Friday, June 4, 2010

අපේ සංසාරය දිගයි...

ඉගිළී ඔබ වෙතට එන්නට
සිතට හිතුනත් හැමවෙලේ
ඉගිලෙන්නට බැරි තරම් දුර
ඇයිද ඔබ මා හැර ගියේ

ලොවේ කොතනක කෙලෙස උන්නද
ඔබට සැප සතුටම පතා
උදේ අරුණේ පළමු සිතිවිල්ලෙන්ම
ඔබ පිළිබඳ සිතා

වසර ගණනක් වෙන්ව උන්නද
තවම මගේ ලෝකය ඔබටයි
නැවත හමුවෙමු
බැඳෙමු ලංවෙමු
අපේ සංසාරය දිගයි




17 comments:

  1. ඉගිලී මා වෙතට එන්නට
    වරම් ලැබ ඇත ඔබට අද
    නොදැන කිසිවක්
    ඔබෙන් ඈතට ඉගිලී ගියෙමි මම
    සසර පුරුද්දට හමුවී ඇත නැවතත්
    ඉඳින්
    බැඳෙමු ලංවෙමු
    අපේ සංසාරය දිගයි...

    ReplyDelete
  2. ලස්සනයි.

    ReplyDelete
  3. ස්තුතියි අක්කේ...

    ReplyDelete
  4. ලස්සන පද පෙළ....මටනම් හැබැයි කවි සිතුවිළි ලියන්න බෑ ඔන්න....නැත්නම් මාත් මේකට ගැලපෙන්න එකක් ලියනවා.....
    මොනාවුනත් ඔන්න මේ කවිය ලියපු කුරුල්ලාටයි, කවිය හොරකම් කරපු කිරිල්ලිටයි දෙන්නටම හදවතින්ම සුභ පතනවා...!!!

    ReplyDelete
  5. ඔහොම යමු එහෙනම්...

    ReplyDelete
  6. ගොඩාක් ස්තුතියි ඔයාලා දෙන්නාටම,මම එයාට කියන්නම්කෝ...
    හැබැයි මේක මුලින්ම කියවපු දවසේ මට ඇඩුනා. මට මේක කියවනකොට දුක හිතෙනවා..

    ReplyDelete
  7. හ්ම්.... අපිට ගොඩාක් ආදරේ කරන කෙනෙක්ට අපි නොදැනුවත්වම දුකක් දුන්නා කියල හිතෙනකොට ගොඩාක් දුකයි තමයි....ඒත් හැමදේම වෙන්නේ හොදටයි කියලා හිතාගන්න....දැන් ඉතිං දෙන්නට දෙන්න ඉන්නවනේ‍‍‍....... ;-)
    දෙන්නම ගොඩාක් සතුටින් ඉන්න...... :-D

    ReplyDelete
  8. ලස්සනයි අක්කේ... මගෙනුත් සුබ පැතුම් දෙන්නාටම!

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. හරිම ලස්සනයි හසි

    ReplyDelete
  11. හරිම ලස්සනයි හසී

    ReplyDelete
  12. ඔන්න එයා හැමෝටම ගොඩාක් ස්තුතියි කියන්න කිව්වා...

    @ හසියා - මට තාමත් හිතාගන්න බැරි එයා අවුරුදු 3ක් තිස්සේ හිටියේ කොහොමද කියලා..

    ළමයා,සෝරෝ,දිල් අක්කා,කඳුළු බින්දුව - ඔයාලා හැමොටම ස්තුතියි!!

    ReplyDelete
  13. ආව් ආව් එහෙනම් අපේ හසි අක්කරත් හරි වගේ

    ReplyDelete
  14. සංසාරේ දිගයි
    හමුවීම සැපයි
    වෙන්වීම දුකයි
    මේ කොයි දේත්
    අපේ හිත නිසයි

    හැමදාම සතුටින් ඉන්න!
    සුබපැතුම් සහෝදරී :)

    ReplyDelete
  15. කවුරු ලීවත් ...ලස්සනට පද බැදලා තියෙන්නේ...ඇත්තම ඇත්ත කතාවක්....

    ලස්සනම ලස්සන හිතක්..

    ReplyDelete
  16. @ හසිත - හික් හික්...

    @ ජංජාල චාමර - ගොඩාක් ස්තුතියි!

    @ ඉලංදාරියා - හ්ම්ම්... ඇත්තම ඇත්ත කථාවක් තමා...ලස්සන හිතකුත් තමා... ගොඩාක් ස්තුතියි!

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...