Friday, April 29, 2011

෴එය එසේ සිදුවිය෴



පහුගිය දොහේ අපේ ලොක්කාගේ වෙඩිම තිබ්බාය.අපිත් මහත්සේ සන්තෝසයෙන් එයට සහභාගි වුනෙමි..මන්ද යත් අවුරුදු 38ක් තිස්සේ තනිකඩව සිටි ඔහු හිරේ විලංගුවේ වැටීම ඔහුගේ දෙමාපියන්ගේ එකම අභිලාෂය වූ බැවිනී.
දුරු කතර ගෙවාගෙන පසුගිය හෙනනුරාදා හවස් ජාමයේ අප බෙලි අත්තට පා තැබුවෙමි..වෙන්න නෑනා විසින්ම සොයාදුන් හෝටලයක අප රාත්‍රිය ගත කරන ලදී.. ශනි දින උදෑසනම මනමාලිගේ නිවසට ගොස් හවස් ජාමයේ අප ඇයවත් කැන්දාගෙන ලෑල්ලටම පාගා කොළඹට පැමිනියේ සුනාමි එනවායැයි බියෙන් නොවන්නේහිය.ලොක්කාව අමාරුවේ දැමීමට මූලික අඩිතාලම දැමුවේ අපේ තාත්තාගේ අයියා කෙනෙකුගේ පුතෙකි..අපි ඔහුට ජයශ්‍රී කියමු.ඒකාද විලංගුවේ වැටීමට තෝරා ගත්තේ දකුනු පලාතයි. (මටත් ඒ දෙසටම යන්නට වන්නේය. හික් හික් )
අපේ ලොක්කා කිසිදු යොජනාවකට කැමති නොවී අවුරුදු 38ක්ම සතුටින් ගත කලද,අර ජයසිරියා විසින් මහත්සේ ප්ලැන් කල උගුලෙහි වැටුනේය.ඒ මෙසේයැ..
ජයසිරියා සැත්කමක් සඳහා රෝහල් ගතකොට නිවසට පැමිණ  විවේක සුවයෙන් පසුවන අවස්ථාවක මේකා ගෙදර ෆෑන් එකේ වයර් එකක් බුරුල් කලේය..එය සාදා දීමට ලොක්කාට කියුවිට අසනීපෙන් ඉන්න මනුස්සයානේ කියා ලොක්කා එහි ගොස් ඇත..එවිට ජයසිරියා අපේ නෑනා පොඩ්ඩව ලොක්කා වැඩ කරන තැනින් එහාට මෙහාට යාමට සලසවන ලදී.ඊට පසු එදිනම හෝ පසුදින(හරියටම මතක නැ )ජයසිරියා විසින් මෙහි පැමිණ අර කෙල්ලට කැමතිද යන්න ලොක්කාගෙන් අසන ලදී.ලොක්කට මහත්සේ පෙරෙත්තකොට බෙලි අත්තත බැලීමට යාමට කැමති කරගන්න ලදී.කෙල්ලද ලස්සනය,හොඳය..කරදරයෙන් බේරීමට ලොක්කා කැමැත්ත දී ඇත.ලහි ලහියේ සූදානම් වූ වෙඩිම අවසාන වූයේ සැමගේ සිත් පිනවමින්ය...අපට ලොකු නෑනෙක් ලැබුනේය.. ඇය හොඳය...
ඊයේ ජයසිරිගේ බිරින්දෑ මෙහි කරක් ගසන්නට පැමිනියේ අලුත් ජෝඩුවට කෑමකට අරාධනා කරන්නටය.ඒ අස්සේ තවත් වෙඩිමක් සෙට් කරන්නට මාන බලන ලද බව පසුව මට ආරංචි විය.ජයසිරිලාගේ නිවස කිට්ටුව වෙසෙන කසුන් නම් වූ බේබද්දාව මට ජෝඩු කිරීමට කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදු වෙමින් පවතී.. ඒකා අමු බේබදෙකි.. කෙල්ලන් පස්සේ ගොස් චාටර් වූ ඉතිහාසයක් ඇත්තෙකි.. ඒකාට රජයේ රැකියාවක්, ඉන්න හිටින්නට ගෙයක්, තවත් ඉඩකඩම් රාසියක් ඇති බව කියා ඒකා මට සෙට් කරන්නට ජයසිරි යුවල සැරසෙන බව කලින් සිටම මට දැනුනී.. ඊයේ රාත්‍රියේ අපේ ලොකු අක්කා පැවසූ ආකාරයට අපේ ගෙදරින් අසන්නට ඔවුන් බලා සිටින බවක් දැනගන්නට ලැබුනී.මෙයනම් ජයසිරියාගේම කුමණ්ත්‍රණයක්මැයි....ජයසිරියා වාහන වල යෑමට බියක් දක්වයි(ඒ කථව වෙනම පෝස්ට් එකකින් බලාපොරොත්තු වන්න ).. මාගේ අදහස සුදු වෑන් එකකින් ජයසිරි ජෝඩුව ඉස්සීමය... අපේ අයියා මෙය අසා බිම පෙරලෙමින් සිනා සෙන්නේය..අම්මාද තාත්තාමද එසේමැ.. නමුත් ඔවුන් කසුනාටනම් අකමැති වන බව මට සිකුරුය.. ඒ අස්සේ අපේ අයියගේ පැණියා නම් යහලුවෙකු මාහට ජෝඩුකරන්නට අයියා සැරසේ.. 


26 comments:

  1. මෙය වයසේ වැරැද්දය :b

    ReplyDelete
  2. අපිටත් එහෙනම් කේක් හම්බ වෙයි ලඟදිම :-D

    ReplyDelete
  3. හසී නගෝ..... මම කියන්නද වැඩක්.... සුදු පුංචත් එක්ක පැනලා පලයන්.... පනින්න බැරිනම් ඇවිදගෙන යන්න....!

    ReplyDelete
  4. දුක තමා අෆ්ෆා....... :s

    ReplyDelete
  5. පොඩි එකී අසරණ වී ඇත බව පේනේ. මෙන්න පොල් කටුව සහ ඉටි පන්දම. :a

    ReplyDelete
  6. සුදු පුංචත් එක්ක පැනලා යන්න

    ReplyDelete
  7. ඔය අඩියක් පුඩියක් ගහන එවුන්ගෙ හිත හොඳය් කියල අහල තියෙනව, ඇත්තද මන්ද?

    ReplyDelete
  8. ඕං බලමු වැඩේ හැටි. දෙයියොත් ඉන්න අයටමනේ තව හොය හොයා දෙන්නේ :f
    :r අක්කට තියෙන්නේ සුදු පුංචා ගැන ගෙදරට කියන්ට. ගෙදරින් අකමැති වෙයි කියලා හිතලා පහු කළාට වැඩක් නෑ. අකමැති වෙනවනම් ඒක කොයි වෙලේ කිව්වත් එහෙම්මම වෙයි. හැබැයි කලින් කියලා තිබ්බාම අකමැත්ත ටික ටික අඩුවෙලා පස්සේ කාලෙක අකමැත්තෙන් හරි කැමති වෙන එක බොහෝ විට වෙන්ට පුළුවන්.

    ReplyDelete
  9. දෙන්න එක්ක පැනලා යන එකයි තියෙන්නේ. ඉන්න තැනක් අපිටත් කියලා, කේක් කෑල්ලක් එව්වොත් ඒ ඈති...

    ReplyDelete
  10. ලේසියි පහසුයි සුදු පුංචත් එක්ක හඳපානෙම ගියා නම්................ වියදමකුත් නැහැනෙ........

    ReplyDelete
  11. මං කියන්නං වැඩක් . .. . මනමාලය නගාව බලන්න ගෙදර එන්න දවස් දෙක තුනකට කලිං ඉඳං අමුවෙං සුදුලූනු කන්න පටංගන්න . . . . මුලදි ටිකක් අමාරු තමයි . . . ඒත් ඔය පුසුඹ ගෑනු ලමයෙක්ගෙං හමද්දි . . . . මොන යකෙකුටවත් ඉන්න බෑ . . . ආපු තැනටම දුවනව . . . .
    අත්දු‍ටුවයි . . . ප්‍රත්යක්ෂයි . . . . කවුරුවත් තරහවෙන්නෙත් නෑ . . . . . වාත අමාරුවටත් හොඳයි . . . .

    ReplyDelete
  12. අක්කේ අපි අර කථා වුන වැඩේ ලෝකේ විනාශ වෙද්දි,ඒක දැන්ම කරන්න වෙයි වගේ ඔයාටනම් :d විහිලුවක් කළේ මෝඩ වැඩ එහෙම කරන්න යනවා නෙමේ....:h

    ReplyDelete
  13. කොරන්න දෙයක් නෑ නගා සුදු පුංචා ගැන ගෙදරට කියන්න. බෑ කිව්වොත් පෙරලි පෙරලි අඩන්න. සුදු පුංචගේ හොදම කියන්න. කෝම හරි ගෙදර අයට සුදු පුංචා එක්ක කථා කරවන්න සලස්සන්න. ඒම කැ ගන්න පුළුවන් උ‍නොත් ඉතිරි ටික සුදු පුංචා අනිවා දන්නවා. අත් දැකීමෙන් කිව්වේ. වැඩේ ගොඩ යන්න කියලා ප්‍රාර්ථනා කොරනවා.

    ReplyDelete
  14. දකුණට ඇවිත් අපිට නොකියම ගිහින් තියෙන්නේ.ඔහොම හොදද මන්දා.යන එන ගමන් වෙඩින් කේක් කෑල්ලක් දීලා ගියා නම් නරකද මන්දා.

    බිය නොවන්න හසී නගේ...සුදු පුංචා ගැන නිවි සැනසිල්ලේ වෙලාවක් බලලා අයියට කියන්න..අයියා හිමිට වැඩේ ගොඩ දාල දෙයි.. :) :)

    ReplyDelete
  15. Come or go chicago කියල tell the home,heh, heh,

    ගෙදරට කියලම බලන්න අර කිව්වත් වගේ,මොනව හරි වෙන්නෙ නැතෑ,

    ReplyDelete
  16. පිස්සියෙක් වගේ මූන පුරා ලිපිස්ටික් ගාගෙන .ඉන්න .

    මේ අක්කේ ඔයාලා පැනලා යනවානම් ඊට කලින් පෝස්ට් එකක් දාන්න හරිද ? නැත්තම් අපි දන්නේ නෑනේ

    ReplyDelete
  17. දයාබර බ්ලොග් සාමාජික සාමාජිකාවනී, හසී නඟාගේ සහ සුදු පුංචාගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬනැඟීමට වහාම එක්වෙයව්....
    මේ පිළිබඳ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ රංග අයියාගෙන් සහ මාරයාගෙන් උපදෙස් ලබා ගත හැක... (උදා:හසී නඟාගේ නිවෙස ඉදිරිපිට මහා බ්ලොග් උපවාසයක් ආරම්භ කිරීම..)
    බයවෙන්ඩ එපා හසී න‍‍ඟේ... ක්‍රියාවෙන් බැරි වුණත් වචනයෙන් හරි අපි ඔයත් එක්කයි...

    ReplyDelete
  18. හනේ හනිච්චං තියෙන කරදර.

    අධිරාජ්‍යවාදී ජයසිරියාට විරුද්ධව පෙළ ගැසෙමු!!!

    හසී අක්කාගේ අයිතිවාසිකම් සුරකිමු!!!

    හසී අක්කාට අත නොතබනු!!!

    මෙන්න තේමා පාඨ 3 :))

    ReplyDelete
  19. ඈ හසී, මේ දවස්වල සිකුරා කොහේද?

    අර කිව්වත් වගේ හිරේ විලංගුවෙ වැටෙනවනං ආයෙ ඉතිං දකුණම තමයි. අත්දැකීමෙන් කියන්නෙ ඕං.....

    ReplyDelete
  20. ඒවා කොහෙද අපිත් එක්ක...ජයසිරි මලසිරි කරනවා....ආවා මෙතන පවුල් කඩන්න....ඕකට සුදු වෑන් බැරිනම් කළු වෑන් එකකින් හරි වැඩේ දෙමු...නැතිනම් දෙකක් අනිමු..මං දන්න එකෙක් ඉන්නවා මිනිහට බෝතලයක් දුන්නාම වැඩේ කචල් නැතිවෙන්න ශේප් එකේ ගොඩදාලා දෙයි...මිනිහගේ නම මඩයා...අහලත් ඇති...ඕකගේ ගෝලයෙක් ඉන්නවා වැපා කියලා.ඌනම් කෝමත් චා....
    ඒවයින් වැඩක් නෑ...කෝමවුනත් අපේ හසී නඟාගෙයි සුදු පුංචාගෙයි වෙඩිම ස්ථීරයි....දැන්ම දිනයක් දාගනින් කෙල්ලේ....

    ReplyDelete
  21. දැම්මම කියල තියන්න.. ඊට පස්සෙ කාලයාට ඉඩ දීල ඉන්න තමයි තියෙන්නෙ.

    ReplyDelete
  22. @DarKneT | ඉෂාර - ඒකත් එහෙමද? :c

    @සසීන්ද්‍ර වීරසිංහ - :s :s

    @ම - අමාරුවේ වැටෙනවාට ආසයිනේ :s

    @දුමී - :r හි හි ඒ අදහස නරක නෑ.. එත් කොහේ කියලා යන්නද? :n :n

    @Hasitha ජයසූරිය - :n :s

    @shanu - යේක තමයි අෆ්ෆා.... :s

    @ChAnDiKa - තැන්කු අයියේ.... :e

    @සුළඟිල්ල | pinkie - :s :s

    @Helping To People - හ්ම්ම්... :s

    @Observer - මඩයාගෙන් තමා මාමේ අහලා බලන්න ඕන හික්ස් :q

    @පූසා - කියලා වැඩක නෑ පුශෝ... :s එක තමා ඉස්සරහාට කරන්න හිතන් ඉන්නේ... :b

    @prasanna86k - මේ ඔයාලගේ ගමේ ගෙදර අපිට ඉඩක් නැටි වෙයිද? :r

    @කල්හාර දිසානායක - කියන්න ලේසියි කරන්න අමාරුයි.. :n

    @ඕනයා - හික්ස් :b

    @මලිති - මටත් ඕක කල්පනා උනා නගා එත් එක දැන්ම කරන්න බෑනේ :s :s

    @ශාමින්ද - තැන්කු අයියේ....:b ඉස්සරහට එහෙම කරනවා :c

    @පබලු - අලේ මට ඔයාව අමතකම උනා සුදු අක්කියෝ..... :n හාවිටනම් කතාකලා.. කෝ ගෙදරට එන පාර කිව්වේ නෑනේ... :s :s

    හික් හික් අයියා ශේප්.... :b

    @Ravi - හ්ම්ම් අනිවා එක කරනවා තත්වය භයානක උනොත් :b

    @හිස් අහස - හික්ස් සදරුලාගේ ගෙවල් පැත්තට අපි එන්නද? :r

    @Jeew - තැන්කු අයියේ... :c මඩයා ආවොත් ඉතින් විනාසයිනේ :j

    @Hasitha - නියමයි මගේ මල්ලියාට තැන්කු :g

    @nawammawatha - අනිවා දකුනෙම තමා අයියේ...:b සිකුරා අනේ මන්දා... :j

    @හසියා - හෆොයි ඒ දෙන්නා ආවොත් වැඩේ ජෝන් බාස්ට ගියා වෙනවා හික්ස්... :j කොහොමද මඩයා බෝතලේම බිලා ජල්ලි දානකොට.. :h

    @තාරක Dilsh@n - හ්ම්ම් ඇත්ත.... බලමු ටික දවසක් :n

    හික් හික් වැඩේ එල මගේ සුදු නෑනා මගේ පැත්තේ... :b එයා කියනවා මට තව කල් තියෙනවලු.. උම්ම්ම්මා..... :g :g :g

    ReplyDelete
  23. වෙඩිම බෙලිඅත්තෙ ද තිබුනේ... හපොයි අපේ ගමේ ඉදන් හූවයි බල්ටි දෙකයි නෙව...

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...