Tuesday, August 24, 2010

```ආදරය```

 
විටක සිනහවකි..,
විටක කඳුලකි..,
විටක සතුටකි..,
විටක දුකකි..,
තවත් විටක කලකිරීමකි..,
එකම විදියක කොහෙත්ම නොසිටින නුඹ,
විසදා ගැනීමට නොහැකි 
සංකීර්ණ ප්‍රෙහේලිකාවකි.........

18 comments:

  1. නිර්වචන රහිත...
    කොන්දේසි විරහිත....
    මංමුලාවුනු සිතිවිල්ල....
    ආදරය....

    ReplyDelete
  2. විටෙක අවංකවත්
    විටෙක වංකවත්
    විටෙක සදාකාලිකවත්
    විටෙක නිමේෂයකටත්
    පැමිනෙණ නුඹ
    ඇත්තටම අරුමයකි
    ලොවම පිස්සු වට්ටන....

    ReplyDelete
  3. ඇත්ත... අපි අතරමං වෙනවා ඕක ගැන හොයන්න ගියොත්.
    ලස්සනයි දෙන්නාගෙම අදහස්... හේමලයා, හසියා ස්තුතියි ඔයාලට!

    ReplyDelete
  4. කඳුඵ සැලුණා සිනහ නැගුණා
    සතුට දැණුනා දුකද ගැලුවා
    සියඵ දේ සිදුවෙමින් තිබුණා
    අපේ ජීවිත අතර
    වෙනස් වූයේ අපද
    නැත්නම්
    ආදරය වෙද?

    ReplyDelete
  5. අනේ මන්දා මටනම් හිතෙන්නේ අපි වෙනස් වෙන්න ඇති ආදරය නෙමෙයි. අපේ වෙනස්වීම් මත ආදරේ වෙනස් වෙන්න ඇති.

    ReplyDelete
  6. හ්ම්....ඒත ඇත්ත‍‍‍....
    ආදරය මිනිසාගෙන් පරායක්තයිනේ....

    ReplyDelete
  7. ඕක ඇතතට මොන වගේ එකක්ද කියලවත් දන්නෑනෙ....ඉක්මනට ටෙස්ට් කොරල බලන්න මන් මේ ඉන්නෙ :D

    ReplyDelete
  8. සිතුවිලි වලින් මැවු
    සොඳුරු ලෝකයක
    අතරමන් කරන
    මිහිරි සිහිනය
    "ආදරය"...........

    ඒ සිහින බිඳුනු විට
    බියකරු සිහින
    නොදැනීම අප
    සිත පුරා මවන
    "ආදරය".......

    ReplyDelete
  9. මම මගේ මතක කුරැටු ගි සිතුවම් ඇන්දේ ආදරයේ වෙදනාව සතුටයි. ඒත් කොයිතරම් ආදරයට අර්තකතන තිබුනත් ආදරය විසදනු බැරි මංමුලාවුනු සිතිවිල්ලකි....හේම්ලයා හරි...ලස්සන සිතුවිලි ටිකක් ගලපලා තියේනවා..ඔයා නංගි.....

    ReplyDelete
  10. @ හසියා - හ්ම්ම්...

    @ Hasitha - පරිස්සමින් පොඩ්ඩෝ... මම තාම හිතාගන්න බැරිව අතරමං වෙලා ඉන්නේ.

    @ හා පැටික්කි - සහතික ඇත්ත හා පැටික්කියේ... ලස්සනයි පද ටික.

    @ අසි - තැන්කූ අයියේ!

    ReplyDelete
  11. @ Hasitha ජයසූරිය
    හා හා පළමුව පාසැල....දෙවනුව රස්සාව...තෙවනුව කසදේ...
    ඔන්න ඕවා මාරු කොරන් අමාරුවේ වැටිලා එනවා එහෙම නොවේ....එතකොට හොද පොල්ලක් කඩාන නෙලනවා ගුටි.....

    ReplyDelete
  12. හරිම ලස්සන අදහසක්

    ReplyDelete
  13. අඩේ ඒකනෙ අක්කෙ...අපිත් ඔය දන්නැති ඒව කොරන්න ගිහිල්ල කොහෙන් නතර වෙයිද කියල දන්නැති හින්දයි මේ ඉන්නෙ :D

    තනිකඩ ජීවිතන් අලන්කාරන් දිබිඩි ජීවිතන් බයන්කාරන් කියන්නෙ නිකන්යැ :D:D

    ReplyDelete
  14. ප්‍රෙහෙලිකාවක්.... කලු කුහරයක් තේරුම් ගත නොහැකි.. ඒත් සියල්ල ඇදී යන.

    ReplyDelete
  15. @ හසියා - හි හී :D

    @ Ansh - තැන්කූ සිස්!

    @ Hasitha - ඔන්න පොඩ්ඩෝ ලොකු අයියාට හොඳටම තරහා ගිහින්.. එයා කියන පිලිවෙලට වැඩ නොකලොත් ගුටි කන්න වෙයි.දැම්මම පොල්ලකුත් හොයාගෙන වගේ එයා...

    @ පිස්සා පලාමල්ල - ඇදිලා යනවා නේන්නම් නවතින්නේම නෑනේ..

    ReplyDelete
  16. හසී නගෝ, ඔය ප්‍රහේලිකාව විසඳන එකම තමා ඕකෙ තියෙන සුන්දරත්වය . . . !

    ReplyDelete
  17. ඇත්ත අයියේ.. කොහොම හරී ප්‍රෙහේළිකාව විසදගත්තොත් ගොඩ :D

    ReplyDelete
  18. ඇත්තම ඇත්ත අක්කේ. මම 100% ක් එකඟයි කතාවට :)

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...