Saturday, August 12, 2017

෴ඇවිද යමු අපි ෴



දහසක් තරු කැට දිලෙන අහස යට
ගත පුබුදමින් හමා යන මඳ සුලඟේ
දෙපා තෙමමින් සිනිඳු වෙරළ තීරයේ
අතිනත පටලා ඇවිද යමු අපි
තෙරක් නොපෙනෙන අනන්තය වෙත....

Sunday, June 11, 2017

෴ සිහිනයක් ෴




තරු පිරුනු අහස යට
ගත දැවටෙයි සිහිල් සුලඟක්
ඔබ හා එක්ව මුලු රැය පුරා
ගයන්නට ගීයක්
වයන්නට තනුවක්
සොයන්නට ජිවිතය
පතන්නට පැතුමන්
ඇත මටත් සිහිනයක්
සැබැ නොවෙනා කිසි දිනක...

Sunday, May 21, 2017

෴ ආදරය ෴




වැසි වැටෙනා සවසක
ඔබේ උණුහුමේ දැවටි
විඳගන්නට ආදරය..
කොපුල් සිප සෙනෙහසින්
වැලඳ ගන්නට
පෙරුම් පුරමි මා...

Saturday, April 29, 2017

෴ ජිවිතේ ෴





වැටි වැටි හති දමා දමා
දුවනවා අපි හැමදාම
යන්නේ කොහෙද මොකටද
අරමුණක් නැතිවම
අපිට නොදැනිම
කාලය ගෙවිලා
ජිවිතේ විඳිමක් නැතුවම..

Saturday, August 20, 2016

෴ හිත ෴





හෙමි හෙමිට 
යාන්තමට
අමුණ ගත්ත හිත
හරි වෙලාවටම
ගලක් ගහල
නුඹ බින්ද අපුරුව...!


ප.ලි. කලකට පස්සෙ වෙලකට බැස්සේ......