Friday, April 22, 2011

෴ පොඩි එකීට දිවුල් කිරි පොවපු හැටි ෴

මේ දවස් වල හසී බිසී නිසා හසීගේ නංගි ඩොකීට කිව්වා පොඩ්ඩක් බ්ලොග් එක අප්ඩේට් කරන්න කියලා.......



ඔන්න ඉතින් ඒකාලේ මම හිච්චි එකී, හය හතර දන්නේත් යාන්තමින් .ඉස්කෝලේ 5 වසරේද කොහේද, අපේ ලොකු මාමාගේ දුවගේ වෙඩිමට අපි ලෑස්ති වෙවී හිටියේ.ලොකු මාමා රට ඉදන් ආපු නිසා ජයටම වෙඩිම ගන්න හැමදේම ලෑස්ති කලා ඉස්පෙෂලී බෙබ්සන්ලාට බීම.ඒ කාලේ අපේ සෙට් එක ලොකු මාමාගේ පුතාලා දෙන්නයි, දුවයි, අපේ අයියයි මමයි. හැමෝටම වඩා පොඩි උනාට අපි සෙට් එක එකටම හිටියේ.ඔන්න ඉතින් වෙඩිමත් ජයසිරි මංගලම් කියලා ඉවර උනා.. අපි දෙන්නා හිච්චි එවුන් උනාට අපේ අයියලා කරදඩු උස්මහත් වෙච්චි ලොකු අය නිසා මෙයාලාට ඕන උනා ඉතිරි වෙලා තිබ්බ බියර් වලට වැඩේ දෙන්න, කොහොමින් හරි හොරෙන් උස්සපු බියර් බිබී මෙයාලා ඉන්නකොට සෙල්ලම් කර කර හිටපු මමත් එතනට ගියා.. මම හිච්චි එකීනේ.. බෝතල් පේන්න තිබ්බෙත් නෑ.. මෙයාලා වීදුරුවල දාලා  මොනවාද බොනවා.

අයියේ මොනාද ඔය?

කිසි සද්දයක් නෑ.. කියන පාටකුත් නෑ මොනාද බොන්නේ කියලා
දැන් මේ දෙන්නා මූනට මූන බලාගෙන ඉන්නවා.. ටික වෙලාවක් ගියා.. ම්හු... නෝ කථා ටිකක් වෙලා ගිහින් මෙන්න එකපාරටම අහපි අපි මේ දිවුල්කිරි බොන්නේ ඔයාටත් ඕනිද කියලා.

කොහොමත් දිවුල් කිරි බොන්න ආස මම හා කියලා කිව්වා.මටත් ඉතින් වීදුරුවකට ටිකක් දාලා දුන්නාවීදුරුව නහයට ලං කලා.. අමුතු ගඳක් එනවා..

මේවා පරණ වෙලාද අමුතු ගඳක් එනවානේ... 


නෑ නෑ ඒ හැටි ඕවා හොඳයි බීලාම බලන්නකෝ.. කුප්ප හිනාවක් දාගෙන චූටි අයියා කිව්වා.මාත් ඉතින් ඔන්න ඔහේ බීලා බලනවා කියලා වීදුරුව කටට ලං කරලා උගුරක් බිව්වා.උගුර දිගේ පහලට මහා සැරක් වගේ ගියා.. එකපාරටම මට ඔක්කාරෙට වගේ ආවා..
 

චීයා මේ මොනවද කියලා කෑ ගහගෙන මම එලියට දුවලා කෙල ගැහුවා.
අයියලා ටික බඩ අල්ලන් හිනා වෙනවා...

පස්සේ තමා ඩොකී දැනගත්තේ දිවුල් කිරි කියලා රවට්ටලා අයියලා දීලා තියෙන්නේ බියර් කියලා..







ඔන්න ඔහොම තමා ඒ භයානක සිදුවීම උනේ.....

37 comments:

  1. මෙන්න තවත් බේබද්දියෙක්..කෝ එන්න එන්න කට්ටිය අපි මෙයාටත් ගල් ගහමු...

    ReplyDelete
  2. හික්ස්........
    අප්පා මාර දිවුල් කිරි බීමක්.......:q

    ReplyDelete
  3. මම පළවෙනි පාරට බිව්වේ 10 වසරත් පහුවෙලා. යකෝ බලා ගෙන ගියාම නගා සෑහෙන්න ඉස්සරහින් නොවැ. එහෙනම් වෙරි‍ වේවා හරිය.

    ReplyDelete
  4. හෆ්ෆා දැන් මෙක්ත් රැල්ලට ගියා ඒහෙනම්

    ෆා/සංජු/හෂී ... ඊලඟට කවුද?

    ReplyDelete
  5. අනෙ අප්පේ.. මෙහෙව් අයියලා...

    ReplyDelete
  6. චා චා ගෑනු ළමයෙක්ට ඔබින වැඩද මෙව්වා ඈ?

    ReplyDelete
  7. ඊළඟ එක මගෙන් කමින් සූන්

    ReplyDelete
  8. රට ජාතිය ආගම සංස්කෘතිය සභ්‍යත්වය සහ මෙකි නොකී සියළු දේවල් වනසන මේ වගේ බේබදු කෙල්ලන් බ්ලොග් අවකාශයෙන් එළවා දමමු!!!! :t

    ReplyDelete
  9. කියලා තියෙන්නේ බියර් බීමට වීම ගැන අප්‍රසන්න තාවයකින් නිසා උඹ අදට බේරුනා කියලා හිතා ගනිං නගා........ :)

    ReplyDelete
  10. අපෝ මහ බාබෙද්දෙක්නෙ :P

    ReplyDelete
  11. කවද බීපු දිවුල් කිරිද?

    ReplyDelete
  12. දිවුල් කිරි Mark බියර්!!! :D

    ReplyDelete
  13. අනේ අනේ පොඩීඑකීට බියර් පෙව්වට අය්යලට ගුටි දෙන්නඕනෙ. :)

    ReplyDelete
  14. @මාරයා - අලේ මට බොරු කියලානේ පෙව්වේ... හික් හික් :c

    @හා පැටික්කි - හික් හික් :c

    @ශාමින්ද - හික් හික් :c චියර්ස්..! :b

    @වැප් - නෑ නෑ මෙව්වා බලෙන් පොවපුවා :j

    @තනෝජා රාජපක්‍ෂ - අනේද කියන්නේ අක්කේ :j

    @නිශ් - අලේ ඉතින් මම මක් කොරන්නද? :n

    @shanu - :b :b

    @ම - බලෙන් පෙව්වාම මම මක් කරන්නද?:s :s ඊට පස්සේ කටේ තියලා නෑ :c

    @RanDil - :r :r අලේ බුදු අක්කේ මම ආයේ කටේ තියලා නෑ.. තියන්නෙත් නෑ.. :b

    @Bunny - හික් හික් නෑ මම කිරිබද්දෙක් :d

    @Praසන්ன - ඒකනේ අයියේ :c

    ReplyDelete
  15. @roylyfernando - හික් හික් එහෙම එකක් වෙන්න ඇති දෙන්න ඇත්තේ :b :q :q

    @නදී - අක්කාට විතරයි තේරුනේ ඒක :b

    ReplyDelete
  16. මටනං හිතාගන්න බෑ. නංගිලාට බියර් දෙන අයියලාගෙන් තවත් මොනවා බලාපොරොත්තු වෙන්නද කියලා නංගිලා!

    ReplyDelete
  17. @බුද්ධි - හ්ම්ම්.. එයාලානම් දැන් අපිත් එක්ක තරහා වෙලා..

    ReplyDelete
  18. සිංහල බ්ලොග් කියවිල්ල නවත්තන්න වෙලා තියෙන්නෙ. අරහෙන් රංග, වැපා, බේබදු කතා ලියනව එයව් අස්සේ කෙල්ලොත් පටන් අරං. අහිංසක අපි දැන් එක්කො බේබද්දෝ වෙනව, නැත්තන් මේව කියෝන එක අතාරින්න වෙනව.

    වෙලාවට මාරය මතට තිත තිබ්බෙ.

    ReplyDelete
  19. හික් හික් අර මඩයා තමා මේ සේරටම මුල, ඕවා ලියන්න මෙහෙයෙවේ එයා තමා :j

    ඔබා මාමා දුක හිතන්න එපා, දැන් කාලේ හැටි ඔහොම තමා :d

    ReplyDelete
  20. අපෝයි අක්කේ... අනේ අනේ අයියට දෙන්න තිබුනේ ටොක්කක්

    ReplyDelete
  21. "ඔන්න ඉතින් ඒකාලේ මම හිච්චි එකී, හය හතර දන්නේත් යාන්තමින් "
    දැනුත් වැඩි වෙනසක් නෑ නේද හසී? හික් හික්

    පේනවද? මෙය ඕනකමින්ම බීලා දෑන් කියනව වීසි කරාලු. මෙයා ඇටකට්ටක් වගේ ඉන්නෙ මේක තමා එහෙනම්. අනේ අම්මපා දෑන් හෑදෙන කෙල්ලොත් විස්වාස කරන්න බෑ අප්පා..... බේබද්දී!!!

    බේබදු ඩොකී!!!!

    :o :b :t

    ReplyDelete
  22. මොනවා නැතත් කමක් නැහැ ඔය "ඔබා" මාමව එහෙම නරක් කරන්න එපා..ඔය බීම ජාති ගැන කියලා..තාම කුක්කු පැටියා...

    ReplyDelete
  23. ඊට පස්සේ ආපසු ගියේ කොහොමද? ඊට පස්සේ තමා හොඳ හරිය තියෙන්න ඇත්තේ..

    ReplyDelete
  24. වැඩක් නෑ වැඩක් නෑ කිතුල් රා ටිකක් බීව නම් ඔන්න ජාතික පානේ බීල තියෙනවා කියල ඔයාට කය්ය ගහන්න පුළුවන් වයසට ගිය දාක !

    ReplyDelete
  25. :k :k මම නම් ඉතින් කරපු වැඩේට අයියට හොදට ටොකු ඉල්ලලා දෙනවා අම්මගෙන් :P

    ඒත් ඉතින් අයියෙක් කොයින් මට :n :n

    ReplyDelete
  26. අපෝ... දැන් ඉතිං බේබදු කතා ඔක්කොම ටික එලිවෙයි වගේ... ​දිවුල් කිරි මොන රසද නංගියේ...?

    ReplyDelete
  27. අනේ අම්මා පල්ල ... මෙන්න බොලේ කෙල්ලෝ බීලා ! ඔන්න මමත් ගලක් ගැහුවා ..

    ReplyDelete
  28. :t
    අලේ... මේකිව තියන්න වටින්නෑනේ බොල... මම මුලටම බියර් සුට්ටක් කට ගෑවේ ෆැකල්ටි එකේ සෝෂල් එකේදි... :n :e හෆොයි හෆොයි...
    :t

    ReplyDelete
  29. අමතක විය.. ඔන්න මමත් ගලක් ගැසුවෙමි...

    ReplyDelete
  30. හසී මම නම් බනින්නේ නෑ වෙලාවක අපි සෙට් වෙමු හරිය,,ඔයාට කැමති බීමක්,,

    ReplyDelete
  31. හපොයි බලාගෙන ගියහම මෙතෑන ඉන්න ඔක්කොම එවුන් බේබද්දෝයි , බේබද්හ්ඩියොයි නේ ....

    ReplyDelete
  32. චා චා.. මෙහෙම ගියොත් කොහොමයි අපි අයිස්චර්යට යන්නෙ. සඟිස්කුරුතිය, සබියත්වට විනාසයි නෙව. ගෑණු ළමයි උනාම ඇල්වතුරත් ඩිංග වෙන්න බොන්න ඕනෙ ජාතියක් නෙව. :D :D

    ReplyDelete
  33. බියර් කියලා දැනගත්ත නම් රස කර කර බොන්න තිබුනා නේ.... :D

    ReplyDelete
  34. ඔය අයියලා දෙන්නා ගැන ළමා රක්ෂණ් අධිකාරියට කියන්න වෙනවා. මේ අහිංසක නොදරුවාට අළුත් ජාතියක දිවුල් කිරි බොන්න දුන්නාට. හැබැයි ඉතින් මේ පොඩි කෙලිත් දිවුල් කිරි කියලා බිව්වා කියලා නම් හිතෙන් නැහැ. මොකක් හරි යටිකූට්ටු වැඩක් තියෙනවා..............

    ReplyDelete
  35. නොකියා කීවේ ඊළග පාර සෙට් වුනහම මටත් ග්ලාස් එකක් නවන්න දෙන්න කියලා වෙන්න ඇති.... :r
    මඩයෝ ඔන්න අළුත් සාමාජිකාවක් ඇවිත්.... :q

    ReplyDelete
  36. ඇත්තටම නගේ මගෙ හිතට හරිම මෙවුවයි මේ විදියට අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න තරුන පරපුර මේ විදියට මතට යොමු වෙද්දි . . . .
    මත් රකුසා පන්නමු . . . .!!!!

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...