අද කථාවක් කියන්න හිතුනා.
ඔන්න ඉතින් මම පන්ති ඉවර වෙලා ගෙදර එන්න කොහුවල හන්දියෙන් 120 බස් එකකට ගොඩ උනා.
ඉස්කෝල ඇරෙන වෙලාවනේ.සෙනග ගොඩේ මමත් යන්තම් ඉඩ තියෙන තැනකට ගියා.මම හිටගෙන ඉන්න තැන සීට් එකේ ලස්සන කොළු පැංචෙකුයි එයාගේ අම්මයි වාඩි වෙලා හිටියා.. ඊට එහා පැත්තෙන් ටීච කෙනෙකුත් හිටියා.. ටික වෙලාවක ඉදන් අර ටීචයි අම්මයි බර කථාවක.ඔන්න ටිකකින් අර කොළු පැංචාගෙන් ටීච මෙහෙම ඇහුවා.
ටීච : පුතාගේ නම මොකක්ද?
බබා : මගේ නම.....(මට හරියට නම ඇහුනේ නෑ)
ටීච :පුතාගේ ඉස්කෝලේ මොකක්ද?
බබා : ..... විද්‍යාලය
ටීච : ඔයා ඉන්නේ කීයේ පන්තියේද?
(පොඩි එකා ඇගිල්ලක් උස්සලා එකේ පන්තියේ කියලා පෙන්නුවා)
ටීච : එහෙම බෑ පුතා කටින් කියන්න
බබා : එක වසරේ..
දැන් පොඩි එකාට ටිකක් කේන්ති ගිහින්... පොඩ්ඩක් ඔරවගෙන වගේ හිටියා.
ටීච : මෙයාට තරහා යනවාද හැමවෙලාවෙම
අම්මා : නෑ හැමවෙලාවෙම නෑ.. සමහර වෙලාවටනම් තරහා ගන්නවා
ටීච : මම නොම්බරයක් දෙන්නම් ඒකට කෝල් කරන්න මෙයාට තරහාගියාම.
පොඩි එකා දිහාවට හැරිලා ටීච මෙහෙම කිව්වා,
පුතා හොඳ ළමයි තරහාගන්නේ නෑ.. මම දන්න තැනක් තියෙනවා එතනට ගෙනත් තියෙන්නේ තරහාගන්න බබාලාව.එයාලාට හරියට කන්න දෙන්නේ නෑ. අම්මලාට එන්න දෙන්නෙත් නෑ.හොඳ ළමයි උනාම තමා ගෙදර අරින්නේ...
මෙන්න ඒ පාර අර කොළු පැංචා කියපි මෙහෙම,
"ආ... මම දන්නවා, පුංචි ළමයින්ට කරදර කරන අය ගැන කියන්න පෝන් නම්බර් එකක් තියෙනවා..
මම ඒකට කෝල් එකක් දීලා කියනවා ඔයා ගැන.."
කොහොමද පොඩි එකාගේ ටිකිරි මොලේ... :D
ලඟ හිටපු හැමෝටම හිනා..
(අපි පොඩි කාලේ ඔහොම කිව්වාම බයවෙනවා. ඒකට දැන් හැදෙන ළමයි... )