Thursday, March 15, 2012

෴ මේ දවස් වල ජිවිතේ ෴





උදේම නැගිටලා,
බස් එකේ ෆුඩ් බෝර්ඩ් එකේ
එල්ලිලා, තෙරපිලා
යන්තම් බස් එකෙන් බැහැගෙන
ටික දුරක් දුවගෙන
වෙලාවට ඔෆිස් ගිහින්...

ටෙන්ඩර්, පර්චස් ඕඩර්, කෝල්,
ටීටී, බිඩ් බොන්ඩ්, එල්සී
හර, බැර අස්සේ
දවසම ගෙවිලා...

පොතක් පතක් කියවන්න 
නිදහසේ රස්තියාදුවක් ගහන්න 
කෝ දැන් වෙලාවක්..

හෆ්ෆේ ජිවිතේ
ක්‍ෂය වෙලාම
යයි වගේ..

ප.ලි - මේක වගේම තමා  මේ දවස් වල මගේ ජීවිතෙත් මෙලෝ රහක් නෑ.. සමහරු මට චෝදනා කරනවා කතා කරන්නේ නෑ.. පොස්ට් වලට කමෙන්ට් නෑ කියලා... මේ දවස් වල මගේ දවස ගෙවෙන හැටි ඉතින්  දන්නෝ දනිති... 

19 ක් අදහස්:

ItalyDilan said...

ඔහොම තමා මිනිස්සු කාලෙන් කාලෙට එක එක කතා හදා ගන්නවා බ්ලොග් පෝස්ට් නොලියා ඉදගෙන,,,, අපි නොදන්න හසීගේ වැඩ

හසී said...

@ඩිලාන් - ආ ඇත්තද අයියේ.. මොනාද ඔයා දන්නේ ආ... :p

අභීත said...

අනේ නිකන් හිටු බොරු නොකියා.... වැඩ නම් අපි දැනගන්න එපැයි....

අඩවි රජා said...

හප්පේ.... :j

පූසා said...

අප්පේ තවත් ක්ෂය උනොත්නම්...... :q

රුචා said...

වැඩ වැඩි වෙලාවට ඔහොම කිව්වට ඔෆිස් ඒකෙ කිසිම වැඩක් නැතුව ඔහේ ඉදගෙන ඉන්න එක ඊටත් වැඩිය අමාරු වැඩක්

තව බොසත් කැමරාවකින් අපි දිහා බලාගෙන ඉන්නකොට කොහොමද ආතල් එක

සඳා said...

අයියො සල්ලි.... අපිත් ඔය වගේ තමා

Dinesh said...

මිනිස්සුන්ගේ ජීවිත රස්සාවත් එක්ක වෙනස් වෙනවා..

සිහින said...

අඩේ හසී අක්කෙ.. මටත් ඔය වැඩ ටිකමනෙ.. TT,LC, Open Account, Suspended VAT, Proforma Invoice තව තියනව.. ඔයා දන්නව ඇතිනෙ.. හික් හික්.. ජීවිතේම පන් තමා.. :D

බුද්ධි said...

කාලෙන් කාලෙට එන වෙනස් කම්! ගණන් ගන්ඩ එපා. කොහොමත් ගණන් ගත්තක් වෙන කරන්න දේකුත් නෑනේ....

මේ දවස් වල මමත් හෙම බිසි....!

Mad terminal said...

samahara welawata matat oya vidiyata hitanawa

Shani said...

අය්යෝ තවත් ක්‍ෂය උණොත් ගන්න දෙයක් නැති වෙයි අක්කා බලාගෙන... :j

නිසුපා said...

ඔය වට්ටි ටිකනම් මටත් අහලා පුරුදුයි... :c

බට්ටි said...

මටත් ඔය සෙතේමයි. මැෂින් එක්ක ඉදලා මැෂිමක්ම වෙලා.තව ටික දවසක් මෙහෙම ගියොත් නම් බෙල්ල කීබොඩ්‍ එකේ. ඒ තරම් වැඩ. ඒත් ඉතිං මොක තිබ්බත් මම දවසට තුන්වරක්වත් ‍බ්ලොග් එකට එනවා. නැත්නම් නිකන් හිතට හරි නෑ.

Observer said...

දුකයි තමා...මැරෙන්ඩයැ ඉතින්...

Sabith said...

:D පචෝරිස්!

පැන්ඩා said...

මොනා කරන්නද හැඩොක්...ජිවිතේ ඔහොම තමයි..බිබිලි නගින බෙලි කටු කියල ඔහේ ඉන්න..ඉස්සර බස් රෙඩියො කරාපු බ්ලොග් ලියාපු කයිවාරු ගහපු කාලෙ වෙනස් වෙන එක පුදුමයක් නෙවෙ ජිවිතේ අනිත් හැමදේම වෙනස් වෙද්දි...ඉතින් අලුත් ජීවිත ගමනට පැන්ඩගෙ ලොකු හදවතින් සුභ පැතුම්

ඕනයා said...

දැං තේරෙනව නේද රස්සාවක් කරනව කියන්නෙ වැඩ කරනවයි කියන එක

Viraj Heshan said...

ඇත්තට? Bill Gates වත් ඔච්චරම busy නැතුව ඇති . . .

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...