උදේම නැගිටලා,
බස් එකේ ෆුඩ් බෝර්ඩ් එකේ
එල්ලිලා, තෙරපිලා
යන්තම් බස් එකෙන් බැහැගෙන
ටික දුරක් දුවගෙන
වෙලාවට ඔෆිස් ගිහින්...
ටෙන්ඩර්, පර්චස් ඕඩර්, කෝල්,
ටීටී, බිඩ් බොන්ඩ්, එල්සී
හර, බැර අස්සේ
දවසම ගෙවිලා...
පොතක් පතක් කියවන්න
නිදහසේ රස්තියාදුවක් ගහන්න
කෝ දැන් වෙලාවක්..
හෆ්ෆේ ජිවිතේ
ක්‍ෂය වෙලාම
යයි වගේ..
ප.ලි - මේක වගේම තමා මේ දවස් වල මගේ ජීවිතෙත් මෙලෝ රහක් නෑ.. සමහරු මට චෝදනා කරනවා කතා කරන්නේ නෑ.. පොස්ට් වලට කමෙන්ට් නෑ කියලා... මේ දවස් වල මගේ දවස ගෙවෙන හැටි ඉතින් දන්නෝ දනිති...
ඔහොම තමා මිනිස්සු කාලෙන් කාලෙට එක එක කතා හදා ගන්නවා බ්ලොග් පෝස්ට් නොලියා ඉදගෙන,,,, අපි නොදන්න හසීගේ වැඩ
ReplyDelete@ඩිලාන් - ආ ඇත්තද අයියේ.. මොනාද ඔයා දන්නේ ආ... :p
ReplyDeleteඅනේ නිකන් හිටු බොරු නොකියා.... වැඩ නම් අපි දැනගන්න එපැයි....
ReplyDeleteහප්පේ.... :j
ReplyDeleteඅප්පේ තවත් ක්ෂය උනොත්නම්...... :q
ReplyDeleteවැඩ වැඩි වෙලාවට ඔහොම කිව්වට ඔෆිස් ඒකෙ කිසිම වැඩක් නැතුව ඔහේ ඉදගෙන ඉන්න එක ඊටත් වැඩිය අමාරු වැඩක්
ReplyDeleteතව බොසත් කැමරාවකින් අපි දිහා බලාගෙන ඉන්නකොට කොහොමද ආතල් එක
අයියො සල්ලි.... අපිත් ඔය වගේ තමා
ReplyDeleteමිනිස්සුන්ගේ ජීවිත රස්සාවත් එක්ක වෙනස් වෙනවා..
ReplyDeleteඅඩේ හසී අක්කෙ.. මටත් ඔය වැඩ ටිකමනෙ.. TT,LC, Open Account, Suspended VAT, Proforma Invoice තව තියනව.. ඔයා දන්නව ඇතිනෙ.. හික් හික්.. ජීවිතේම පන් තමා.. :D
ReplyDeleteකාලෙන් කාලෙට එන වෙනස් කම්! ගණන් ගන්ඩ එපා. කොහොමත් ගණන් ගත්තක් වෙන කරන්න දේකුත් නෑනේ....
ReplyDeleteමේ දවස් වල මමත් හෙම බිසි....!
samahara welawata matat oya vidiyata hitanawa
ReplyDeleteඅය්යෝ තවත් ක්‍ෂය උණොත් ගන්න දෙයක් නැති වෙයි අක්කා බලාගෙන... :j
ReplyDeleteඔය වට්ටි ටිකනම් මටත් අහලා පුරුදුයි... :c
ReplyDeleteමටත් ඔය සෙතේමයි. මැෂින් එක්ක ඉදලා මැෂිමක්ම වෙලා.තව ටික දවසක් මෙහෙම ගියොත් නම් බෙල්ල කීබොඩ් එකේ. ඒ තරම් වැඩ. ඒත් ඉතිං මොක තිබ්බත් මම දවසට තුන්වරක්වත් බ්ලොග් එකට එනවා. නැත්නම් නිකන් හිතට හරි නෑ.
ReplyDeleteදුකයි තමා...මැරෙන්ඩයැ ඉතින්...
ReplyDelete:D පචෝරිස්!
ReplyDeleteමොනා කරන්නද හැඩොක්...ජිවිතේ ඔහොම තමයි..බිබිලි නගින බෙලි කටු කියල ඔහේ ඉන්න..ඉස්සර බස් රෙඩියො කරාපු බ්ලොග් ලියාපු කයිවාරු ගහපු කාලෙ වෙනස් වෙන එක පුදුමයක් නෙවෙ ජිවිතේ අනිත් හැමදේම වෙනස් වෙද්දි...ඉතින් අලුත් ජීවිත ගමනට පැන්ඩගෙ ලොකු හදවතින් සුභ පැතුම්
ReplyDeleteදැං තේරෙනව නේද රස්සාවක් කරනව කියන්නෙ වැඩ කරනවයි කියන එක
ReplyDeleteඇත්තට? Bill Gates වත් ඔච්චරම busy නැතුව ඇති . . .
ReplyDelete