Wednesday, September 1, 2010

✰✰✰ බලාපොරොත්තුවක්..✰✰✰


මේ දවස් ටිකේම ලඟට වෙලා
දැවටි දැවටි ඉඳලා..
ආයෙත් හමුවන බලාපොරොත්තුවෙන්
ඔයාට සමු දුන්නාට 
හිතට ලොකූ හිස් බවක් දැනෙනවා..
ආයේ ඉක්මනටම ඇවිත් යන්න එන්න
මම මග බලාගෙන ඉන්නවා...

22 comments:

  1. හපෝ ඔය බලාපොරොත්තු මහා රැවටිලි කාරයෝ සමහර වෙලාවට......:)

    ReplyDelete
  2. අහ් හසී මේකෙ පොඩි අවුලක් තීනවා........ ඔයා නෙමෙයි ඔයාලා කියල වෙනස්වෙන්ඩ ඕනි නේද ? අහ් ඒකට කමක් නෑ එයාල ආයිත් ළඟදිම එයිනේ...... :)

    ReplyDelete
  3. @ Shadow/හේමලයා - හි හී.. ඔයා කියන දේ ඇත්තක් තියෙනවා. එත් මේකනම් ලිව්වේ එහෙම කෙනෙකුට නෙමෙයි.

    @ ජේ.ඩී -හ්ම්ම් හ්ම්ම්.. එත් "ඔයා" කියන එක වැඩිපුරම ගැලපෙනවා.

    @ Ano- තැන්කූ වේවා!

    ReplyDelete
  4. ලස්සනයි....කොහොම වුනත් අපි හැමදාම බලාපොරැත්තු වෙන්නේ හෙ‍ාද ආදරණිය කෙනෙක් නම්....නැවත ඒ කෙනා ඉක්මනටහමුවිමයි.....මිනිසුන් ජිවත් කරන්නේ බලාපොරැත්තුනේ.....

    ReplyDelete
  5. ඇත්තමයි..... අර shadow කියනවා වගේ බලාපොරොත්තු වෙලාවකට අපිව රවට්ටනවා. ඒත් මම නම් ආසයි බලාපොරොත්තු පුරව ගන්න

    ලස්සනයි

    ReplyDelete
  6. @ දිල් - තැන්කූ සිස්... වෙලාවකට අපි ජීවත් වෙන්නේත් බලාපොරොත්තු නිසානේ..

    ReplyDelete
  7. බලාපොරොත්තු තමා බං අපිව ජීවත් කරවන්නේ. ඒ නිසා හිටු.

    ReplyDelete
  8. ලස්සනයි හසී අක්කේ.... එයි එයි ළගදීම..... :D

    ඒක නෙවෙයි.. මට මේක කොපි කරන්න හිතෙනවා.. ලස්සනයි අලෝ..........

    ReplyDelete
  9. ඒ පාර මොකද මේ...අර මුණ මැද නහය තියෙන කෙනාටද කිව්වේ....නැතිනම් අලියා ගැනද?
    හිතේ හිස්බව නැතිවෙලා පතන කෙනා ඔයා ලගටම වෙලා ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  10. දවසක් දෙකක් වුනත් කල්ප කාන්තරයක් වගේ නේ අක්කේ

    ReplyDelete
  11. බලාපොරොත්තුත් හරි මාරයි අක්කෙ.....වෙලාවකට අපිව ජීවත් කරවනව වෙලාවකට අපිව නැත්තටම නැති කරල දානව........කවුරුවත් නැති වෙලාවකට අපිට හයියක් වෙන්නෙත් ඒ බලාපොරොත්තුමයි

    අක්කිගෙ බලාපොරොත්තුත් අනිව ඉටුවෙයි...:-)

    ReplyDelete
  12. ඒ බලාපොරොත්තුව තියෙනකම් ජීවිතය තියෙයි...

    ReplyDelete
  13. බලාපොරොත්තු ............... ජීවිත වනසනව

    ReplyDelete
  14. ඔයා ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ආයෙත් එයි ඉක්මනටම.ඒ නිසා සතුටින් ඉන්න.

    ReplyDelete
  15. @ කුෂාන් - ඕ කේ සහෝ තැන්කූ මේ පැත්තේ ආවට..

    @ ළමයා - තැන්කූ, ළමයාට ආසනම් කොපි කරගත්තාට කමක් නෑ ඔන්න...

    @ හසියා - නෑ ඒ දෙන්නාම නෙමෙයි.. මේ වෙන එක්කෙනක් හි හී :D තැන්කූ තැන්කූ.

    @ පුබුදුවා - හ්ම්ම්ම්.. ඒත් මගේ කථාවේ හැටියටනම් තව මාස 3ක් බලා ඉන්න වෙනවා..

    @ Outsider - හ්ම්ම්.. අපිව ජීවත් කරන්නේ බලාපොරොත්තුනේ...

    @ nish - ඒත් අපි බලාපොරොත්තු තියාගන්නවා නේද?

    @ ප්‍රාර්ථනා - තැන්කූ සිස්....

    @ All - මේක දැම්මාට පස්සේ හිතුනා කස්ටිය පටලවගෙන වගේ... බැලුවාම වැරද්දකුත් නෑ.. අපේ අක්කාගේ (බාප්පාගේ දුව )පුංචි පුතා ඇවිත් ඉඳලා අද ගියා.. මේ දවස් ටිකේම ලඟ දැවටි දැවටි හසී පුංචී කිය කිය ඉඳලා දැන් ගියාම පාළුයි.. ආයේ එන්නේ දෙසැම්බර් තමා...
    හැමෝගෙම අදහස් වලට ස්තුතියි!

    ReplyDelete
  16. අනේ sorry හසී.මමත් වැරදියටනෙ තේරුම් ගත්තේ.ඔයාගේ පුංචි ද්ඟකාරයා ආයෙත් ආවම අපිට කියන්න අමතක කරන්න එපා.

    ReplyDelete
  17. බලන් ඉන්න එකෙත් පොඩි මෙව්ව එකක් තියෙනවා නේ.

    ReplyDelete
  18. හසී කියනකල් මාත් හිතුවෙ වෙන කෙනෙක් ගැන ලියාපු එකක් කියල...

    හසී පුංචිට ඉක්මනටම පුංචි පුතාව ආයෙමත් තුරුල් කරන් ඉන්න ලැබෙන්න කියල පතන්නම්..

    ReplyDelete
  19. "මේ දවස් ටිකේම ලඟට වෙලාදැවටි දැවටි ඉඳලා..ආයෙත් හමුවන බලාපොරොත්තුවෙන් ඔයාට සමු දුන්නාට හිතට ලොකූ හිස් බවක් දැනෙනවා.."
    හාමිනේ මෙහෙම කියන්න පටන් ගත්තෙ 2008 නොවැම්බර් මාසෙ ඉදල........
    "ආයේ ඉක්මනටම ඇවිත් යන්න එන්න"
    මේක නම් කියන්නෙ මෙන්න මෙහෙම.....ඉක්මනටම එන්න. ආයෙ යන්න දෙන්නෙනම් නැහැ...
    "මම මග බලාගෙන ඉන්නවා..."
    දවස ගානෙ එක sms එකකින් හරි එයා මෙහෙම කියනව...... (මම ආපහු ලංකාවට යන්න මාස 2යි තව තියෙන්නෙ....

    වචන ටික හරිම සමීපයි....

    ReplyDelete
  20. @ ප්‍රාර්ථනා - එයා ගැන ඉක්මනටම ලියන්නම්කෝ මම...

    @ පිස්සා පලාමල්ල - මෙව්ව එකක් තියෙනවා නේන්නම්..

    @ sansarasidu - තැන්කූ සහෝ!

    @ කංචු - හරිම සතුටුයි මට... ස්තුතියි අයියා මේ පැත්තට ගොඩ උනාට.

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...