Saturday, December 25, 2010

෴ඉවරයි කියලා හිතුවාට ඉවර නෑ තව තියෙනවා෴

දේශන එහෙම ඉවර වෙලා කට්ටියම ලන්ච් එකට ගියා.අපි කෑම එකත් අරන් යන්න හදනකොට හසියා නෑ බැලින්නම් කට්ටියම කෑම ගත්තාම තව කීයක් ඉතුරුද කියල බලනවා.පෙනේද බඩජාරීකම. කොහොමින් හරි කැම 3ක් විතර කාලා ඒකත් මදි වෙලා අර කෑම දාලාතිබ්බ රිජිෆෝම් පෙට්ටියෙනුත් කෑල්ලක් කාලා.ලැජ්ජ නැතිකම කියන්නේ එක කාලා අපිට කියනවා මට කෑවා මදි වගේ නිසා මම ඒකත් කෑවා කියලා.කාලා ඉවර වෙලා කට්ටිය එක්ක සුහද සාකච්චාවක් දාගෙන ඉද්දි අපිට හමු උනා තිස්ස අයියාව.(දොඩං සීයාව )එයාත් එක්ක ෆොටෝ එකක්
 ගන්න හදද්දි මෙන්න බොලේ හසියා එක පාරටම ලොකු හුස්මක් ගත්තා.බලද්දි කාපු කෑමේ හැටියට උස්මුරුත්තාව හැදිලා හුස්ම හිර වෙලා.බොහොම අමාරුවෙන් පිටට ගහලායන්තම් බේරගත්තා අපි.ඒ අවස්ථාවේ ඇස් උඩ ගියපු හැති තමා ඔය පහතින් තියෙන්නේ..
 (හසියාගේ හුස්ම හිරවී ඇස් උඩ ගිය මොහොත)

හැමෝටම සමු දීලා පාරට ඇවිත් අපි බෝට්ටු පදින්න යන්න තීරණය කලා.හසියායි මායි එකට ගිය එක ගැන මම පුදුම බයකින් හිටියේ.. හදිස්සියේවත් මෙයාට බේරෙට පනින්න හිතුනොත් එහෙම කවුද ඔවාට අහු වෙන්නේ ලඟ හිටපු අහිංසක මමනේ.අනික මට යාන්තමට වගේ
 මතකයි හසියා දවසක් කිව්ව මාළුපාන් ගෙඩියක් කාලා බේරේට පනින්න ආසාවක් තියෙනවා කියලා.වෙලාවට මාලුපාන් කෑවේ නැත්තේ.බෝට්ටු පදිනකොට කාලා වැඩිකමට හසියාට කෙලින් ඉන්නත් බැරිව කකුල් දෙකෙන් වෙනුවට අත් දෙකෙන් තමා පැඩල් කරේ.ඒ අස්සේ මෙයාගේ බඩජාරිකමකියන්නේ හසියා මට කියනවා.හසී මට මේ මුලු බේරේම පේන්නේ කික් කෝලා වගේ.බොන්නමයි හිතෙන්නේ කියලා.අර කොන්ඩේ බැදපු චීනෙකුත් හිටියානේ.එයානම් බේරෙට පනින්නමයි ගියේ.මට පස්සේ හිතුනේ හිගන්නට චීන ටෝක්ස් දාන්න ගිහින් හිගන්නා තල්ලු කරන්නවත් හැදුවද දන්නේ නෑනේ. ඒක නිකම් හරියට හිගන්නාගේ බෝට්ටුවට චීනෙක් කඩා පැන්නා වගේ....
හික්ස් පොඩ්ඩයි පුබුදුයි කොච්චර විනීතව හැසිරුනාද කිව්වොත් එතන හිටපු කොකෙකුත්කොටන්න ආවා  දෙන්නාට.කොහොමින් හරි යහතින් ගොඩට බැහැලා කකුල් අමාරුව යන්න ටිකක් ඉදගෙනත් ඉදලා අපි එන්න පිටත් උනා.ඒ අස්සේ මෙන්න තිබහක් ඇවිත් මෙයාලට කික්ම
බොන්න ඕන කිව්වා,කික් තිබ්බ තැනක් හොයාගෙන ගියා ඒ පාර.මම ඔය කික් වලට නෑනේ ක්‍රිම් සෝඩා එකක් බීලා මම ෂේප් උනා.පුබුදුවානම් දෙක මරුවෙන් මාරුවට බිව්වා.පොඩ්ඩානම් දෙකම කලවම් කරලා බිව්වා.වැඩියෙන්ම බිව්වේ හසියා තමා.බෝතල් 3ක්ම බිව්වාද කොහෙද.කික් එක බීලා ආපු කික් එකෙන්ම පාරට ආපු හසියා කියනවා මාර වැඩේ පොලව ඇදයිනේ කියලා.ලයිට් කණුවක හැපෙන්න ගිහින් අනුනවයෙන් බේරුනේ.ඒ අස්සේ පොඩ්ඩා අඩනවා අනේ මාව කොටුවට ගිහින් දාන්න මම දන්නේනෑ යන්න කියලා.මේකාට කික් එකට වැඩි නිසා අපි කොටුවට ගිහින් බස් එකක නග්ගන්නත් වැඩි හොඳට හිගන්නාව
එයාත් එක්ක යවන්නත් තීරණය කලා.බොහෝම අමාරුවෙන් හසියාවත් බස් එකක නග්ගගෙන අපි මහරගම එන්න පිටත් උනා.අපොයි බස් එකේ එක විකාර‍යයි.හසියා උදේටත් වඩා හපන්.කෙල්ලන්ට ඇස් ගහනවා.එයාලාගේ බෑග් ගන්න යනවා.එයාල එක්ක බහින්න හදනවා.මෙහෙමත් ලැජ්ජා නැති වැඩ. පුබුදුයි මායි අමාරුවෙන් හසියාව කන්ට්‍රොල් කරගත්ත.පුබුදු ආවේ නැත්තම් මට වෙන්නේ හසියා එක්ක පොලෝසි යන්න නැත්නම් පිස්සන් කොටුවේ ඉන්න.මහරගමින් බැහැලා දෙන්නාටම සමු දීලා එන ගමන් මම නිකම් හැරිලා බලද්දී තමා ජොලි සීන් එකක් දැක්කේ.හසියා කික් වැඩිකමට බස් එක වටේ ඇවිදිනවා බස් එකට නගින්නේ නැතිව.මම හැරිලා එන්න හදද්දී මෙන්න යන්තම් බස් එකට නැග්ගා..මෙන්න විනාඩියක් යන්න කලින් ආයේ බිම.බැලින්නම් ඉස්සරහින් නැගලා පිටි පස්සෙන් බැහැලා.යන්තම් බස් එකේ නග්ගලා. කොන්දොස්තර මාමාට හසියාව බලාගන්න කියලා.මම ගෙදර ආවා.

 **************************************************
ගොඩාක් සතුටු දවසක් එදා..හසී කියලා කෑල්ලක් නමට නැතත් පුබුදු මල්ලී අපිට අපේම පවුලේ කෙනෙක් වගේ දැනුනා.ගෙට් එක සූදානම් කල එස්.බී.යු ඇඩ්මින්ලාට ස්තුති කරනගමන් එදා ආපු හැමෝවම අදුරගන්න ලැබීම සතුටක් කියලා මම මේ මඩ ගැහිල්ල නතර කරනවා.

ජය වේවා....!!!!!!!







හැමදෙනාටම සාමය සතුට පිරි ඉතිරීයන සුබම සුබ නත්තලක් වේවා...! 

ප.ලි - තව ඩින්ගෙන් අමතක වෙනවා.. සමහරු මඩ ගහයි කියලා බයේ තනියම නාගත්තා.. හික්ස්.. තවත් සමහරු චැට් එකේදී හම්බ වෙලා "අනේ මගේ සුදු නංගියෝ මඩ ගහන්න හිතේ කොනක හරි ආසාවක් තියේනම් මටනම් මඩ ගහන්න එපෝ...." කියලා කිව්වා.ඔන්න මම ඔයාට මඩ ගැහුවෙම නෑ..

19 comments:

  1. අහ් ඒකත් වැදුනද කියලා දැනුනේවත් නෑ....

    ReplyDelete
  2. නියම මඩ පාර.

    සුබ නත්තලක් වේවා..!

    ReplyDelete
  3. හික්ස්... ඇඩෙනවනෙ අෆ්‍‍ෆා.. මඩ දැක්කත් දැතලා නෑ මේ වගේ මඩක්...

    ReplyDelete
  4. හොඳ වැඩෙ හසියට ..බ්ලොග් අවකාසේ පුරාවටම මඩ ..

    ජය වේවා !!

    ReplyDelete
  5. කෑම පැකට් එකේ තිබ්බ රිජිෆෝම් එක දිරවන්නේ නැතිව දොස්තර කෙනෙක්ගෙන් බෙයි ගත්තා කියලා එහෙම අපිට අලියා කිව්වා ඒ ගෙදර සාමාජිකාවක්...නැතිව නැතිව...අර මගේ බත් එකෙන් කන වෙලාවේ පෙරේත කමට රස ඇති කියලා රිජිෆෝම් එකත් කන්න ගත්තා.(කවදා කාපු රිජිෆෝම්ද...නේද හසී නගෝ....)

    ඔය හසී නඟා ෆොටෝ එකේ ෆුල් අප්සැට් ගහලා ෆුල් සැන්ටිමෙන්ටොල් විදිහට ඉන්නේ එයාගේ අර නාකි හුරතලේ නැති අඩුවට...පව් ඉතිං අපි මොනවා කරන්නද...මං කිව්වා මේ ෆොටෝ එකක් ගන්නේ පොඩ්ඩක් හිනාවෙලා කාරිය ඉන්න කියලා..කොහෙද එවලේ ඇන්නා නෙවැ මගේ බන්ඩියට එකක්...එතකොටම තමා මේ හොර උපාසක තාස්පුඩියා ෆොටෝ එක රන් තියෙන්නේ...කොහෙද හරියට ෆොටෝ එකක් වත් ගන්න දන්නේ නෑනේ....

    අහ් අර කෙල්ලෙක්ගේ බෑග් එක ගන්න හැදුව කතාව ඇත්ත‍‍‍...ඒ කෙල්ල දෙල්කඳ පොළ ලගින බස් එකට නැග්ගේ...කළු ටියුලිප් කවරෙකට කිලෝ 20ක් විතර බර දාගෙන...(ගැණුන්ගේ මොළේ තරම තමා‍‍‍‍...)ඉතිං බෑග් එකත් කඩන් වැටෙන්න වගේ...හසියා ඉතිං අසරණ අය ගැන හිතන කොල්ලා නිසා එයාගේ බෑග් එක ගන්න හැදුවා...නැතිනම් බෑග් එක කඩන් වැටිලා සෙට් එකට වෙන්නේ වැටිච්ච එළවලු ටික ඇහිදන්න තමා බස් එකේ බඩ ගාගෙන...ඉතිං අපේ හසී නඟා ඕකට ඉඩ දේන්නේම නෑ...කොහොමද ඊරිසියාව...රුසියාවටත් වඩා වැඩියි කියන්නේ නිකන්යෑ.....

    ඉතිරි ටිකනම් ඉතිං හසී නඟාව දැක්කහම හිතාගන්න පුළුහන්නේ....

    ReplyDelete
  6. පට්ට පට්ට අක්කේ ඔන්න හසී අයියගේ මඩ පරාද මඩක් රිටන් එකට හම්බෙලා.ආයි මඩ ගහන එකක් නැහැ කාටවත්.හෙහ් හෙහ්.
    ඇත්තටම අක්කේ මාත් හසී ෆැමිලි එකේ කෙනෙක් වගේ දැන් නමට හසී කියලා නැති වුනාට.
    ඒ අයියේ නයිස් පොටෝ එක මෙයා...වොන්ඩර්ෆුල්

    ReplyDelete
  7. හසී නඟා සෝමාලියාවෙද ඉන්නේ....එහෙමත් නැත්තං මඩ කාලද මෙච්චර මහත් උනේ....හැබැයි එළ මඩ පාර

    ReplyDelete
  8. පොඩ්ඩා නෙවෙයි පොඩ්ඩි නේද?

    ReplyDelete
  9. ආපෝ දවස් කීයක් බඩගින්නේ ඉඳලද අප්පා ඔය ගොල්ලෝ ගෙට් එකට ගියේ???? කික් බිව්වම කට්ටි කික් වෙච්ච නිසා කාටවත් හරියට මතක නෑ වගේ කිසිම කතාවක්..... එක කතාවට විවිද විදියට ලියන්නේ ඒක වෙන්ට ඕනෑ.......

    මරුම පෝස්ට් තමා........

    ReplyDelete
  10. සුදු නංගියේ ප.ලි කෑල්ලක් දාලා මටත් ලාවට වගේ මඩ ෂොට් එකක් දීලා නේද?

    **** මේ කට්ටියට කියන්න මම අපේ හසී නගාට එයා කියන විදියට කතා කරේ නෑ ඕං‍. පෙනේද මේ කෙල්ල කියන බොරු වල තරම.

    මොනා වුනත් හසියට කරපු දේටනම් මට හරී........ම සන්තෝසයි.
    (දැන් ඉතිං උගෙන් මඩක් කන්න ලෑස්ති වෙන්න ඕනා)

    මේ ගොල්ලන්ට හරි යන්නේ හසී පවුල නෙමේ මඩ පවුල... හික්ස්...

    ReplyDelete
  11. ඇත්තම තමා බ්ලොග් අවකාශේම මඩ.. හෝ ගාලා..
    හසි අක්කියො.. ඔයාටත් සුබම සුබ නත්තලක් වේවා..

    ReplyDelete
  12. හික් හික්!! සාඩම්බර මඩ පවුල :DDD

    ReplyDelete
  13. මඩ සෝදා ගත් කළ හසියන් ...................... ????

    ReplyDelete
  14. හික් හික් හික්... අනේ අපොයි හසියෝ :D :D :D

    ReplyDelete
  15. මඩ ගහනව කියල මෙහෙමත්.... හික් හික්

    ReplyDelete
  16. @හසියා - වැඩිය මඩ ගැහුවේ නෑ ඒකයි ඔය :P

    @Praසන්ன - තැන්කූ අයියා..

    @zujith - හික්ස් ඒකනේ කියන්නේ.. මෙහෙටම එන්න ඕන ඒවා බලන්න...

    @හිස් අහස - හසියා තාම මඩ හෝදනවා..
    ජයවේවා..!

    @පුබුදුවා - හික්ස් මදිලු එයාට නෑවා.. පවු අනේ තව ඉල්ලනවා... ඔයා ඉතින් අපේ මල්ලියනේ :D

    @කුම්භකර්ණයා - හික්ස්, තැන්කූ තැන්කූ..

    @ගයාන් තාරක - අනේ ඉතින් පද හැදුවාට මගේ මලයානේ ඒ..

    @පබලු - :D ජයවේවා..!

    @හා පැටික්කි (MS) - :D

    @prasanna86k - අනේ පව්... අසරණ ගෝල්ඩ් ෆිෂ්.. :P හසියාට රිටරින් එක දෙන්නම එපැයි කියපු බොරු වලට :D

    @නිම්ශා - හි හී.. ඔයාටත් එසේම වේවා..!

    @Madhawa Habarakada - :D

    @blog gadol - හික්ස් :P :P

    @Hasitha - ඔයාත් හසියෙක්නේ ඔයාම හිස් තැන පිරෙව්වානම්... ;)

    @Hasitha ජයසූරිය - :D


    @පිස්සා පලාමල්ල -:D

    ReplyDelete
  17. එක් දිනක හමු වීම අවසානයේ,
    සති ගානක් පුරා ඇදෙන පශ්චාත් ස්වයං වින්දනය.......
    හෙවත්,
    සැබෑ ලෝකය අහිමි සයිබර් මිතුරන්ගේ "මඩ"....

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...