Wednesday, July 11, 2012

෴ අළුත් වැඩක් ෴


වසරක් පුරාවට අප දෙසවන් පිනවන්නේ
සැමදා නව මිහිරක් අප වෙතගෙන එන්නේ  
බ්ලොග් මිතුරු මිතුරියන් හට ගැලපෙන්නේ  
බ්ලොග් සම්මාන උළෙලකටයි සැරසෙන්නේ  


වැඩි විස්තර පහතින් දැක්වෙන්නේ  
කැමති ලෙසට ඔබ තෝරා ගන්නේ  
මිතුරු මිතුරියන් හට පවසමිනේ  
අදම ලියාපදිංචිය සඳහා යන්නේ  

  
බස් රේඩියෝ වර්ෂපුර්ණයට සමගාමිව ක්‍රියාත්මක කිරීමට යන බස් රේඩියෝ බ්ලොග්සම්මාන උළෙල සඳහා ඔබත් http://syndi.buzzradio.lk/වෙත පිවිස අදම ලියාපදිංචි වන්න.

බස් රේඩියෝ බ්ලොග් සම්මා උළෙලට සමගාමීව බ්ලොග් සතියක් ජුලි මස 7  සිට 14  දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා  ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,  එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.



අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.

අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk


ප.ලි - කාලෙකින් බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් පොස්ට් එකක්.. 

Monday, June 11, 2012

෴ තවත් මොහොතකින් ෴



සුදෝ සුදු පුළුන් වලා 
පසුකර වේගයෙන්
තවත් මොහොතකින්
පියාසර කරයි නුඹ 
වෙනත් දේශයකට..
අතිනත පටලා 
ඇවිද ගිය මංමාවත්වල
ඇවිද යමි මා 
සොඳුරු මතකයන් සිහිකර.... 


Sunday, March 25, 2012

෴ ආදරණිය දියණියනි ෴




පුංචි තරු දෙනෙත් 
විහිදා ලෝකය දෙසට 
පැමිණියා ඔබ 
අපේ ලොවට... 
සිනිදු දෙකොපුල් 
සිඹිමින්  පවසමි 
ආදරණිය දියණියනි 
රකිමි ඔබ සැමදා 
මගේ පණ මෙන්.... 

ප. ලි - 2010 මාර්තු 25 පටන් ගත්ත මගේ බ්ලොග් එකට අදට අවුරුදු දෙකයි. පොස්ට් 100 ක් නම් තාම ලියාගන්න බැරි උනා.. ඉතින් මේ අවුරුදු දෙක පුරාවට මගේ එක්ක සිටි ඔබ සැමට ගොඩක් ස්තුතියි!

Thursday, March 15, 2012

෴ මේ දවස් වල ජිවිතේ ෴





උදේම නැගිටලා,
බස් එකේ ෆුඩ් බෝර්ඩ් එකේ
එල්ලිලා, තෙරපිලා
යන්තම් බස් එකෙන් බැහැගෙන
ටික දුරක් දුවගෙන
වෙලාවට ඔෆිස් ගිහින්...

ටෙන්ඩර්, පර්චස් ඕඩර්, කෝල්,
ටීටී, බිඩ් බොන්ඩ්, එල්සී
හර, බැර අස්සේ
දවසම ගෙවිලා...

පොතක් පතක් කියවන්න 
නිදහසේ රස්තියාදුවක් ගහන්න 
කෝ දැන් වෙලාවක්..

හෆ්ෆේ ජිවිතේ
ක්‍ෂය වෙලාම
යයි වගේ..

ප.ලි - මේක වගේම තමා  මේ දවස් වල මගේ ජීවිතෙත් මෙලෝ රහක් නෑ.. සමහරු මට චෝදනා කරනවා කතා කරන්නේ නෑ.. පොස්ට් වලට කමෙන්ට් නෑ කියලා... මේ දවස් වල මගේ දවස ගෙවෙන හැටි ඉතින්  දන්නෝ දනිති... 

Tuesday, February 14, 2012

෴ හිම කැටිති ෴



දහසක් හිම කැටිති 
වැටෙන සිතල රාත්‍රියක 
ආසයි ඔබට තුරුල් වී 
ඇවිදින්න.. 
වැටෙන හිම කැටිති 
දෝතපුරා ගෙන 
විඳගන්න ඒ සිසිල 
හැබැහින්ම...

පින්තුරය - ඩිලාන් අයියාගෙන්

Monday, February 6, 2012

෴ අමාවක රෑක ෴





අමාවක රැක
අහසේ පායන 
පුංචි තරුවක් වගේ 
අසරණ වෙලා අද  
මගේ හිත හොඳටෝම...

Saturday, January 28, 2012

෴ කඳුලක් ෴



ටිකෙන් ටික එකතුවෙලා..,
එකපාරටම එළියට පැනලා..,
හිමින් හිමින් ගලාගෙන ගිහින්.., 
වැටුනා මගේ දෙපාමුල 
කඳුලක්..

Sunday, January 22, 2012

෴ පුංචි තරුව මං ෴




ඈත ආකාසයේ  
පුංචි තරුව මං 
කාටත් නොපෙනෙන ඒ 
පුංචි තරුව මං


අහස් ගැබේ තනිවුනු  
පුංචි තරුව මං 
පරිවාර තාරකා නැති ඒ  
පුංචි තරුව මං

කවුරුවත් නොසොයොන 
පුංචි තරුව මං 
තනිව ඉකි බිඳින ඒ  
පුංචි තරුව මං 

හඳ එලිය කිසිදා නොවිඳි  
පුංචි තරුව මං 
අසරණව තනිවුනු ඒ  
පුංචි තරුව මං 


ප.ලි - බ්ලොග් එක අත ඇරලා දාලා කියලා බැනුම් අස්සේ, ආයේ ලියන්න කියලා එන තර්ජන වලට බියෙන් 10ට පෙර පබ්ලිෂ් කරන ලදී. වෙලාවට මේක තිබ්බේ ද්‍රාෆ්ට් වල.කට්ටිය ඉතින් මට මකුළු දැල් ටික කඩන්න සප් එකකුත් දෙන්න.. ;)