Thursday, December 30, 2010

෴හදවත ෴



තැලිලා පොඩිවෙලා තිබ්බ
වෙලාවක
හොරෙන්ම ලං වෙලා
තුවාල වලට බේත් දාන
මුවාවෙන්,
නුඹ කලේ තිබ්බ තුවාල
තව තවත්
පාරපු එකමයි කියලා 
මට තේරුම්
යද්දි,
රහසේම 
නුඹ ගිහින් ඉවරයි...

14 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම.....
    හුඟක් අය කරන්නේ ඕක.....රිදුනු බිදුනු හදකින් තවත් ලබාගන්න තියෙන හැමදේම අරන් ඒ හදවත හොදටම තුවාල කරලා පාරල ඈතටම යනවා....

    අපි ඒක තේරුම් ගන්නකොට ඔක්කොම වෙලා ඉවරයි....සමහරවිට ඇත්තටම අපිට ආදරේ කරපු අවංක ආදරයක් ඇති කෙනා ඔය හේතුව නිසා අපිට මඟඇරෙන්න පුළුහන්....අනේ මන්දා...මේකද ආදරේ කියන්නේ....
    දුක විතරමයි ඉතුරු.....

    ReplyDelete
  2. ලස්සන පද ටික.. ආදරේට කොච්චර නම් දේවල් කරන්න පුලුවන්ද?
    හිතට දුක වැඩියෙන්ම දැණුන පද ටිකේ අවසානයේදී..

    ReplyDelete
  3. නුඹේ ඒ හදවතට
    සැනසුම සතුට අතුරා
    වෙලුම් පටි යොදන්නට
    සැබෑවටම ආදරෙන්
    ඔහු ඒවි.......

    ReplyDelete
  4. ඒකත් ඉවසුවෑකි සමහරු ලුණුත් දානවා..එතකොට..?

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
  6. මමත් අද මේ වගේම එකක් දැම්මා නොවැ මගේ බ්ලොගයට....

    ආදරය තුවාල වී
    හදවත රිදුම් දෙන්නට විය...

    ReplyDelete
  7. අනේ මන්ද ඇරෙන්න වෙන මොනව කියන්නද... නිර්මානය නම් ලස්සනයි නගෝ

    ReplyDelete
  8. අප්පච්චියේ :-(

    ReplyDelete
  9. කවි ලියන්න බැරි වැද්දෙකු මෙය බලා කමෙන්ට් පොජ්ජක් දැමුවේය .. ඒ වැද්දා මමය

    කවිය නම් මාර ලස්සනයි ....

    ReplyDelete
  10. හිතක් තියෙනවදත් කියල
    මුකුත්ම නොදැන හිටි කාලෙක
    කොහේදෝ තිබු මගෙ හිත හොයාගෙන
    අයිති කරගත්ත මදිවට
    යන ගමන් ඇය
    ගිහින් සිත මග හලාගෙන..

    පූසො වැඩිය කවි ලියන්නනම් දන්නෙ නෑලු. ඒත් නංගිගෙ කවිය දැක්කම මේක දාන්න හිතුන. මේක අවුරුදු කීපෙකට කලින් පිස්සුවෙන් වගේ කුරුටු ගාපු එකක්.

    ReplyDelete
  11. @හසියා - හ්ම්ම්ම්.... :(

    @සිරකරුවා - තැන්කූ සහෝ..

    @හා පැටික්කි (MS)- පතා ආ ලෙස සසර පුරාවට
    පැමින ඇත මා සමීපයට ඔහු

    @මාරයාගේ හෝරාව - හ්ම්ම්.. මේ ලුණුයි මිරිසුයි දෙකම දාලා ගිය වෙලාවක තමා ලිව්වේ..

    @චතුරංග (ළමයා)- හ්ම්ම්ම්ම්.... :/

    @පූසා - හ්ම්ම්.. රිදුම් දෙන එක නතර කරගන්න තමා බැරි :(

    @පිස්සා පලාමල්ල - හ්ම්ම්, ස්තුතියි අයියා.. ලැබුණු අත්දැකීමක් නිසා ලිව්වේ මේක..

    @Hasitha ජයසූරිය - :'(

    @හිස් අහස - තැන්කූ සහෝ.. උත්සහා කරන්න ඔයාටත් ලියන්න පුලුවන්..

    @ෆොක්ස් Creationz - පිස්සුවෙන් හරි ඔය කුරුටු ගාලා තියෙන්නේ අපුරුවට.. තැන්කූ අයියා..

    @Praසන්ன - තැන්කූ අයියේ....!

    @All - මේක මම ලිව්වේ මගේ කලින් ආදරේ නැති උන කාලේ.. පොතක තියලා හම්බුනේ....

    ReplyDelete
  12. දහසක් මල් ළග බඹරැ කැරකෙන විට
    නුඹේ පියුම ළග මට ඉඩ දෙනවද?

    ReplyDelete
  13. @malshan - ලස්සන පදටිකක්.. :b

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...