
    දන්නෙ නැනෙ.. :P

    ReplyDelete
  11. අපෝ ඔවා චීචගේ වැලඩ් :q

    ReplyDelete
  12. ඉතිං ඊට පස්සේ????? :)

    ReplyDelete
  13. පවු අෂරණ සිස්සයා................ :D

    ReplyDelete
  14. අනේ අපොයි ඒ කොලු පැටියා

    ReplyDelete
  15. අපේ ඉන්ස්ටිටියුට් එකේ රැකියාවකට හසී කදිමයි !

    ReplyDelete
  16. @ChAnDiKa - ඉතිරියත් බලන්නකෝ අයියේ.. :s :s

    @Bunny - ඊට පස්සේ සිරගත උන හැටි කියනවා මං බලන් ඉන්නකෝ :c :d

    @පූසා - :s :s :s

    @කොට ජීවිතේ - ඊට පස්සේ මම සිරගත උනා.. :s මේ පැත්තට ගොඩ වැදුනාට ස්තුතියි අක්කේ :b

    @සෝරෝ - මම පවු නැද්ද.. :s :s

    @Hasitha ජයසූරිය - එතකොට මං.. :s :s

    @හිස් අහස - හික් හික්.. අපෝ මෙහෙම සිස්සයෝ මට එපෝ :n :n

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...