Friday, July 23, 2010

පොඩි එකාගේ ටිකිරි මොලේ...

අද කථාවක් කියන්න හිතුනා.
ඔන්න ඉතින් මම පන්ති ඉවර වෙලා ගෙදර එන්න කොහුවල හන්දියෙන් 120 බස් එකකට ගොඩ උනා.
ඉස්කෝල ඇරෙන වෙලාවනේ.සෙනග ගොඩේ මමත් යන්තම් ඉඩ තියෙන තැනකට ගියා.මම හිටගෙන ඉන්න තැන සීට් එකේ ලස්සන  කොළු පැංචෙකුයි එයාගේ අම්මයි වාඩි වෙලා හිටියා.. ඊට එහා පැත්තෙන් ටීච කෙනෙකුත් හිටියා..  ටික වෙලාවක ඉදන්  අර ටීචයි අම්මයි බර කථාවක.ඔන්න ටිකකින් අර කොළු පැංචාගෙන් ටීච මෙහෙම ඇහුවා.



ටීච : පුතාගේ නම මොකක්ද?
බබා : මගේ නම.....(මට හරියට නම ඇහුනේ නෑ)
ටීච :පුතාගේ ඉස්කෝලේ මොකක්ද?
බබා : ..... විද්‍යාලය
ටීච : ඔයා ඉන්නේ කීයේ පන්තියේද?
(පොඩි එකා ඇගිල්ලක් උස්සලා එකේ පන්තියේ කියලා පෙන්නුවා)
ටීච : එහෙම බෑ පුතා කටින් කියන්න
බබා : එක වසරේ..
දැන් පොඩි එකාට ටිකක් කේන්ති ගිහින්... පොඩ්ඩක් ඔරවගෙන වගේ හිටියා.
ටීච : මෙයාට තරහා යනවාද හැමවෙලාවෙම
අම්මා : නෑ හැමවෙලාවෙම නෑ.. සමහර වෙලාවටනම් තරහා ගන්නවා
ටීච :  මම නොම්බරයක් දෙන්නම් ඒකට කෝල් කරන්න මෙයාට තරහාගියාම.

පොඩි එකා දිහාවට හැරිලා ටීච මෙහෙම කිව්වා,

පුතා හොඳ ළමයි තරහාගන්නේ නෑ.. මම දන්න තැනක් තියෙනවා එතනට ගෙනත් තියෙන්නේ තරහාගන්න බබාලාව.එයාලාට හරියට කන්න දෙන්නේ නෑ. අම්මලාට එන්න දෙන්නෙත් නෑ.හොඳ ළමයි උනාම තමා ගෙදර අරින්නේ...

මෙන්න ඒ පාර අර කොළු පැංචා කියපි මෙහෙම,

"ආ... මම දන්නවා, පුංචි ළම‍යින්ට කරදර කරන අය ගැන කියන්න පෝන් නම්බර් එකක් තියෙනවා..
මම ඒකට කෝල් එකක් දීලා කියනවා ඔයා ගැන.."



කොහොමද පොඩි එකාගේ ටිකිරි මොලේ... :D
ලඟ හිටපු හැමෝටම හිනා..
(අපි පොඩි කාලේ ඔහොම කිව්වාම බයවෙනවා. ඒකට දැන් හැදෙන ළමයි... )

31 comments:

  1. පවු අර පොඩි එකාට ඉස්කෝලෙ ඉවර වෙලා හොඳටෝම මහන්සි ඇති. ඒ වගේ වෙලාවට ඔය අනං මනං ඕනෙ නැති ප්‍රශ්න අහනවට කවුරු වුණත් කැමති නෑනෙ

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත අයියේ.. ස්තුතියි කමෙන්ට් එකට.

    ReplyDelete
  3. වහ කන්න ඇති අර ටීචර් නෝනා. ළමයත් මහන්සියෙන් වෙන්න ඇති ඉන්න ඇත්තේ. තව උපදෙස් දෙන්න යනකොට ඕනෙ කෙනෙකුට මල පනිනවනේ.

    ReplyDelete
  4. නැතුව නැතුව.. මට හොඳටම හිනා.. :D

    ReplyDelete
  5. හික් හික් හික් ෆට්ට පොඩි එකා....... තව ටික කලක් යනකොට මේ, පොඩි එවුන් මොනා කරයිද දන්නේ නෑ......

    හෙහ් හෙහ් හසී ඔය ලියල තියෙන්නෙ කතාවකුත්.... එළ එළ තව ටිකදවසකින් සිංදු, රචනා සහ etc.... එහෙමත් දාන්ඩ ඔය ඕන එකක් අපි කියෝනවා....... :)

    ඔබට ජය..........

    ReplyDelete
  6. ඒකනම් ඇත්ත අනේ... බලමු බලමු.. කථානම් තියෙනවා ලියන්න ඉස්සරහට බලමුකෝ..
    තැන්කූ වේවා!

    ReplyDelete
  7. හික්ස්.....මරු පොඩි එකා......

    ReplyDelete
  8. අන්න මන් වගේ ටිකිරි මොලයක් තියෙන පොඩි එකෙක් :D

    ReplyDelete
  9. පට්ට ඩයල් එකක් නේ...

    ReplyDelete
  10. @ හසියා - මරු නේන්නම්...

    @ Hasith - අපේ පොඩ්ඩාටත් තියෙන්නේ ටිකිරි මොලයක්ද? සන්තෝසයි :D

    @ සෝරෝ - ආයෙත් අහලා... කොහොමද ටිකිරි මොලේ :D

    ReplyDelete
  11. හික් හික්!!මරු වැඩේ.....:)

    ReplyDelete
  12. සිරා වැඩේ වෙලා තියෙන්නෙ පොඩි එවුන් රවට්ටනවට!!

    ReplyDelete
  13. පැහිච්චි ආතෙක් නෙව....:)...

    ReplyDelete
  14. දැන් ඉන්න පොඩි උන් .....හනේ හනේ....

    ReplyDelete
  15. හික් හික්...මැක්සා බබෙක් වගේ... ඒල ඒළ...

    ReplyDelete
  16. @ biologist - කොහොමද ටිකිරි මොලේ..

    @ blog gadol - සිරා නේන්නම්.. ලොල්

    @ Shadow/හේමලයා - දැන් හැදෙන පොඩි එවුන් ඔහොමම තමයි..

    @ දිල් - ටිකිරි මොලේ තමා ඉතින්..

    @ ♠GaŋGster♠™ - මැක්සා බබෙක් තමා..

    අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තුතියි!

    ReplyDelete
  17. කට්ට බබෙක් .... මොනා වුනත් පව් ටිචර් බබා ...

    ReplyDelete
  18. බුලට් එකක් වගේ පොඩි එකෙක් නේ... ඒ වගේ දේවල් ගැන එකවසරේ ඉන්න ළමයෙක් දැනුවත් වෙලා ඉන්න එක ගැන සතුටු වෙන්න ඕන..

    ReplyDelete
  19. දැන් කාලේ පොඩි උන් අපිට හපන් වගේ අපේ අක්කා කෙනෙකුගේ පොඩි උන් දෙන්නෙක් ඉන්නවා කට ඔයිට හපන් මේ ළගදි අහනවා බබාලා හම්බ වෙන්නේ කොහොමද කියලා
    අපි කිව්වා ඉස්පිරිතාලෙන් බබාලා ඕන උනාම දෙනවා කියලා මෙන්න මු අහනවා එහෙනම් අම්මලා ගේ බඩ ලොකු වෙන්නේ ඇයි කියලා

    ඔන්න අක්කා කියපි පුතේ ඒ බබාට කිරි දෙන්න කාලා නේ කියලා එහෙනම් අම්මේ තාත්තාගේ බඩ ලොකු තාත්තත් බබාට කිරි දෙනවද කියලා අහපි තව අහපුවා කියන්න ගියොත් වෙනම බ්ලොගක් හදන්න වෙයි :D

    ReplyDelete
  20. හෙහෙහෙහෙ..
    නියම කතාව නගේ..

    ReplyDelete
  21. ඔන්න මමත් දාලා තියෙනවා මේ වගෙ පොඩ්ඩෙක් අම්මගෙන් අහපු ප්‍රශ්නයක් ගැන.. දැන් හැදෙන එවුන් එක්ක කතා කරන්න ගියාම කොයි වෙලාවෙ අපේ රෙදි ගැලවෙයිද කියලා බයේ බෑ

    ReplyDelete
  22. @ Unknown_User/හිඟන්නා - ටිච බබාගේ මූණ ටිකක් ඇඹුල් උනා..

    @ sameerausa - ඒකනම් ඇත්ත අයියේ.. බුලට් එකක් වගේ පොඩි එකෙක් තමා..

    @ හසී රන් - ඔව් ඔව් අපේ අක්කාගේ බබාලා දෙන්නත් ඔය වගේම තමා.මම වෙලාවක කියන්නම්කෝ එයාලගේ කථා ටිකකුත්..

    @ Ansh - තැන්කූ සිස්, කොහොමද ටිකිරි මොලේ.. :D

    @ අභීත එදිරිසිංහ - මම ඒක බැලුවා අයියේ... පොඩි එවුන් එක්ක කථා කරන්නත් බය හිතෙනවා දැන් හැදෙන කස්ටියගේ හැටියට.. :P

    ReplyDelete
  23. පොඩි එකාගේ කතාවට 100% ක් එකඟයි. මට වුනත් මහන්සි වෙලා ගෙදර එද්දී ඔය අනම් මනම් අහද්දී කේන්ති යනවා.

    ReplyDelete
  24. ඔව් ඔව් මටත් එහෙම තමා.. තාම පුංචි පැටව්නේ!

    ReplyDelete
  25. හික් හික් හික් පට්ටම සීන් එක... ටීචර් පොලව පලන් යන්න ඇති...

    ඉස්සර වගේ නෙමෙයි දැන් ඉන්න පොඩි උන්... උන් පොඩි නෙමෙයි ලොකු....

    ඒ අතින් අපි මාර චාටර් ඒ කාලේ හික් හික්....

    ReplyDelete
  26. පිස්සා පලාමල්ල - ඒකනම් ඇත්ත අයියේ.. අපේ කාලේත් එක්ක බැලුවාම දැන් පොඩි එවුන් දියුණුයි!

    ReplyDelete
  27. පොඩි ළමයි බුද්ධිමත් වෙන්න ඕනේ...ඒත් අපි කවුරැත් ආසයි එ පොඩි ලමයින් ගේ ළමා ගති තියෙනවානම්.....එකනේ එයාලට පොඩි ළමයි කියන්නෙත්...

    ReplyDelete
  28. දැන් හැදෙන ඈයෝ ගාණට වැඩියි අක්කෙ... නේද?

    ReplyDelete
  29. අසී - හ්ම්ම්ම්...

    ප්‍රමොද් - ඔව් එකනම් ඇත්ත.

    ReplyDelete
  30. හිකිස්...
    අයියෝ.....ටීචර්ලත් පොඩි උන් මෝඩයො කියල හිතාගෙන කොලොප්පං දාන්න යනවට හොඳවැඩේ...

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...