Tuesday, June 21, 2011

෴ ලඟින් හිඳිනු මැන ෴




නෙත නිදිවර අහිමිව 
සොයයි නිති ඔබේ රුවම 
ඉකිබිඳීන සිත තනිව 
සනහාලන්නට හැකිද  නුඹට 
දුරස් නොවී කිසිවිටක 
ලඟින් හිඳිනු මැන 
සෙවනැල්ලක සේ...... 

21 comments:

  1. නංගී මොකද කොන්ඩේ අවුල් කරගෙන..............:D

    පීරලා හොඳට ගොතලා ඉවර වෙලා ආපහු කියන්න බලන්න........ කෙනා නොසෙල්වී ඉඳියි ලඟින්.......

    ලස්සන කවි පෙලක් නගෝ.... :)

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම් ඕක තමා හැම කෙල්ලෙක්ගෙම වගේ ඉල්ලිම වෙන්නේ තමන්ගේ ආදරවන්තයාගෙන් :i

    ReplyDelete
  3. ලස්සනයි. ඇත්තටම තමන් ආදරේ කරන කෙනා තමන්ගේ සෙවනල්ලක් වගේ ඉන්නවනම් නෙ.....???

    ReplyDelete
  4. ආ මෙන් තවත් ඉඟියක් 4 වෙනිදා ගැන

    :DDD

    කවිය නම් ෆට්ටයෑ

    ReplyDelete
  5. හිස අතගා සනහන්නම් නගේ...

    අවුලක් තියෙනවා නුඹ සහා නුබ අතර.
    නුබ = අහස
    නුඹ = නුඹ/ඔබ

    ReplyDelete
  6. Elazzzzzzzz... :b

    Prasa

    ReplyDelete
  7. ආලොකය නැතිතැන පලායන සෙවනැල්ලක්...එක්කල මොන තනි රැකිලිද අනේ///

    ReplyDelete
  8. සෙවනැල්ල වී මගෙ ලගම
    හිදිනු මැන හැමදාම
    මේ ආදරෙන් ඔබගෙන්
    පතන්නේ එපමනයි සොදුර..

    ReplyDelete
  9. ලස්සනයි පද ටික

    ReplyDelete
  10. මේ දවස් වල හෙවනැලිත් ෂුවර් නෑ :j
    ලස්සනට ගොතල තියෙනවා :c

    ReplyDelete
  11. එලස්. :t

    මටත් කවි කොලයක් ගහලා දෙන්න බැරිද බස් එකේ විකුණලා කීයක් හරි හොයාගන්න.ලාභේ සම සමව බෙදාගමු.:a

    ReplyDelete
  12. මේ දුර හොඳයි ලංවෙන්නට බැරි සිතුවිලි ලොවේ...ලස්සනයි

    ReplyDelete
  13. ලස්සනයි ලස්සනයි...හැමදාම ලගින්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.....:c :d :m

    ReplyDelete
  14. රොමාන්තික කවියක්.. සුන්දරයි…!

    ReplyDelete
  15. @Randil - :r මේ හුළඟට කොන්ඩේ අවුල් වෙලානේ අක්කේ.. තැන්කු හි හි :b

    පුසා - තැන්කු ඈ :b

    ශානු - හැබෑට.... හික්ස් :i

    මදුරංග - හ්ම්ම්... :m

    සෝරෝ - :b :p :c

    ප්‍රසන්න - තැන්කු අයියා :c

    වැප් - ඔව් ඔව් එදාට වෙඩිමනේ හිකිස්‌ :p :q
    තැන්කු ඈ... :d

    දිලීප - තැන්කු වේවා :c

    පබළු - වැරැද්ද හැදුව අක්කියේ.. :b තැන්කු කියලා දුන්නට :g

    ප්‍රසා - thnx dala... :c

    indi - ඒකත් ඇත්ත.. :c

    Dinesh - ලස්සනයි සහෝ :b

    දිල් - තැන්කු අක්කා :c

    චාම් - හිකිස්‌ තැන්කු :c

    පාල - හප්පේ කවි කොළ ගහන්න බෑ :p

    ජනරඟ - තැන්කු :c

    සිනි - තැන්කු ඇන්ඩ් සේම් ටු යු :c

    රසික - ස්තුතියි සහෝ... :c

    ReplyDelete
  16. නිඳි නොමැති රාත්‍රී ගෙවා
    සොයා ගත් රුවට
    සදාකල් තනි මකනු
    නොහැකි බැව් දැන ගනු
    තම හිසට තම අතම හැර
    වෙන සෙවනක් නොසොයනු . . .හෙ හෙ හේ

    ReplyDelete
  17. නිඳි නොමැති රාත්‍රී ගෙවා
    සොයා ගත් රුවට
    සදාකල් තනි මකනු
    නොහැකි බැව් දැන ගනු
    තම හිසට තම අතම හැර
    වෙන සෙවනක් නොසොයනු . . .හෙ හෙ හේ

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...