ඉගිළී ඔබ වෙතට එන්නට
සිතට හිතුනත් හැමවෙලේ
ඉගිලෙන්නට බැරි තරම් දුර
ඇයිද ඔබ මා හැර ගියේ
ලොවේ කොතනක කෙලෙස උන්නද
ඔබට සැප සතුටම පතා
උදේ අරුණේ පළමු සිතිවිල්ලෙන්ම
ඔබ පිළිබඳ සිතා
වසර ගණනක් වෙන්ව උන්නද
තවම මගේ ලෝකය ඔබටයි
නැවත හමුවෙමු
බැඳෙමු ලංවෙමු
අපේ සංසාරය දිගයි
සිතට හිතුනත් හැමවෙලේ
ඉගිලෙන්නට බැරි තරම් දුර
ඇයිද ඔබ මා හැර ගියේ
ලොවේ කොතනක කෙලෙස උන්නද
ඔබට සැප සතුටම පතා
උදේ අරුණේ පළමු සිතිවිල්ලෙන්ම
ඔබ පිළිබඳ සිතා
වසර ගණනක් වෙන්ව උන්නද
තවම මගේ ලෝකය ඔබටයි
නැවත හමුවෙමු
බැඳෙමු ලංවෙමු
අපේ සංසාරය දිගයි
ඉගිලී මා වෙතට එන්නට
ReplyDeleteවරම් ලැබ ඇත ඔබට අද
නොදැන කිසිවක්
ඔබෙන් ඈතට ඉගිලී ගියෙමි මම
සසර පුරුද්දට හමුවී ඇත නැවතත්
ඉඳින්
බැඳෙමු ලංවෙමු
අපේ සංසාරය දිගයි...
ලස්සනයි.
ReplyDeleteස්තුතියි අක්කේ...
ReplyDeleteලස්සන පද පෙළ....මටනම් හැබැයි කවි සිතුවිළි ලියන්න බෑ ඔන්න....නැත්නම් මාත් මේකට ගැලපෙන්න එකක් ලියනවා.....
ReplyDeleteමොනාවුනත් ඔන්න මේ කවිය ලියපු කුරුල්ලාටයි, කවිය හොරකම් කරපු කිරිල්ලිටයි දෙන්නටම හදවතින්ම සුභ පතනවා...!!!
ඔහොම යමු එහෙනම්...
ReplyDeleteගොඩාක් ස්තුතියි ඔයාලා දෙන්නාටම,මම එයාට කියන්නම්කෝ...
ReplyDeleteහැබැයි මේක මුලින්ම කියවපු දවසේ මට ඇඩුනා. මට මේක කියවනකොට දුක හිතෙනවා..
හ්ම්.... අපිට ගොඩාක් ආදරේ කරන කෙනෙක්ට අපි නොදැනුවත්වම දුකක් දුන්නා කියල හිතෙනකොට ගොඩාක් දුකයි තමයි....ඒත් හැමදේම වෙන්නේ හොදටයි කියලා හිතාගන්න....දැන් ඉතිං දෙන්නට දෙන්න ඉන්නවනේ....... ;-)
ReplyDeleteදෙන්නම ගොඩාක් සතුටින් ඉන්න...... :-D
ලස්සනයි අක්කේ... මගෙනුත් සුබ පැතුම් දෙන්නාටම!
ReplyDeleteස්සනයි හසී...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහරිම ලස්සනයි හසි
ReplyDeleteහරිම ලස්සනයි හසී
ReplyDeleteඔන්න එයා හැමෝටම ගොඩාක් ස්තුතියි කියන්න කිව්වා...
ReplyDelete@ හසියා - මට තාමත් හිතාගන්න බැරි එයා අවුරුදු 3ක් තිස්සේ හිටියේ කොහොමද කියලා..
ළමයා,සෝරෝ,දිල් අක්කා,කඳුළු බින්දුව - ඔයාලා හැමොටම ස්තුතියි!!
ආව් ආව් එහෙනම් අපේ හසි අක්කරත් හරි වගේ
ReplyDeleteසංසාරේ දිගයි
ReplyDeleteහමුවීම සැපයි
වෙන්වීම දුකයි
මේ කොයි දේත්
අපේ හිත නිසයි
හැමදාම සතුටින් ඉන්න!
සුබපැතුම් සහෝදරී :)
කවුරු ලීවත් ...ලස්සනට පද බැදලා තියෙන්නේ...ඇත්තම ඇත්ත කතාවක්....
ReplyDeleteලස්සනම ලස්සන හිතක්..
@ හසිත - හික් හික්...
ReplyDelete@ ජංජාල චාමර - ගොඩාක් ස්තුතියි!
@ ඉලංදාරියා - හ්ම්ම්... ඇත්තම ඇත්ත කථාවක් තමා...ලස්සන හිතකුත් තමා... ගොඩාක් ස්තුතියි!