Thursday, November 25, 2010

෴ප්‍රථම හමුව෴



දරා දසමසක් කුස තුල
නොවැදුවද එක් මවකගේ කුසින්
මුණ ගැසී ජාලය තුල
බැඳුනි සහෝදර බැඳීමක
කිසි දිනෙක නොවෙනස් වන...
දහසක් පෙරුම් පුරා
මුණ ගැසී දිනක
ලද සතුට කෙසේනම්
පවසන්නද
තිබුනු එකම අඩුව නුබ පමණයි
පුංචි සොයුර
ආදරයත් සතුටත් පිරි නැවත හමුවක්
එනතුරු බලා සිටිමි මම
 

*******************************************

පොඩ්ඩෝ ඔයා නැති අඩුව ගොඩාක් දැනුනා..මේක ලිව්වේ ඔයාලට.මගේම සහෝදරයෝ තුන්දෙනාට.ඒ දවස අමතක වෙන්නේ නෑ කවදාවත්.කථා ලියන්න ගොඩාක් හපන්නු වෙච්ච අයියාටයි මල්ලිටයි ඉඩ දීලා පුංචි නිසදසක් ලිව්වා..මගේ හිතේ තියෙන හැගීම් වචන වලට පෙරලන්න අමාරුයි..ආයෙත් හමුවෙමු...බුදු සරණයි....!

Sunday, November 21, 2010

෴ හෆොයි෴


එදා මහ අඳුරු හැන්දෑවක්... මම වැඩ ඇරිලා ගෙදර එන්න පරක්කු උනා වෙනදටත් වඩා... කළුවරත් වැටිලා.. යන්තම් දගලලා බස් එකෙන් බැහැගෙන මම වටපිට බැලුවේ අම්මා ඇවිත්ද කියලා.මම හවස 6.15 වෙද්දි ආවේ නැත්නම් අම්මා හැමදාම හන්දියට එනවා.මොකද මම හන්දියේ ඉදන් තනියම එනවානම් වෙලවල් දෙකක් පාස් කරන් එන්න වෙනවා.ඒ හරිය පාළු නිසා අම්මා එනවා.
මම ටිකක් ඉස්සරහට අවිදගෙන එනකොට ඈත කවුද එනවා දැක්කා...ටිකක් ළඟට ඇවිත් බැලුවාම ඒ අපේ අම්මා..ඒ පාර ඉතින් මම සුපුරුදු පරිදි දවසේ විස්තර ප්‍රචාරයේ යෙදුනා..දැන් ඉතින් අපි දෙන්නා ටිකෙන් ටික වෙල කිට්ටුවටත් ආවා.ඒ වෙල ලඟම පිං ළිඳක් තියෙනවා..එතන ලයිට් එකක් තිබ්බාට ඒක කවදාවත් වැඩ කරන්නේ නෑ.. ගොඩාක් කළුවර තැනක්.එතන හොල්මන් තියෙනවා කියලා විශ්වාසෙකුත් තියෙනවා..පාරේ කවුරුවත් නෑ..ඈතින් පොඩි එලියක් පෙනුනා..මම ඉතින් නන්ස්ටොප් කියව කියව එනවා..වෙල පටන් ගන්න තැනට ආවා විතරයි...,  ඔන්න එතකොට තමා භයානකම දේ සිද්ද උනේ..
 

***********************************************************************************
 
එකපාරටම අර එලිය වැඩි උනා.... මෝටර් සයිකලයක් අපේ දිහාට එනවා..ඒකේ එලිය තමා අපි දැකලා තියෙන්නේ.ඒ මෝටර් බයිසිකල් එක අපිව පාස් කරගෙන යනවත් එක්කම ඒකේ ආපු මිනිහා මගේ බෙල්ල දිහාවට අත දාලා එක පාරට ඇදලා ගත්තා.මට බයට කෑගෑහුනා.අම්මත් බයවෙලා..බැලුවාම මේ හොරෙක්.. 



මගේ චේන් එක කඩාගන්න තමා හදලා තියෙන්නේ.මම කොහොමත් රත්තරන් බඩු දාන කෙනෙක් නෙමෙයි.කරාඹු දෙක විතරයි දාන්නේ.. අන්තිමට මගේ මාලේ කඩාගන්න ආපු හොරාට නෝන්ඩි වෙලා හිස් අතින්ම යන්න උනා...මට ගෙදර එනකම් මැරෙන්න හිනා.. හරියට අපේ චූටි මහත්තයාට වගේ...හික් හික් හික්


ප.ලි - මේ සිද්දියෙන් පස්සේ අපේ තාත්තා හැමදාම 6 වෙනකොට අම්මාව එවනවා මාව එක්කගෙන එන්න...

Tuesday, November 16, 2010

෴සීතල රැයක෴



මහ වැසි ඇද වැටෙන,
සීතල රැයක,
වැටෙන වැහි බිදු දෙස බලමින්,
ආසයි කථා කරන්නට
ඔබ සමඟ,
උණුසුම් කෝපි කෝප්පයක් 
රසවිඳිමින්...

Sunday, November 7, 2010

෴අලෝ.................... ෴

අලෝ .... කොහොමද  කට්ටියට?

ඉතින් ඉතින් සැප සනීප කොහොමද?

අනේ බලන්නකෝ වෙලා තියෙන දෙයක්.. මම ගෙදර නැති අතරේ අපේ හසී පවුලේ අයියායි මල්ලිලා දෙන්නායි හොඳටම  අඩලානේ..ඔයාලා එයාලව නැලෙව්වේ නැද්ද? පව්නේ අනේ... බලන්න මම දවසක් නැති උන ගමන් වෙලා තියෙන දේවල්...

හ්ම්ම්ම්....

දවස් දෙකකට පස්සේ අද තමා මම ගෙදර ආවේ...මේක තමා පලවෙනි උපන්දිනේ  මම ගෙදර හිටියේ නැති... ඇත්තටම හදිස්සියේම මම අපේ අක්කලාගේ ගෙදර ගියා.. එයාලගේ ගෙවල් ලඟ ආරාමයක් තියෙනවා.එහේ පළවෙනි කටින පින්කම තිබ්බා.හදිස්සියේම ඒකට ගියා.. අලුත්ම අත්දැකීමක් ඒක.. අද ගෙදර ආපු ගමන් දුවගෙන ආවේ කම්පි‍යුටර් එක ලඟට...මගේ සහෝදරයන්ගේ වැඩ දැක්කාම ලොකූ සතුටක් දැනුනා...
ඉතින් මම මේ වෙලාවේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.. මට සුබ පතපු මගේ හසී පවුලේ සහෝදරයෝ 3න් දෙනාට.. බ්ලොග් අවකාශයේ සියලුම සහෝදර සහෝදරියන්ට..මගේ යාලුවෝ ඔක්කෝටම ගොඩාක් ස්තුතියි!




කස්ටියම කේක් ඉල්ලනවා දැක්ක වෙලාවේ ඉදන්.. ඔන්න ඔයලා කැමති විදියට කන්න මම රසට හැදුවා..
 මදිද? ආ.. මෙන්න තවත්.....




දැන් කට්ටියටම කාලා බඩ පිරිලත් ඇතිනේ.. අපි බීම එකකුත් බොමු එහෙනම්...(සැර ජාතිනම් නෑ.රසම රස බීම එකක් හැදුවා)


සැ.යු - අපේ අයියලා මල්ලිලා මගේ වයස වැරදියට දාලානේ.. ටයිපින් මිස්ටේක් එකක් වෙන්න ඇති.. මට අවුරුදු 22යි.....

Monday, November 1, 2010

෴ අහිමි වු උණුසුම ෴


නෙතු නිදිවරා
නුඹ එනතුරු මා
බලා සිටිනමුත්...,
මටද රහසේ පැමින
සැතපී සුව සිහින නුඹ දකී...,
සුසුමන් සලා මා නිදි දෙව්
තුරුලට ගියද,
අහිමි වු උණුසුම
සොයයි නිති මා සිත..,