Tuesday, June 15, 2010

ඇවිද යමි මා....

වැහි බර වූ අහස සේ
අඳුරු වු මගේ දිවිය
නැවත ගොඩනගන්නට
ඇවිද යමි මා ඉදිරියටම
කාලයා නම් වු වැලි තලාවේ
රහසින් වැටෙන කඳුලැලි සැමට සඟවා....




24 comments:

  1. අපි හැමෝම ඔය ටික තමයි අක්කෙ කරන්නේ...

    අක්කිගෙ නිර්මානයනම්...සරලයි විශිශ්ටයි...මැක්සා :)

    ReplyDelete
  2. ඇවිද යනු මැන
    කාලයේ මං තලා මතින්
    විසකුරු කටු දෙපය
    රිදවද්දී
    නොනැවතී ඉදිරියට
    යනු මැන
    සගවාගෙනම කදුලු කැට
    ​ලොවට රහසේම

    ReplyDelete
  3. @ හසිත - තැන්කූ මල්ලියෝ... මට මේ පින්තුරේ දිහා බැලුවම හිතට ආපු දේ ලිව්වා...

    @ පසන් - ලස්සනයි අයියේ එ පද පෙල..ස්තුතියි ඔයාටත්

    ReplyDelete
  4. එළ හසී එළ........... මුලින්ම කමෙන්ටුව දාන්න බැරිවීමගැන සමාවන සේක් වා.......

    නියමෙට ලියලතීනව අනේ...... ඔහොම යන්..........

    ඔබට සුභ............

    ReplyDelete
  5. තැන්කූ වේවා සහෝ....

    ReplyDelete
  6. පද සරල උනාට ....
    පොතක් ලියන්න තරම් දෙයක් මෙතන තියනවා....

    ReplyDelete
  7. උත්සහය ජයග්‍රහනයේ මාවතයි !!!

    ReplyDelete
  8. අපූරු අදහසක් හසී....

    ReplyDelete
  9. @ ඉලංදාරියා - හ්ම්ම්ම්.. ඔව් ගැඹුරු අදහසක් තියෙනවා තමා...තැන්කූ..

    @ - හිඟන්නා - වැටි වැටි තමා නැගිටින්න ඕන..තැන්කූ..

    @ - දිල් - තැන්කූ සිස්

    ReplyDelete
  10. හ්ම්ම්..........

    නිමක් නැති ස්නේහයෙන්
    සිත් පුරා මැවු සිහින
    හැකිවේද කාලයට
    මකාලන්නට හදවතින්.........

    ReplyDelete
  11. හරිම ලස්සනයි හසි

    ReplyDelete
  12. වෙහෙසද පාළුව සේම දැනෙයි
    යා යුතු මාවත ගැන නොදනියි
    කෙත් බිම මට නම් තව දුරයි
    මිරිගුව වී ඔබ මට සරදම් කරයි....

    ReplyDelete
  13. හසී නගා . . . මොකද හප්පේ මේ කඳුළු සලන්නෙ ?

    ReplyDelete
  14. @ හා පැටික්කි - සිත් පුරා මැවු සිහින
    මකාලන්නට නොහැකි වුවද
    යා යුතුය ඉදිරියට ජිවිතය සොයා...

    @ කඳුළු බින්දුව - ස්තුතියි ඔයාට..

    @ හසියා - හ්ම්ම්ම්.. ඒකත් ඇත්ත තමා.... ලස්සනයි හසියෝ..

    @ දුමී - අනේ මම කඳුළු සලන්නේ නෑ අයියේ. මේ පින්තූරේ දිහා බැලුවම හිතට ආපු සිතිවිල්ලක් මේක... ස්තුතියි මේ පැත්තේ ආවට..

    ReplyDelete
  15. ලස්සනයි.

    ReplyDelete
  16. ස්තුතියි ඔයාට....

    ReplyDelete
  17. ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete
  18. ගොඩාක් ස්තුතියි අයියේ..!

    ReplyDelete
  19. හ්ම්ම්ම්.... :)

    ReplyDelete
  20. ස්තුතියි සෝරෝ!

    ReplyDelete
  21. ආදරය......කියන්න පුලුවන් ලේසිම දේ....එත්
    දුකකදි....විදගන්න අමාරැම දෙත් ආදරයමයි....

    ReplyDelete
  22. හ්ම්ම්ම්ම්..............

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...