හසිගේ සිතුවිලි
Saturday, January 28, 2012
෴ කඳුලක් ෴
ටිකෙන් ටික එකතුවෙලා..,
එකපාරටම එළියට පැනලා..,
හිමින් හිමින් ගලාගෙන ගිහින්..,
වැටුනා මගේ දෙපාමුල
කඳුලක්..
Sunday, January 22, 2012
෴ පුංචි තරුව මං ෴
ඈත ආකාසයේ
පුංචි තරුව මං
කාටත් නොපෙනෙන ඒ
පුංචි තරුව මං
අහස් ගැබේ තනිවුනු
පුංචි තරුව මං
පරිවාර තාරකා නැති ඒ
පුංචි තරුව මං
කවුරුවත් නොසොයොන
පුංචි තරුව මං
තනිව ඉකි බිඳින ඒ
පුංචි තරුව මං
හඳ එලිය කිසිදා නොවිඳි
පුංචි තරුව මං
අසරණව තනිවුනු ඒ
පුංචි තරුව මං
ප.ලි - බ්ලොග් එක අත ඇරලා දාලා කියලා බැනුම් අස්සේ, ආයේ ලියන්න කියලා එන තර්ජන වලට බියෙන් 10ට පෙර පබ්ලිෂ් කරන ලදී. වෙලාවට මේක තිබ්බේ ද්රාෆ්ට් වල.කට්ටිය ඉතින් මට මකුළු දැල් ටික කඩන්න සප් එකකුත් දෙන්න.. ;)
‹
›
Home
View web version