Thursday, May 19, 2011

~ නොසිතු සමුගැනීම ~


ලියන්නට පද වැලක් නොහැක මා හට 
කිසි දින නොපැතූ දෙයක් සිදු වී ඇත 
කෙසේ පවසම්ද හදවත දවන වේදනාව
කීම මෙසේ යන්නට ගියේ අප අත හැර 




දිලුම් අයියේ එදා සයිබර් සැණකෙළියේදී මගේ ලගටම ඇවිත් මෙහෙම උදවු කරද්දී මම හිතුවේ ඊලග සැණකෙළියේදී ඔයා අපිත් එක්ක ඉදි කියලා හොද සුවයෙන්... එත් කොහොමද දැන් මම හිතන්නේ මේ ආත්මෙදි ආයේ ඒ දවස එන්නේ නෑ කියලා. කවදාවත් මේ වගේ දෙයක් ලියන්න වෙයි කියලා මම හිතුවේ නෑ.එත් අද...... අයියේ ඔයාට අයේ උපදින ජාති ජාති මේ වගේ අකල් මරණයක් නොවෙන්න කියලා පතන්නම්... නිදුක් නිරෝගී සම්පතම ලැබෙන්න කියලා පතන්නම්.. ආයෙත් අපේම සහෝදරයෙක් වෙලා අපි අතරම ඉපදෙන්න.. අපි එදාට මුණ ගැසෙමු...!

8 comments:

  1. කතා බස් කොට නොමැත කිසි දිනක මුන ගැසී
    ඇතිවීය මිතුදමක් නව ලොවක තෙද බලෙන්
    නික්ම යා යුතුය ඔබ කැඳවීම ළද හෙයින්
    නමුදු නොමැකේ දිලුම්, "ඉලංදාරිය" හදවතින්

    ඔබ පැතු ළොව ඔබට ලැබේවා....!!!!

    ReplyDelete
  2. ඔව් හසී අක්කේ... මම දිලුම් අයියව දැනගත්තෙත් මගේ අයියගෙන් මීට මාස 3කට කලින්. හුගාක් දුකයි මමත් හිතුවේ එයා සුව වෙයි කියලා.... දිලුම් අයියට නිවන් සුව පතනවා!!!

    ReplyDelete
  3. දිලුම් සොයුරාට නිවන් සුව පතමි.

    ReplyDelete
  4. දිලුම්ට මතු ආත්මයකදී මෙවන් අකල් විපතක් නොවේවා.....!!!!!

    ReplyDelete
  5. දිලුම් වෙනුවෙන් අපි හොඳ මිනිසුන් වෙමු!

    ReplyDelete
  6. ජිවිතේ අපිට ගොඩාක් වටින වැදගත් අය ඉක්මනින්ම අපෙන් ඇතට යනවා...
    එත් දවසක අපේ ඉලංදාරියා ආයේ අපි අතරටම ඒවි.. ඒ දවස ගොඩාක් ඉක්මන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු

    ReplyDelete
  7. ඉපිද මැරේ යලි ඉපිදේ...නොතිර සසර සාගරේ....
    අතරතුරේ යලි හමුවේ...
    නොතිර සසර සාගරේ...

    ReplyDelete
  8. දිලුම්ට නිවන් සුව ලැබේවා..........!

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...