Saturday, January 1, 2011

෴ නව වසරට ආසිරි ෴


සියළු දෙනාටම සතුට,ආදරය පිරි,නිදුක් නීරෝගී,සියලුම සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..! 

මේ සතුට,ආදරය මේ අවුරුද්දට විතරක් සීමා නොවී හැමදාටම රැදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...! 

හැමෝටම ජයවේවා....!


පුංචි දෙයකුත් කියලාම යන්නම්...

හිතේ නැගෙනා දහසක් අදහස්
වචන කිහිපයක දවටා
කුරුටු ගෑ හසීගේ සිතිවිලි
50 වන සටහනත්
කුරුටු ගාමි තුටි සිතින්...



නම් වශයෙන් නොකිව්වත්, අද වෙනකම් මේ පැත්තට ඇවිත් කමෙන්ට් කරපු හැමෝමත්, මාව එයාලාගේම සහෝදරියක් කරගත්ත හසී පවුලේ අයියායි මල්ලිලා දෙන්නයි, ආපු ගියපු සියලුම සහෝදර සහෝදරියන්වත් ආදරයෙන් මතක් කරනවා..ඉදිරියටත් මගෙත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.. 


සියලුදෙනාටම හිස නමා ආචාර කරමින් මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා...!

17 comments:

  1. අනේ හෆෝයි අද ඔයාගෙත් 50 වෙනි පෝස්ට් එකද මේ....(පුදුමයෙන්) ම‍ගෙත් එහෙමයි නෙවැ.... කවුදෑ ඔහොම එකක් දන්නේ... කොහෙද කියන්නවත් බෑනේ කොල් පොල්ලක් දීලා....(බොරු කේන්තියෙන්....) හරි හරි දැන් ඒවයින් මේවයින් වැඩක් නෑ අපිට පාර්ටි එකක් ඕනි...(චාටු බසින්) අපිට කිවට මට විතරක් දුන්නාම හොදටම ඇති....(රහසින්)

    කෝ එහෙනම් හසී නඟෝ දොහොත් මුඳුන්දී වැඳගත්තනම්......

    ඕං රීං ඒසවඃ මේ අපේ හසී නඟා මේ බ්ලොග් පිටු අතර කුරුටු ගෑව වගේ දිගටම කුරුටුගාලා දීර්ඝ කාලයක් බ්ලොග් අවකාශයේ කුරුටුගාන්න හැකියාවත්....කුරුටු ගාන්න සිතුවිළි දොරේ ගලන්නත්....කුරුටු ගාන්න ශක්තිය ධෛර්යය නෙඅඩුව ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමින් හසියා හසියගේ අවංක හදවතින්ම උණුසුම් (හොට් හොට්) සුභ පැතුම් එක්කරනවා....!!!

    ඒ වගේම.....අපේ මේ පුංචි හසී නඟාගේ පුංචි හිතේ තියෙන සියළු පැතුම් සුපැතුම් සියල්ලම හොදින් ඉටුවෙන්නත්...කරන කියන හැමදේම හිතනවටත් වඩා අතිසාර්ථක වෙන්නත්....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන්නත් කියලා හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම සුභ පැතුම් එක්කරන ගමන් අපේ මේ හසී නඟාට " සුභම සුභ නව වසරක් වේවා....!!! " කියලා ඔන්න හසියා ප්‍රාර්ථනා කරනවා....


    අපි එහෙනම්.......

    ඒසවඃ පුඃ

    ReplyDelete
  2. පෝස්ට් එකට දෙකක්ම කියෙව්වෙමි.......

    අක්කියටත් පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී බව පිරුණ සියළු සිතුම් පැතුම් ඉටුවන සතුට ඉතිරී දොරෙ ගලන සුභම සුභ නව වසරක් වේවා...!!!! :* :*

    ඒ වගේ 50 වෙනි ලිපියටත් සුභ පැතුම්..... ( මේවා හසී පවුලේ කුමණ්ත්‍රණ.... ;)) හ පවුල් වාදය හැලි ගාමු........ හික්ස්.... :P

    තව තවත් බොහෝ ලිපි ලියන්න ශක්ලිය ධෛර්ය ලැබේවා....!!!!!! කියලත් පතනවා.....

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාමාමාමාමාමාහ් ♥♥♥♥

    ReplyDelete
  3. ඔබටත් හසී පවුලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා!

    හසී‍‍ගේ සිතුවිලි දිගටම ලියන්නට හැකියාව ලැබේවා...

    ReplyDelete
  4. හසී 1000 පෝස්ට් එක ලියද්දීත් අපි හසි එක්ක ඉන්නවා . හදවතින්ම සුබ පතනවා තව ලියන්න යෝධ බල යෝධ වීරිය ලැබේවා කියලා .

    සුබම සුබ ජයම ජය නව වසරක් වේවා !!

    ජයවේවා !!

    ReplyDelete
  5. ඔබටත් එසේම වේවා කියල හදවතින්ම කියනව... තව තවත් පොස්ට් ලියන්න හැකියාව ශක්තිය දෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරනව...

    ReplyDelete
  6. ලබන්නාවූ නව වසරේදී 100 වැනි පෝස්ට් එක ලියන්නත් ලැබේවා! :)

    ReplyDelete
  7. ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා........!!
    @හා පැටික්කි,
    "පවුල්වාදය හැලි ගාමු" හික්.........හික්.........

    ReplyDelete
  8. මෙන්න වැඩක් මෙතනත් 50වැනි පොස්ට් එකක්. අද 50 වැනියෝ කීයක් ඉන්නවද?
    සුභ පැතුම්. සිය දහස් ගණනක් පොස්ට් ගියන්නට ශක්තිය ධෛර්යය ලැබේවා..!!

    ReplyDelete
  9. මගෙනුත් සුභ පැතුම්...........
    http://nadeesh22.blogspot.com/2010/12/blog-post_31.html

    ReplyDelete
  10. අපෙ අප්පෝ......... මෙන්න දෙන්නම 50 ගහල :D එල එල

    අක්කිටත් සුබ නවවසරක් වේවා

    ReplyDelete
  11. යකෝ තොපි පෝලිමට පනහේ එවා ගහන්න තියා ගත්තද..?
    මල් හතයි නංගියේ...
    උඹලගේ හයියෙන් තමයි අපිත් මෙහෙම ලියන්නේ...
    හා හා වැඩි කතා ඔන නැහැ ඉක්මන් කොරලා තව ලියන්ට පටාන් ගන්ට අපිට බලන්ට තියෙනවා..පලක්කු උනාට තරහා නැහැ කියලා දන්නවා..අයියට කප්පරකට වැඩ..හිතේ නිදහසේ බලන්ට වෙලාව ටිකක් හිග පාඩු උනා නෙව...
    බුදු සරණයි..දෙවි පිහිටයි...

    ReplyDelete
  12. හැපි 2011 ක් වගේම 50 පෝස්ට් එකටත් සුභ පැතුම් හසී නගේ..
    වැඩි වැඩියෙන් ලියන්න අපිට වැඩි වැඩියෙන් කියවන්න..
    ජයෙන් ජය..!!

    ReplyDelete
  13. “ලැබුවා වූ 2011 නව වසර ඔබ සැමට සාමය සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!”

    කරුණාකර මෙම සුබ පැතුම Backdate කරගන්න.
    මෙම සුබ පැතුම ඔබ වෙත ගෙන ආවේ 2011 වසරේ සුබ පැතුම් සඳහා ISO 9001 – 2011 සහතික ලත් එකම බෙදාහරින්නා වෙතිනි. කරුණාකර අනුකරණ සුබපැතුම් වලට නොරැවටෙන්න.
    සන්සරසිදු -

    ...::: සන්සරසිදු | sansarasidu :::... - http://sansarasidu.blogspot.com/

    e – Philatelist - http://sansarasidu-philatelist.blogspot.com/

    ප.ලි/-
    ඒත් එක්කම අර්ධ ශතකයට අපෙනුත් උණුසුම් සුබ පැතුම් !!

    ReplyDelete
  14. මට පොඩි ප්‍රශ්නයක්. ඈත්ත කියන්න හසීයාගෙයි ඔයාගෙයි 50 වෙනි පෝස්ට් එක ඈයි ළඟ ළඟ වැටුනේ.

    මටත් ඕනෙ නැති මගුලක් නැහැනේ. ඒකයි ඈහුවේ.

    කොහොම හරි කමක් නෑ, අපේ හසී නගාට සුභ අනාගතයක්, සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  15. සුබ පතනවා... 50 වෙනි පෝස්ට් එකට. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලත් ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  16. පනහටයි නව වසරටයි මාත් සුබ පැතුවා ඕං.. පරක්කු වුනාට තරහා අවසර. ඒක නෙවි හසී කෙල්ලත් ගිය ආත්මේ මඩ කරියෙක්ගෙ වයිෆ් වෙලාවත් ඉඳල තියනවා වගේ.
    -කාංචන

    ReplyDelete
  17. @හසියා - එසේම වේවා හසියෝ... ගොඩාක් ස්තුතියි, ඔයාගෙ 50වෙනි පෝස්ට් එකටත් සුබ පැතුම්.....
    හසී පවුලට ජය වේවා..!

    @හා පැටික්කි - එසේම වේවා හාවියේ... කුමන්ත්‍රණ නෙමෙයි අනේ...
    ගොඩාක් ස්තුතියි සුබ පැතුමට, උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාමාමාමාමාමාහ් <3

    @ Praසන්ன - ගොඩාක් ස්තුතියි අයියේ, ඔයාටත් එසේම වේවා..!

    @හිස් අහස - ගොඩාක් ස්තුතියි සඳරූ...
    ඔයාටත් එසේම වේවා..!
    ජයවේවා..!

    @zujith - ගොඩාක් ස්තුතියි,එසේම වේවා..!

    @Thameera - ගොඩාක් ස්තුතියි අයියේ..!

    @dinesh - එසේම වේවා..!

    @priyantha.ඒබී - ඔයාගෙ 50වෙනි පෝස්ට් එකටත් සුබ පැතුම්.. ගොඩාක් ස්තුතියි අයියේ!

    @Ano - ගොඩාක් ස්තුතියි..!

    @Hasitha ජයසූරිය - එසේම වේවා පොඩ්ඩෝ!
    ගොඩාක් ස්තුතියි..!

    @මාරයාගේ හෝරාව - අයියා ඇවිත් යන එකම ලොකු දෙයක්.... ගොඩාක් ස්තුතියි අයියේ.... බුදු සරණයි අයියාටත්..!

    @පබලු - ගොඩාක් ස්තුතියි අක්කේ.... එසේම වේවා..!

    @sansarasidu - ගොඩාක් ස්තුතියි අයියේ..
    එසේම වේවා..!

    @prasanna86k - හික්ස් මාළුවාටත් තියෙන ප්‍රශ්න.. ඒ අපි දෙන්නාම පෝස්ට් 49ක් ලියලා තිබ්බ නිසා කලින්... ලොල් :P
    ගොඩාක් ස්තුතියි අයියේ..
    එසේම වේවා..!

    @පිස්සා පලාමල්ල - ගොඩාක් ස්තුතියි අයියේ..
    එසේම වේවා..!

    @කාංචන - ගොඩාක් ස්තුතියි අයියේ..
    එසේම වේවා..!
    පරක්කු වෙලා හරි එන එක ලොකු දෙයක් නේ.. ගිය ආත්මේනම් මඩකරියෙක්ගේ වයිෆ් වෙන්න ඇති මේ ආත්මේනම් එහෙම නෙමෙයි, ඒක මට 100%ක්ම විශ්වාසයි :D

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...