Tuesday, February 14, 2012

෴ හිම කැටිති ෴



දහසක් හිම කැටිති 
වැටෙන සිතල රාත්‍රියක 
ආසයි ඔබට තුරුල් වී 
ඇවිදින්න.. 
වැටෙන හිම කැටිති 
දෝතපුරා ගෙන 
විඳගන්න ඒ සිසිල 
හැබැහින්ම...

පින්තුරය - ඩිලාන් අයියාගෙන්

18 comments:

  1. ප්‍රේමනීය දවසක ප්‍රේමනීය සිතිවිල්ලක්..

    හිමවටෙන්නේනම් මේ දවස් වල එංගලන්තේ පැත්තේ..

    ReplyDelete
  2. දහසක් හිම කැටිති
    වැටෙන සීතල රාත්‍රියක
    ගත්තු මේ පොටෝ එක
    මා මීට පෙර දුටුවේ
    කාගේ ඇල්බම් එකේදෝයි
    තවමත් සිහිකරමි මම! :D

    ReplyDelete
  3. දහසක් හිම කැටිති
    වැටෙන සීතල හැන්දෑවක
    ගත්තු මේ පොටෝ එක
    මතක් වෙද්දිත් මට
    සීතල හැදෙනවා පපුවට...

    ReplyDelete
  4. රට (____) යන්න වගෙයි ලෑස්තිය නේ?:b

    ReplyDelete
  5. ෂඃ මරුනේ අක්කා... පොඩි උනාට හරිම ලස්සනයි කවිය...

    ReplyDelete
  6. ඉස්සරහට එන්නේ නියං කාලේ

    ReplyDelete
  7. මේක කියවද්දී මම පොතක ලියලා තිබ්බ නිසඳැසක් මතක් වුනා..,

    හිතට එන මතකයක්
    ඉරි තැලුව හදවතක්
    නශ්ට වූ ප්‍රේමයක්
    මතකයට එයි තදින්
    කියවූ විට පද පෙළක්

    නොමැත මට කිසි දුකක්
    දැනුනේ උත්ප්‍රාසයක්
    කලක ළඟ හිටි අයෙක්
    ගැන සිතූ සිතුමන්
    පෙළක්..!

    :D

    ReplyDelete
  8. හෙම්බිරිස්සාවට
    තෙමෙනු හොඳ නෑ පින්නට
    ඉතින් ඔබ ගෙන තුරුළට
    ගියොත් වෙන්නේ එලොව යන්නට

    දහසක් තුහින වැහි මැද
    ඇවිදිමින් යන්නට
    විගසින් පිටරටකට
    යන්න වේවිද ෂුවර් නෑ මට

    ReplyDelete
  9. ප්‍රේමණිය සිතුවිල්ලක්..

    ReplyDelete
  10. හිම සෙල්ලම් කරන්න.. හිම වලස්සු හදන්න හිම කරත්තෙක් නැගල රවුමක් යන්න හිම කබායක් ඇඳගෙන පාර පුරා ඇවිදින්න... මාත් ආසයි ඉතාලි යන්න..
    සුයිඩන් උනත් අවුලක් නෑ... ටොයිං !

    ReplyDelete
  11. අම්මට සිරි මේක ඩිලාන් ගත්ත ෆොටෝ එකක් ද... සිරා නේ... :c

    ReplyDelete
  12. පද ටික අපුරුයි අක්කා.....

    ReplyDelete
  13. අක්කේ හිම නම් නෑ....වතුර ටිකක් දෙන්නද?

    ReplyDelete
  14. මාත් හරි අාසයි :)

    ReplyDelete
  15. හිම නැතුව අයිස් කැට හරි කමක් නැත්නම් මේ ඔසී පැත්තේ උනත් එන්න පුළුවන්.
    පොඩි කේස් එකකට තියෙන්නේ අයිස් කැට වලට ඔලුව තුවාල වෙන්න ඉඩ තියෙනවා
    (හැබැයි ඔය හිම වැස්සේ තෙමුනොත් ඔලුව තුවාල වෙලා හරි බේරුනොත් මදැයි :D :D)

    ReplyDelete
  16. @අසරණයා - හ්ම්ම්ම්.....

    @පූසා - අයියෝ සිහිකරන්නේ මොකටද අනේ යටින් නම දාලා තියෙන්නේ... අනික අයිතිකාරයා මේ පැත්තේ ඇවිල්ලත් තියෙන්නේ අර... :d

    @ItalyDilan - ඔයා කිරිත් එක්ක සමහන් බොන්න එතකොට හරියයි :d

    @නාකියා - කියන්න බෑ එහෙම යන්න උනොත්.... :c

    @Shani - තැන්කු නඟා.... :c

    @හිස් අහස - නියං කාලෙට නිකමටවත් හිම වැටුනොත් කොහොමද මේ අබුද්දස්ස කාලෙනේ හික් හික් :d

    @Lishan Puwakowita - හප්පේ ටිකක් බරපතලයි වගේ එකනම්... :d

    @ගැමියාගේ පත් ඉරුව - හික් හික් :c

    @Dinesh - තැන්කු... :c

    @සිහින යා - ටොයිං ! ටොයිං !

    @සෝරෝ - ඔව් ඔව් මේ එයා ගත්තු එකක් :d


    @සිතුවිලි නිහඬයි - තැන්කු නඟා.. :c

    @මකුළුවා..... - වතුර නම් මදි නොකියන්න මේ තියෙන්නේ.. හි හි :q

    @තනි අලියා - අලිත් ආසද සීතලට :d

    @පිස්සා පලාමල්ල - ඇයි ඇඟ හිරි වැටෙනවාද මතක් වෙද්දී.. :q

    @niroshini - ඒකත් හැබෑව :c

    ReplyDelete
  17. ඔයා මේ මගුලක් කියෝනව . . . අරහෙ රෝමෙ මිනිස්සු කන්න නැතුව ඉන්නව හිම නිසා . . .

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...