Saturday, April 9, 2011

෴ නරියා හා මෝඩ වලහා ෴

ඔයාලා දන්නවනේ කැලේ සත්තු ඔක්කොම වලහට බයයි කියලා.හැබැයි මේ කථාවේදි නරියා වලහට හොඳ වැඩක් කලා.එක දවසක් වලහට හොඳටම බඩගිනි හැදිලා වලහා කැලේ මැදින් තරහෙන් පුපුර පුපුර ගියා.එතකොට වලහාට හොඳ අදහසක් ආවා.වලහා බිම පෙරලිලා මැරිලා වගේ හිටියා.එතකොට කැලේ සත්තු බය නැතුව වලහා ලඟට ආවා. වලහා ලොකු සතෙක් එනකන් බලා සිටියා.නරියාත් එතනට ආවා.වලහා පැනපු ගමන්ම නරියාව බිම වැට්ටුවා.වලහා මෙහෙම කිව්වා "තෝ රැවටුනා නේද?" වලහා කිව්වා."නෑ නෑ" නරියා කිව්වා."මම ඔබට රසවත් කෑම ටිකක් හොයලා දෙන්නම්" නරියා වලහාව කෑලේ වටේම එක්කගෙන ගියා.එතකොට නරියා කොස් ගහක් දැක්කා.ඒ කොස් ගහේ මීමැස්සෝ රංචුවක් හිටියා.
"අර බලන්න පැනි බේරී බේරී තියන මී වදයක්, අපිට ගස් නගින්නත් බැහැනේ" නරියා කිව්වා.
"ඔයාම ගිහින් ඒක කඩාගෙන කන්න" වලහා ගහට නැග්ගා.
එකපාරටම මීමැස්සෝ ටික ඔක්කොම ඇවිස්සුනා.වලහා ගහෙන් බිමට වැටුනා.වලහාට හොඳටම රිදුනා.වලහාට සිහිය නැති උනා.නරියා මී වදෙත් අරගෙන හයියෙන් එයාගේ ගෙදරට දුවගෙන ගියා.
"මේ ලෝකේ කාටවත් මාව රවට්ටන්න බෑ" කියලා නරියා හික් හික් ගාලා හිනා වුනා. 

ප.ලි - මේක ලිව්වේ, චිත්‍ර ඇන්දේ සෙනුල් පුතා.. කෝ කට්ටිය කොල්ලාට සප් එකක් දෙන්න......

25 comments:

  1. නියමයි නියමයි. ආයෙත් පොඩි කාලෙට ගියා වගේ.

    ReplyDelete
  2. සොයි ටීත........... :g

    ඇබැයි කතාව ලිපීට් වෙලා ටියේ මුල් පේලි ටික..........

    ReplyDelete
  3. පුතගේ චිත්‍රෙ වගේම නැන්දගේ කතාවත් අගෙයි. 100%

    ReplyDelete
  4. කීන්න අමතක උලා...... තෙනුල බබාගේ චිත්තෙත් අලිම ලත්තනයි....... :b

    ReplyDelete
  5. මාත් මේකෙන් ආදර්ශයක් ගත්තා..
    අපිව කඩේ යවන්න හදන එකාව කොහොම හරි අපි වෙනුවෙන් කඩේ යවන්න උත්සහ කල යුතුය..
    හොඳයි නේද..?

    ReplyDelete
  6. හසී ටීච‍ගේ කතාවත් චොයි...සෙනුල පුතාගේ චිත්‍රත් චෝයි....මං දෙන්නටම දෙනවා ලකුණු 10/10ක්..... :t

    ReplyDelete
  7. වෙලාවට කොලුව චිත්‍රයක් ඇඳල දීල නැත්තම් ඉතින් ටීචර් අඳින්න ගියා නම් වැඩේ අල වෙනවනෙ :f

    ReplyDelete
  8. චොයි චොයි.දැන් ලමයි ඉස්සර වගෙ නෙවෙ මාර දක්සයි.

    ෂෙනාල් වගෙ දක්ස පුතෙක් හින්ද හසී යන්තං බ්ලොග් එක බේරගත්ත නේද ?

    ReplyDelete
  9. //මේක ලිව්වේ, චිත්‍ර ඇන්දේ සෙනුල් පුතා//
    එතකොට ටයිප් කලේ හසී නැන්දා ද.
    හරි ඔන්න මගෙනුත් ලකුණු 100ක්...

    ReplyDelete
  10. මාරයා මාමා ගත්ත ආදර්ශයට මමත් කැමතියි.

    ඒක නෙමේ කව්ද සෙනුල් කියන්නෙ! සිත්තරේ නං මරු!ලස්සනට පාටත් කරලා තියෙනවා. ඔන්න මගෙනුත් සෙනුල් බබාට සප් එකක් :t

    ReplyDelete
  11. අනේ තව කථාවක් කියන්නකෝ...

    ReplyDelete
  12. අනේ තව කථාවක් කියන්නකෝ.... :k

    ReplyDelete
  13. ෂා කතාවට වැඩිය මටනම් චිත්‍රය ලස්සනයි. චිත්‍රයට හරියන්න කතාවක් ලියන්නවත් දන්නේ නැහැනේ...:n

    කමෝන් පුතා... හසී අක්කාව විසික් වෙන්න වැඩේ දෙන්න ඕනේ... ආහ් අක්ක නෙමේනේ...:r ආච්චිව...

    ReplyDelete
  14. නැන්දාගේ කතාවට පුතාගේ අත්ගුනේ . . .

    ReplyDelete
  15. මල්ලියගෙ කතාවනම් එළ ඇන්ටියෝ...! :b

    [ඇයි අනේ හැමෝම නරිය කපටී කියන්නෙ! ඌ මොකද්ද මිනිස්සුන්ට කල්ල තියන වැරැද්ද :d]

    ReplyDelete
  16. මේ වලස්සු නාහෙ කඩන් කනව කියන්නෙ ඇත්තක්ද???

    ReplyDelete
  17. අලේ!.. හලො තෝයි ඈ :m

    ReplyDelete
  18. පුතේ තමන්ගේ චිත්‍රයක් අනවසරයෙන් බ්ලොග් එකක පලකල නිසා නඩු මගට බහින්න ...

    ReplyDelete
  19. @ශාමින්ද - හි හී :b :b

    @හා පැටික්කි (MS) - අලේ ඒක හැදුවා :c

    @ChAnDiKa - කථාවත් චිත්‍රත් දෙකම පුතාගේ.. තැන්කූ (ටයිප් කලේ මම) :c

    @හා පැටික්කි (MS) -හි හී තැන්කූ :b

    @Praසන්ன - තැන්කූ :b

    @චතුවා (ළමයා) - තැන්කූ :b

    මාරයාගේ හෝරාව - හොඳයි හොඳයි :c

    @හසියා - තැන්කූ :b

    @Yohan Kanishka | යොහාන් කණිෂ්ක - හික් හික් :d

    @පැන්ඩා - ඒකනම් ඇත්ත :b ස්ස්ස්ස් කට කට යන්තම් ජාමේ බේර ගන්න හැදුවේ :n :d

    priyantha - තැන්කූ :b මම නැන්දා මෙමෙයි පුංචි :i

    @බුද්ධි - තැන්කූ අයියේ :b සෙනුල් කියන්නේ මගේ අක්කාගේ පුතා, කොලුවා සිත්තර අදින්න දක්ෂයා :c

    @කුක්කා - හා හා හෙට අනිද්දාම කියන්නම්කෝ එකක් :c

    @prasanna86k - මේ මාලුවෝ කිව්වා කියලා හිතාගන්න.. :h තැන්කූ සප් එකට.. :b මමත් ආස චිත්‍රෙට තමා :e

    @ඕනයා - කථාවයි චිත්‍රෙයි දෙකම පුතාගේ තමා අයියේ :b

    @සසීන්ද්‍ර වීරසිංහ - හි හී තැන්කූ තැන්කූ :b [ අනේ මන්දා ඇයි කියලා]

    @සුළඟිල්ල | pinkie - මමත් අහලානම් තියෙනවා ඒක :c

    @Hasitha ජයසූරිය - තැන්කූ :b

    @හිස් අහස - අයියෝ මාමේ පොඩි එකාගේ හැකියාවට තැනක් දෙන්න හැදුවේ.. සම්පුර්ණ අවසරය ඇතිව දැම්මේ :c

    ReplyDelete
  20. පිංකි නංගියා ලස්සන කථාවක්. චිත‍්‍රයත් ලස්සනයි. සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම...

    ReplyDelete
  21. අලේ මගේ අයියා ගොඩ කාලෙකින් පිංකි කියලා කිව්වේ.. :i :i හි හී තැන්කූ අයියේ... :b සුබ අලුත් අවුරුද්දක් ගෙදර අයටයි අක්කිටයි :m :m

    ReplyDelete
  22. නියම කථාව අක්කේ, මේ පින්තුරේ දැක්කාම පුංචි කාලේ මතක් වෙනවා හුරුබුහුටි :)

    ReplyDelete
  23. ලොවෙත් නෑ.... පොඩි කාලෙ මතක් උනා....

    ReplyDelete
  24. කෝ කට්ටිය අත් උස්සලා අපේ පුතාට අත්පුඩියක් දෙන්න. ඒ ගමන් හසී නැන්දටත් පොඩි අත්පුඩියක් දෙන්න..........

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...