Wednesday, August 24, 2011

෴ නමක් නැති මහා කන්ද ඔබ අප්පච්චි ෴



අද උදෑසන හදිස්සියේම සීතලත් සමඟ අවදි වූ මා තව තවත් ගුලි වී හොඳින් පොරවගත්තේ වැස්සත් සමඟ තවත් දවල් වෙනතුරු නිදා ගැනීමේ අපේක්ෂාවෙනි. යන්තමින් නින්ද ගෙන එද්දී කෙඳිරිලි  හඩක් සමඟම "තාත්තා වැටිලා " යන අම්මාගේ කට හඩින් උඩ විසිවී ඇහැරුන මා සාලයට දිව්වේ කෙසේදැයි නොදනිමි. අයියගේ වාරුවෙන්  තාත්තා පැමිණ පුටුවක ඉඳගත් අතර, දණහිස හොඳටම ඉදිමි තිබුණි.

 මා සිත අතීතයට දිව ගියේ, එවකට මා පාසලේ හතර වන වසරේ ඉගෙනුම ලබන කාලයයි.සැමදා උදෑසන මා පාසලට ඇරලවා වැඩට යන තාත්තා නැවතත් දහවල් මා කැඳවාගෙන යන්නට පැමිණෙයි. දිනක් දහවල් තාත්තා නොපැමිණි අතර මදක් පමාවී මාගේ ලොකු මාමගේ පුතා පැමිණි අතර, අදටත් මට මතක ඇති අන්දමට මා විමසුවේ තාත්තා කෝ කියාය.තාත්තා ගෙදර කිව් අයියා මාව නිවසට ගෙන එනවා වෙනුවට ලොකු මාමාගේ නිවසට එක්කන් ගිය අන්දමද, එහි ගිය විට තාත්තා උදෑසන හදිසි අනතුරකට මුහුණදී රෝහල් ගත කල බව දැන ගන්නට ලැබුණි. උදෑසන මා පාසලට ඇරලවා වැඩට යද්දී බිමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් දකුණු අත හා කකුල කැඩී ඔහු රෝහල් ගත කර ඇත.එවකට එතරම් තේරුමක් නොවූ මා දිගටම මාමාගේ නිවසේ නතර වුයෙමි. අත හා කකුල බැන්ඩේජ් වලින් ඔතා රෝහල් ඇඳ මත සිටි තාත්තා දුටු මාගේ ඇස් කඳුලින් බරවිය.. එකතැන් වූ තාත්තා, අම්මාගේ දිරිය නිසාම නැවත යතා තත්වයට පත්විය.

අද වැටුණු විට වැදී ඇත්තේ තාත්තාගේ දකුණු කකුලමය, කලින් සිදුකල සැත්කමේදී, යකඩ කුරක් දණහිසට දමා ඇති අතර, එය වැඩිම හේතුවෙන් එම කුර කැඩී ඇති බවක් පෙනෙන්නට විය,වහාම තාත්තා රෝහල් ගතකල අතර, සැත්කමක් සඳහා ඔහු දැන් රෝහලේ සිටි. 

අයියාගේ වාරුවෙන් එන තාත්තා දුටු මා ක්ලාන්ත වුයේ මගේ ලේ නහර තුල වූ ජිවය ඔහු නිසා වන්නට ඇත.කුඩා කල පටන් මාගේ මවට වඩා ඔහු මට සමීපව සිටි නිසා වන්නට ඇත.

තාත්තාට ඉක්මන් සුව පතමි!

38 comments:

  1. තිස් තුන්කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටෙන් ආරක්‍ෂාවෙන් හසී අක්කගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා !!..

    ReplyDelete
  2. හෆොයිz :( ඩොකීගේ පියාට ඉක්කම්න් සුවය ප්‍රාර්තනා කරමි.

    ReplyDelete
  3. හසී අක්කාගේ තාත්තාට ඉක්මන් සුවය පතමි!

    ReplyDelete
  4. අක්කගේ තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.....!!!!

    ReplyDelete
  5. හසීගේ තාත්තාට ඉකිමන් සුවය පතමි.....

    ReplyDelete
  6. හ්ම්ම් දූලා තාතලට තාත්තල දූලට සමීපයි නංගි. තාත්තට ඉක්මන් සුවය පතනවා........

    ReplyDelete
  7. ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි...

    ReplyDelete
  8. අනේ නගා.. ඔයාගෙ තාත්තාට ඉක්මන් සුවය ලැබෙන්නට ඕනේ.. එයාට තෙරුවන් සරණයි !

    ReplyDelete
  9. අක්කගේ තාත්තට ඉක්මන් සුවය පතනවා!!

    ReplyDelete
  10. තුණුරුවන්ගේ පිහිටින් තාත්තාට ඉක්මනින් සනීප වේවා!!

    ReplyDelete
  11. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

    ReplyDelete
  12. තාත්තාට ඉක්මන් සුවය පතනවා හසී

    ReplyDelete
  13. හසීගේ පියාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  14. අප්පා අක්කේ.. :-( තාත්තාට ඉක්මන් සුව!

    ReplyDelete
  15. තාත්තා ඉක්මනින්ම සුව වෙයි නංගී, බය වෙන්න එපා, දුක්වෙන්න එපා

    ReplyDelete
  16. බය වෙන්න එපා අක්කේ......තාත්තට ඉක්මනින් සුව වෙයි.....

    ReplyDelete
  17. මමත් දැනුයි දැක්කේ,,ඉක්මනින් සුවවෙයි තාත්තට

    ReplyDelete
  18. අක්කාගේ තාත්තාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  19. හසී අක්කේ, තාත්තාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..
    සැත්කමෙන් පස්සේ ඉක්මනින් ගෙදර එන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  20. ඔයාගේ අප්පච්චිට බුදු සරණයි.....! ඉක්මනින් සුවපත් වේවා !

    ReplyDelete
  21. ඉක්මනට සනීප වෙන්න සහ ඔක්කොම යථා තත්වෙට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  22. ඉක්මන් සුවය පතමි

    ReplyDelete
  23. තාත්තා ඉක්මනින්ම සුව වෙනවා නංගී. අපි ඉක්මන් සුවය පතමු.

    ReplyDelete
  24. හදවතින්ම ඉක්මණ් සුවය පතමි.....!!!

    ReplyDelete
  25. තාත්තාට ඉක්මන් සුවය පතමි

    ReplyDelete
  26. නංගි...ඔබේ පියාට ඉක්මන් සුවය පතන්නෙමි!!!

    ReplyDelete
  27. ඉක්මනටම සනීප වේවි නංගෝ බයවෙන්න එපා!!!!

    ReplyDelete
  28. බය වෙන්න එපා හසී. තාත්තට ඉක්මනට හොඳ වෙයි.

    ReplyDelete
  29. හිස් අහස, ජේ.ඩී, යොහාන්,හා පැටික්කි, priyantha ,නිශ් , ආගන්තුකයා, ජීවිතේ මල්, තාරක Dilsh@n,තනෝජා රාජපක්‍ෂ,වැප්,ශානු ,Praසන්ன,Hasitha ,RanDil ,මකුළුවා,ItalyDilan ,පූසා ,සිහින ,දිල් ,මුචලින්ද ,MaRLaN,සුපර්,හසියා ,blog gadol ,Ravi ,ChAnDiKa, නචියා , සියලු දෙනාටම ගොඩක් ස්තුතියි!
    තාත්තා වෝඩ් එකට ගෙනත්, කකුලේ දනිස්ස ළඟ තිබ්බ ප්ලේට් ඒක ආයේ අලුතෙන් දාලා...

    ReplyDelete
  30. අනේ තාත්තට ඉක්මන් සුවය පතනව නගේ.. සොරිවෙන්ට ඕනා.. දැනුයි දැක්කෙ.. මේ දවස්ටිකේ වැඩිය බ්ලොග් කියෙව්වෙ නෑ..

    ReplyDelete
  31. හසී අක්කා බය වෙන්න එපා තාත්තට ඉක්මනටම සනීප වෙයි ............!!!!!!!

    ReplyDelete
  32. හසී නඟාගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා!!

    ReplyDelete
  33. අන්කල්ට ඉක්මනට සනීපවෙන්න ලැබේවා!

    ReplyDelete
  34. හසී අක්කාගේ තාත්තාට ඉක්මන් සුවර ප්‍රාර්ථනා කරනවා..!!

    ReplyDelete
  35. හසී අක්කගේ තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මමත්

    ReplyDelete
  36. අනේ දරුවෝ අදයි දැක්කේ. තාත්තාට ඉක්මන් සුවය පතනවා.......

    ReplyDelete
  37. හසී අක්කේ.. තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව!, මීට කලින් එන්න අවශ්‍යව තිබුණත් එන්න බැරි උනා :(

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...