Thursday, December 2, 2010

෴ අමතකවීද නුබට෴



හමුවීමක් හා බැදී
වෙන්වීමක් තිබුනද
සදාකාලික නොවන
වෙන්වීමක් අපට
ඇති බව ඔබට
නොවැටහේද...


සොඳුරු හමුවන්
සොඳුරු මතකයන්
කෙසේ අමතකවීද ඔබට
ඔබේ සමුගැන්ම හා 
මගේ සමුගැන්මද බැදී 
ඇති බව අමතකවීද ඔබට

17 comments:

  1. ඕන් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවාzzzzzzzzzz
    මලු මලු :)

    ReplyDelete
  2. මොනාද මම කියන්නේ මේ කවිය ගොඩාරියක් කැතයි ! එහෙම කියනනද ?

    ඒත් හිතට එකඟව එහෙම කියන්න බෑ ..මොකද මම දන්නවා මෙ පද වැල් ටික මගේ බොක්කටම වැදුන බව ..හරිම ලස්සනයි හසී ....

    ජයවේවා !!

    ReplyDelete
  3. හමුවීම දුකක් තමයි අනේ....

    ලස්සන පද පෙළ...අර්ථය හරියටම දැනගන්න දහ පාරක් විතර කියෙව්වා....

    දිගටම ලියන්න...සතුටින් ඉන්න සහෝදරී‍.‍‍...

    ReplyDelete
  4. සොදුරු හමුවත්...
    වේදනාකිරී සමුගැන්මත්
    කොහොමද දරන්නේ හිතක්...
    ඒත් කොහොම හරි දරාගන්න ඕන...
    මොකද...
    විය යුතු වෙන්වීමක්...

    ReplyDelete
  5. @ සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය - තැන්කූ අයියේ..!

    @ ජේ.ඩී - වෙල්කම් හියර් ඇන්ඩ් තැන්කූ...!

    @ හිස් අහස - මටත් බොක්කටම වැදුන වෙලාවක තමා මේක ලිව්වේ... තැන්කූ...!

    @ හසියා - හිතට ආවා ලිව්වා..එත් මටත් එකපාරටම කියවලා තේරුම් ගන්න අමාරු උනා. තැන්කූ සහෝ..!

    @ පොජ්ජේ - හ්ම්ම්.... තැන්කූ සහෝ..!

    ReplyDelete
  6. ලස්සනයි....කවද හරි අපිට මේ හැම දේකින්ම සදහටම සමුගන්න වෙනවනෙ.

    ReplyDelete
  7. හේතුවක් නිසා හොඳටම දැනුනා...

    ReplyDelete
  8. වෙන්වීම
    වෙන්වීමක්ම නොවේ
    ඉන් නැවතත් හමුවීමකට
    මග විවරවන හෙයින්

    [අනේ මන්දා මටත් ඉදලා හිටලා හිතෙන ඒවා]

    ReplyDelete
  9. ලස්සනයි පද වෑල ...

    අනියතයි ලොවු දහම..

    ReplyDelete
  10. හොඳයි
    අනේ මන්දා මේ දවස් වල මට ලව් එපා වෙලා ඉන්න නිසා "හොඳයි" කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් හිතා ගන්න බෑ

    ReplyDelete
  11. @ dinesh -ඒක ඇත්ත,තැන්කූ සහෝ..!

    @ පිස්සා පලාමල්ල - හ්ම්ම්...........

    @ Hasitha - ඔව් ඒක ඇත්ත මල්ලියෝ..!

    @ ඉලංදාරියා - තැන්කූ සහෝ..!

    @ පූසා - තැන්කූ පූසෝ..!

    @ Praසන්ன - තැන්කූ සහෝ..!

    ReplyDelete
  12. හසී පවුලේ අය බැලීමට ආමී. යහමින් කවි ලියන බව දැක තුටු වීමි... :)

    ReplyDelete
  13. @ වන්නි - පැමිණියාට තුටු වෙමි,
    නැවත හමුවෙමු...

    ReplyDelete
  14. එක පාරක් කියෙව්වා, ම්හු නෑ... ආයේ පාරක් කියෙව්වා, චුට්ටක් හරි, තව පාරක් කියෙව්වම හරියට හරි. ලොකු අර්ථයක් හංගගෙන නේද ලියලා තියෙන්නේ. හ්ම්... හ්ම්... කමක් නෑ.

    ReplyDelete
  15. @ prasanna86k - හ්ම්ම්ම්.. හිතට ආවා. ලිව්වා..මමත් දෙපාරක් තුන්පාරක් කියවල තේරුම්ගත්තේ..

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...