Tuesday, April 12, 2011

♥‿♥ මගේ හඳ ♥‿♥


ට්‍රීං.. ට්‍රීං...

කවුද මේ.... මම ෆෝන් එක අතට ගත්තේ එහෙම හිත හිත.

"හලෝ.."

"හලෝ බබා, ඔයාගේ ක්ලාස් ඉවරයි නේද?"

"ඔව්, මේ දැන් ඉවර උනේ..."

"මම මේ එනගමන් ඉන්නේ.ඉක්මනට එන්න. ඔයාගේ ක්ලාස් එක ලගමයි මම ඉන්නේ"

"හොර කොල්ලා මට කිව්වේ වත් නෑ අද එනවා කියලා..."

මම ක්ලාස් එකෙන් එලියට ඇවිත් අතුරු පාර දිගේ ඇවිදන් ආවා.කෝ.. පේන්නවත් නෑනේ...තාම ගේ ලඟද දන්නේ නෑ..

ට්‍රීං.. ට්‍රීං...


ආයෙත් කෝල් කරනවා.

"බබා මම ඉන්නේ පාරෙන් එහා පැත්තේ පේනවාද මාව.."

"ම්ම්ම්ම්ම්... ආ ඔව් ඔව් පේනවා.. පාර පැනලා එන්නකෝ.."

"අදනම් පාර පනින්න බෑ වාහන ගොඩායි කහ ඉර ගාවට
එන්න.. "

"හ්ම්ම්.."

අපි දෙන්නා පාර දෙපැත්තෙන් ඇවිදන් ගිහින් කහ ඉර ළඟට ආවා... මම පාර පැනලා එයා ළඟට දුවගෙන ගිහින් අතේ එල්ලුනා...

මේ සිදුවීමත් හරියට අපි දෙන්නාගේ කථාව වගේමයි.අහම්බෙන් පන්තියකදි හමු වෙලා  ගොඩාක් හොඳ යාළුවෝ වෙලා ඉඳලා විභාගෙන් පස්සේ අපි ආයේ හමු නොවුනත් මාව දැක්ක දවසේ ඉඳන්ම මටත් හොරෙන් අවුරුදු 5කට ආසන්න කාලයක්  මට ගොඩාක් ආදරේ කරලා මාව අමාරුවෙන් හොයගෙන මට ආදරේ කරලා අන්තිමේ මාව එයාගෙම කරගත්තා.


අමාවක කළුවර වැටිලා
තිබ්බ මගේ ජීවිතේට
පුන් සඳක්වෙලා
සිසිලස දෙන්න,
මගේ ලෝකෙම එළිය කරන්න
ආපු මගේ හඳට
හැමදාම ගොඩාරියක් ආදරෙයි....

47 comments:

  1. ඔන්න එහෙනම් මගෙන් සුභ පැතුම්. මුලු ජීවිත කාලෙම වාසනාවන්තව සතුටින් ගතකරන්න ලැබේවා!!!! :t

    ReplyDelete
  2. අපි දැක්කා එදා දෙන්නාගේ ආදරේ :D
    ජිවත් වෙලා මැරෙන කම්ම ඔය ආදරේ එහෙන්ම රැදේවා කියලා මං පතනවා.. සුභ පැතුම් :D :D

    ReplyDelete
  3. සුභ පැතුම්..

    මේ දවස්වල ආදර කතා ගොඩයි...

    ReplyDelete
  4. මංගලම් ජය මංගලම්... :e
    වේවා සිරි සුභ මංගලම්.. :m

    අපිට කේක දියාව්.... :s

    ReplyDelete
  5. :b සුබ පැතුම්

    ReplyDelete
  6. මල්ලි ගනන් ගන්න එපා... සන්සාරයේ කරපු පව් කොහොම හරි පල දෙනවා... ඒවා වලක් වන්න බෑ.... හික් හික්...

    සුභ පැතුම් නංගී....

    ReplyDelete
  7. ඇ... මේං හසියත්....

    දැං ඉතිං මට චොකලට් දෙන්න නංගි කෙනෙක් හොයාගන්න වෙනවා... හික්... (හපෝ ඇති යන්නං චොකලට් සෙල්ලමෙන් බේරුනා)

    දෙන්නටම සුභ අනාගයක්... ඒ වගේම සුභ සුභ අළුත් අවුරුද්දක්....

    ReplyDelete
  8. සුභ පැතුම් අක්කේ.. :b මේක තමා එහෙනම් අර අගේ කර කර ලියල තියෙන්න..

    ReplyDelete
  9. හරි ලස්සන ආදර කතාවක්.. සුභ පතනවා ඔය දෙන්නට.."ලස්සන අනාගතයකට... සුන්දර වර්තමානෙකට.."!!! ^_^

    ReplyDelete
  10. සුබ පැතුම් මගෙනුත්

    ReplyDelete
  11. ඔන්න එහෙනම් බුලටෝ ගෙන් සහ බුල්ටී ගෙනුත් සුභ පැතුම් දෙන්නට ........

    ReplyDelete
  12. සුභ පැතුම්.... හැමදාටම ඔය ආදරේ ඔය විදිහටම ඔයා ළඟ ‍රැ‍ඳෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..... :c

    ReplyDelete
  13. සුබ පැතුම් දෙන්නටම ..........

    කිව්වත් වගේ අපි දැක්කා නොවැ එදා ර‍‍ඟ :DDDD

    ReplyDelete
  14. දෙන්නටම සුභ පැතුම්... :m

    මාරයියා: බ්ලොග් අවකාශේ ප්‍රේම අවකාශේ වෙලා :i

    ReplyDelete
  15. ලොල්ය... මගෙනුත් සුබ පැතුම්.. හික් ය.

    ReplyDelete
  16. සුභම සුභ අනාගතයකට සුභපැතුම්!

    ReplyDelete
  17. මේක මගුල් සක්වලක්නේ ! ජය වේවා ජය වේවා !!! මාරම සතුටුයි ..

    අළුත් කපල් එකට තිස්තුන්කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!

    ReplyDelete
  18. සුභ පැතුම් දෙන්නටම.

    ReplyDelete
  19. ඔන්න අපෙනුත් සුභම සුභ පැතුම්.......... (කලින්ම සුභ පතලා‍ වැඩිය නෝන්ඩි උන්නෑනේ ඉතින්..... හික්ස්)

    එහෙනම් මේ වගේම ආදරයෙන් බැඳුන ලස්සන අනාගතයකට අපි දෙන්නම සුභ පතනවා........!!!! :m :m

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්මාමාමාමාමාමාහ්........ :g :g
    ආ ඒක මගෙන් ඉසි පෙසල් ඔපර් එකක් අක්කියට....... :a

    ReplyDelete
  20. එදා කකුලෙ ගැටගහං ඇදගෙන යද්දි හිතුව කවද හරි කොල්ලට ඔය සංතෑසිය වෙන වග . . . . කොහොම හරි . . .. මෙන්න බොලාල දෙන්නටම ඕනෙ ගෙං සුභ පැතුම් . ..

    ReplyDelete
  21. අඩේ හසී අක්කා......................... මරු ඈ.... එහෙනම් තවත් පාටියක්.. මේ දවස්වල සිංහල බ්ලොග් ලියන අයට සිකුරා ලබලද කොහේද... :q :q :q

    ReplyDelete
  22. හෝව් හෝව්... සුබපතන්නත් අමතක වුනා මේ තංතෝසේ වැඩිකමට..

    අලුත් ජෝඩුවට මං ළමයාගෙන් සුබම සුබපැතුම්.. ජය වේවා..! :c :d

    ReplyDelete
  23. හුරේස්... ජය වේවා! :m :m :m

    ReplyDelete
  24. අහ් අක්කේ....... ජෝඩුවගෙන්ම පාටියක් ඕනා හරිය

    ReplyDelete
  25. සුබ පැතුම් එක්කල හැමදෙනාටම ගොඩාක් ස්තුතියි..! සමහරු තේරුම් අරන් නෑ වගේ ඊයේ තමා අපේ ප්‍රථම ආදර සැමරුම.. හික් හික්.. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා...කිරියෙන් පැනියෙන් ඉතිරේවා..! සියළු කටයුතු සාර්ථක වේවා..

    හසීගෙනුයි සජිතගෙනුයි සුබ පැතුම්....!

    ReplyDelete
  26. මගෙනුත් සුභ පැතුම් දෙන්නටම

    ReplyDelete
  27. පැන්ඩාගෙන් සොදුරු අනාගතයකට සුභ පැතුම් :m .දෙන්නටම තුන් රුවනේ සරණයි

    ReplyDelete
  28. ඔන්න හදවතින්ම සුභ පතනවා දෙන්න‍ට....සොරි වෙන්න ඕනි පරක්කු වුනාට...දන්නවනේ හේතුව‍.‍‍‍‍...දෙන්නටම ආදරය සතුට සමගිය පිරිණු නිදුක් නිරෝගී දිවියකට අපි දෙන්නගෙන් සුභ පැතුම්....!!! :t

    ම්ම්මම්ම්ම්....එක්කෝ ඕනි නෑ... :a

    ReplyDelete
  29. ෂා ෂා මල් හතයි....:t :t සුබ පැතුම් ඔය දෙන්නාටම මගෙන් :m

    ReplyDelete
  30. හම්මේ සිංහල බ්ලොග් අවකාසෙ මගුල් සක්වලක් වෙලා නේ...එළ එළ
    සුභපැතුම් පොජ්ජෙගෙනුත් සොදුරු අනාගතයකට...

    ReplyDelete
  31. සුභ පැතුම් ...සුභ අනාගතයක්

    ReplyDelete
  32. සොයන්නාට සම්බවෙන.... අතට දුන්නත් අන්ධයා තියාගන්නැති...
    නෙල්ලි වගේ රස ගොඩාක් තියෙන ආදරේ කියන්නේ පුදුම දෙයක්....

    සුභ පැතුම්.....

    ReplyDelete
  33. සුභ පැතුම්.... හසී
    හැමදාටම ඔය ආදරේ ඔය විදිහටම ඔයා ළඟ ‍රැ‍ඳෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  34. සුබ පැතුම් එක්කල හැමදෙනාටම ගොඩාක් ස්තුතියි..! :b :m :m

    ReplyDelete
  35. දෙන්නාට සුභම සුභ පැතුම්. මොකක් වුණත් හසී අක්කා හොඳා.................යි. හැංගි හැංගි හිටියේ නැහැ. ඒකට හොර හසි අයියා අහුවෙනකම් ඉන්නේ හක්කේ තියලා සෙම අරින්න.

    හසී මලේ දැන් අපි දෙන්නා විතරයි අකේලේ group එකට ඉතුරු වුනේ. හරියන්නෑ වැඩේ. ඕන් කිව්වා..............

    ReplyDelete
  36. ඒ කාතා කාරයෝ මොකක්ද කීවේ...ආ....
    හරි හරි පොඩ්ඩක් හිපටන් උඹලා දෙන්නටත් සැට් කොරලා දෙනකම්....

    ReplyDelete
  37. ආයිෂමා ගුණ්ඩු මෙහෙම අයියලා අපිට වාසනාවන්.

    ඈ අය්යේ උඹලා වැටුණු අමාරුවේ මේ අහිංසක පොඩි කොල්ලෝ දෙන්නවත් දාන්නද හිතන් ඉන්නේ.

    හිතුවා මදි :))

    ReplyDelete
  38. මගෙනුත් සුබ පැතුම් නගේ........ :m

    ReplyDelete
  39. යහපතක්ම වෙන්න ඕන දෙන්නටම!!!

    ReplyDelete
  40. දෙන්නටම සුබ අනාගතයක්!!!

    ReplyDelete
  41. නාවට මාත් දැක්ක ආදරේ පොටො වල..පංකාදුයි ඇ
    දෙන්නටම තුනුරුවනෙ සරණයි..යහපතක්ම වෙන්ට ඕනි..

    ReplyDelete
  42. මලා ඔන් මතකෙ තරම..එක දවසක් මෙක බලල කමෙන්ට් කොරල නෙ..කමක් නැ අපේ හසීට දෙපාරක් නෙවෙ කොච්චර සුභ පැතුවත් කාරි නැ.

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...