Wednesday, December 28, 2011

෴ මෙහෙමත් ගල් ඉබ්බෝ ෴





අද බොහොම රසවත් ඒ වගේම අවධානයට ලක් විය යුතු දෙයක් ගැන කියන්න තමා මේ ලැස්ති වෙන්නේ... ඔන්න ඉතින් වෙනදා වගේම උදේම නැගිටලා ලැස්ති වෙලා වැඩට යන්න මම බස් හෝල්ට් එකට ගියා. මේ දවස් වල ට්‍රැෆික් නැති නිසා බස් ජෙට් වගේ යනවා.. ඉතින් වට පිටේ චැනල් එක දාගෙන බස් දෙක තුනක් යනකම්, ලස්සන, සෙනඟ නැති බස් එකක් එනකම් මම බලා හිටියා.. ඉතින් කොහොමින් හරි බසයකටත් නැග්ගා කියමුකෝ. බස් එකේ ඉඩ තියෙන තැනකට ගිහින් හිටගත්තා මමත්.බස් වල යනකොට  මම ගොඩාක් වෙලාවට උඩ රැක් එකට  හෑන්ඩ් බෑග් එක  දානවා.. නැත්නම් එක්කෝ බෑග් එක, එහෙමත් නැත්නම් මාව අරගෙන තමා  බහින්න යන කස්ටිය යන්නේ.. සෙනඟ ගොඩේ බෑග් එක දාගෙන ඉන්නත් අමාරුයි. ඉතින් අදත් සුපුරුදු විදියට රැක් එකට බෑග් එක දාන්න බැලුවත් ඒ රැක් එක කවදාවත් පිහිදලා නැති බව පේන නිසා මම අමාරුවෙන් බෑග් එකත් එල්ලගෙන ඉද්දි, මගේ ළඟ සිට් එකේ ඉඳගෙන හිටි මනුස්සයා මගෙන් බෑග් එක ඉල්ලුවා..ගොඩාක් වෙලාවට බෑග් එක මම එහෙම දෙන්නේ නෑ, ගෑනු කෙනෙකුට ඇරෙන්න.උස්සන් ඉන්න බැරි නිසාම බෑග් එකේ එළියේ පොකට් එක උඩ අතට තියෙන විදියට මම බෑග් එක ඒ මනුස්සයාට දුන්නා.මේ මනුස්සයා එක යට අතට හිටින්න තියා ගත්තා.. මට ඒක එච්චර ඇල්ලුවේ නෑ.. මමත් ඒ පැත්තට ඇහැ ගහගෙනම හිටියා මොකද මගේ ෆෝන් ඒක තිබ්බේ එළියේ පොකට් එකේ...(මගේ දුප්පත් ෆෝන් ඒක මොනා නැතත් මට වටිනවා, ගෙදර ඉද්දි ඉන්ටර්නෙට් වගේ ගෙදරින් එළියේදී කොච්චර වද දුන්නත් ෆෝන් ඒක මට ගොඩාක් වටිනවා මේ දවස් වල) මෙන්න බොලේ ටිකකින් මේ මනුස්සයා හිමිට ඒක අතක් මගේ බෑග් ඒක යටට ගත්තා.. ඒ කියන්නේ එළියේ පොකට් එකේ සිප් ඒක ලඟට.මම හොරෙන් හැමදේම බලාගෙන ඉන්නවා.

 මේ මිනිහා හෙමින් වට පිට බලනවා.. ටික වෙලාවකින් හිමින් අත එහෙ මෙහෙ වෙනවා, මම දැන ගත්තා හරි තමා මගේ බෑග් එකේ පොකට් එකට වැඩේ වෙන්න තමා යන්නේ කියලා.. මමත් දෙන්නම් ජම්බු කියලා හිතලා කලබල නොවී හිමින් බලා හිටියා මොකෝ වෙන්නේ කියලා.. ඒක පාරටම සිප් ඒක අරින්න බැරි නිසා හිමින් හිමින් මිනිහා ගේම දෙනවා.. තව චුට්ටක් බලා හිටපු මම එක්ස්කියුස් කරලා බෑග් ඒක මේ පැත්ත හරවලා මේ වෙනකොටත් බාගෙට ඇරලා තිබ්බ සිප් ඒක ඇරලා මගේ ෆෝන් ඒක ගත්තා. ඊට පස්සේ ආයේ සිප් ඒක වහලා මම නෙමේ වගේ ෆෝන් ඒක පොඩ්ඩක් ඔබලා මගේ සාක්කුවට දාගෙන හිතින් අර මිනිහාට හිනා වේවි හිටියා.. ආව මෙතන මගේ දේවල් හොරකම් කරන්න ගල් ඉබ්බා. ඔයාලාට මතකත් ඇති කලින් මගේ චේන් ඒක කඩාගන්න හදපු හොරාට වෙච්චි දේ... මෙයාටත් එකම තමා උනේ.. හසී එක්ක සෙල්ලම් බෑ ;) 



කොහොම උනත් ඔයාලාත් බස් එකේ යද්දී බෑග් ඒක කාට හරි දුන්නොත් පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න, පිරිමි ගෑනු කියලා නෑ හොරකම් කරද්දී.

ප.ලි - මේ ෆොටෝ එකේ ඉන්න හොරාගේ වගේ අතේ පිහියක්නම් තිබ්බේ නෑ එහෙනම් හසී අනිවා දෙපාරක් හිතනවා.. :)

23 comments:

  1. ඇත්තටම ඔයා හිතෙන බන්නේ ගල ඉබ්බා කියලද නැත්නම් වෙන වචනයක් ද හික් හික් .....

    ReplyDelete
  2. ඔන්න ඔය අසරණ මිනිහෙක් වෙන්ඩ ඇති ඔය ෆෝන් එක දීලා නිකම් ඉන්න තිබුනේ . ඔයා ඉතින් සල්ලිය බාගෙ අඩු කෙනෙක් යැ

    ReplyDelete
  3. එහෙම තමයි ඉන්න ඕනේ :t
    මිනිස්සු උනාම හැමතිස්සෙම හොඳ අවධියෙන්, නියම සිහියෙන් ඉන්න එක ගොඩක් වැදගත් දෙයක්

    ReplyDelete
  4. //(මගේ දුප්පත් ෆෝන් එක මොනා නැතත් මට වටිනවා, ගෙදර එද්දි ඉන්ටර්නෙට් වගේගෙදරින් එලියේදී කොච්චර වද දුන්නත් ඒක මට ගොඩක් වටිනවා මේ දවස්වල)//
    මොනද දන්නේ නෑ මේදවස්වල.....:DDDD

    ReplyDelete
  5. තව නැද්ද හසී අක්කාගේ වීර වික්‍රමයන්? :q

    "ෆෝන් එක මට ගොඩාක් වටිනවා මේ දවස් වල"
    මොකද දන්නෑ මේ දවස් වල ෆෝන් එක ඔය තරම්ම වටින්නේ? :a

    ReplyDelete
  6. බස් එකේ යනකොට නම් නෙමෙයි ඒත් මේ ලඟදි අපේ ගෙවල් පැත්තේ මාර හොර කමක් වෙලා තියෙනවා

    ගෙවල් වල ජනෙල් වල උඩින් කවුලු තියෙනවනේ. මේ කවුලු සමහර ඒවා ටිකක් ලොකුවට තියෙනවා. දවසක් රෑ හොරෙක් මේ කවුලුවකින් ලීයක් දාලා ඒකෙන් බෑග් එක අරන් මේ කවුලුවට තියලා ගැට ගහලා එකේ ඇතුලේ තිබ්බ සල්ලි ෆෝන් වගේ වටින බඩු සේරම අරන් ගිහින්. ඕක කරලා තියෙනෙන ගෙදර අය ඉන්න වෙලාවේ. වැඩි සද්දයක් නැතුව ටෝච්ච් එකක් ගහලා කරන්නත් ඇති. මට ඕක ඇහුවම පුදුම හිතුනා හොරාගේ මොලේ ගැන. අපි කීයටවත් හිතන්නේ නැති දෙයක් නේ. ඒක නිසා ඔය හැන් බැග් වගේ ඒවා තියනකොට හැම වෙලේම කබඩ් එකක් ඇතුලේ දාලා තියන්න නැත්නම් ජනේලෙක්ට නොපෙනෙන තැනක තියන්න

    ReplyDelete
  7. පොලෝසියට අල්ලලා දෙන්න තිබුනෙ ගන්නකල් ඉදලා...

    ReplyDelete
  8. කවුද දන්නෙ ඉතින් බෝම්බයක් තියෙද කියලා බලන්ට ඔයාගෙ මල්ලට අත දැම්මද කියලා.. :P අති සර්පයෙක් දස්ට නොකලා.. :e

    ReplyDelete
  9. ඒ උනාට ඔයා හොරාට ඔහොම සලකපු එක වැරදී මිනිස්සු ඉස්සරහා :b

    ReplyDelete
  10. මහේස්ත්‍රාත් තුමා :- මේ විත්තිකාර ගැට කපන්නා, යුෂ්මතියගේ පසුම්බිය සොරා ගත්තා යැය් කියන අවස්තාවෙ පසුම්බිය තිබුනෙ කොහෙද?
    පැමිණිලි කාරිය :- මගේ හැට්ටෙ ඇතුලේ, ලැම පෙදෙසෙ ස්වාමීනී
    මහේස්ත්‍රාත් තුමා :- විත්තිකරු හැට්ටය තුලට අත දමන විට යුෂ්මතියට ඒ බව දැනුනෙ නැද්ද?
    පැමිණිලි කාරිය :- අපොය් ඔව් ස්වාමීනී, හොඳට දැනුනා
    මහේස්ත්‍රාත් තුමා :- මේ කියන අවස්තාවෙ යුෂ්මතිය කෑ ගැසීමෙන් හෝ වෙනයම් ආකාරයකින් බසයේ සිටි අනෙක් මගීන්ගෙ උපකාර ඉල්ලා හිටියද?
    පැමිණිලි කාරිය :- (ලැජජාවෙන් ඇඹරෙමින්) අපෝ නැහැ ස්වාමීනී
    මහේස්ත්‍රාත් තුමා :- යුෂ්මතිය, උපකාර නොඉල්ලීමට හේතුවක් තියෙනවද?
    පැමිණිලි කාරිය :- (කේන්තියෙන්) මං හිතුවෙ නැහැ ස්වාමීනී මේ ### පුතා මගේ පර්ස් එකට විදින්න යනව කියල

    ReplyDelete
  11. තමන්ගේ බෑග් එක (අෙන් තවමත් සමහරු කියන්නේ බෑක් එක කියලනේ) තමන්ම පරෙස්සම් කරගැනීම තරම් විස්වාසදායක දෙයක් තවත් නැහැ. දැන් ඉන්න නෝනලා බොහොමයක්, තවමත්, තමන්ගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය බෑගය ඇතුලේමයි තියන්නේ. කාලය වෙනස් වෙලා තාලය වෙනස්වෙලා කියලා කියන අයම හිතන්නේ නැහැ, විවිධ විච්චූරණ විලාසිතා ඇඳුම් අඳින අතරේ, තමන්ගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය දමාගන්ඩ සාක්කුවක්, ඒ ඇඳුම්වල අලංකාරය නොනැසෙන පරිදි සකස් කරගන්ඩ. ඒ වගේම තමයි, බස්වල කෝච්චිවල යනවිට මම නිතර අත්විඳින දෙයක්, කිසිම ඉල්ලීමක් කරන්නේ නැතිව තමන්ගේ බෑගය, වාඩිවී යන මගීන්ගේ ඔඩොක්කුවට දඩස් ගා දමන පාසල් සිසුන් සහ නෝනලා. මගේ ඔඩොක්කුවට ඒ විදිහට දැම්මම, මම කියන්නේ 'කරුණාකරලා ඉස්සරවෙලා කාරුණිකව ඉල්ලා සිටින්ඩ බෑග් එක තබාගත හැකිද' යන්න. නමුත් සමහරුන්ට එය විස වෙනවා. වාඩිවී යන මගීන් නීතියකින් බැඳී නැහැ හිටගෙන යන අයගේ බඩුබාහිරාදිය ඔඩොක්කුවේ තබා ගැනීමට. එය කාරුණික සිතින් සහ කැමතිනම් පමණක් කරන උපකාරයක් පමණයි.

    ReplyDelete
  12. බලාගෙන යද්දි හසි නියම වැඩ කාරියක් නේ... මාලේ කතාව මම දැනුයි බැලුවේ...

    ReplyDelete
  13. එල ආ. අතට ෆොන් එක ගන්නකන් ඉදලා ගේම ඉල්ලුවනම් අපිට මීටත් වඩා රසට මේක කියවන්න තිබුණා.

    ReplyDelete
  14. පව්... අසරණ හොරා...

    ReplyDelete
  15. අලි අලි!!ඔයා වැඩර්!

    ReplyDelete
  16. පට්ටයිනේ....රහස් පරීක්ෂකයා ට වැඩ නැතිවෙයි වගේ!

    ReplyDelete
  17. @ ලහිරු - හි හි එහෙම තමා මම :d

    @Sabith - එකනේ කියන්නේ.. :d

    @Jeew - දුකයි නේ... :d

    @ බට්ටි - හිකිස්‌ ඒකත් හැබෑව.. :c

    @Dinesh - හිකිස්‌ :c

    @Anonymous - ඔව් ඇත්ත.. සමහර මිනිස්සු බෑග් ඔහේ ඉඳගෙන ඉන්න අයගේ ඇඟට අත අරිනවා...

    @Observer - හිකිස්‌ :c

    @Anonymous - :c

    @ItalyDilan - දැන් ඔයා කියන්නේ කොහොම සලකන්න කියලාද?

    @සුළඟිල්ල - අනේ මම සර්පයෝ ඇති කරන්නේ නෑ..

    @නිසුපා - පරක්කු වෙලා හිටියේ නැත්නම් දෙනවා හොඳ දෙකක් මම :c

    @මාරයාගේ හෝරාව - හික් හික් :c

    @ම - මාර දියුණු හොරු ඉන්නේ දැන්.. :c

    @පූසා - ආයේ වීරක්‍රියා කලොත් පොස්ට් එකක් දාන්නම්කො.... :d

    @priyantha - එහෙම තමා අයියේ මගේ දේවල් වටින්නේ මටනේ ඉතින්.. :d

    @ලොකු පුතා - අනිවාර්යයෙන්ම එකනම් ඇත්ත :c

    @හිස් අහස - ඔන්න දැන්නම් ඉල්ලන ඕන කෙනෙක්ට පරණ ෆෝන් එක දෙනවා :d

    @අසරණයා - ඇත්තටම හිතුනේ මේ වගේ ගල් ඉබ්බෙක් කියලා තමා :c

    @Najath Akram - හි හි :c

    @නරකයා - :b

    @ගිනි කුරුල්ලා - :c

    ReplyDelete
  18. :t Good punishment! U should really join da CIA.

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...