Sunday, June 27, 2010

මහ මෙරක් වු ආදරය..


සතපවා සුව යහනක
සියලු දුක් දුරු කරන්නට
දිවා රැ ඔබේ අසලම රැදෙන්නම් මා...

ඔබේ දැසින් දෝර ගලනා
මහ මෙරක් වු ආදරයෙන්ම
සැනසෙන්නෙමි  මා සැමදා...

Saturday, June 19, 2010

෴ සාඩම්බර හසී පවුල ෴


මොකක්???? ෴ සාඩම්බර හසී පවුල ෴ මේ මොකක්ද මේ???

ඔයාලාට දැන් එහෙම හිතෙනවා ඇති නේද? මේක මේ බ්ලොග් අවකාශයේ ඉන්න හසීලගේ එකමුතුවක්... මේ දවස් වල හසීලාව පැටලෙනවනෙ හැමෝටම. ඔන්න ඉන්න හසියෝ ඔක්කොම එකතු කරන් අපි (හසී සහ හසියා) මුණු පොතේ ගෘප් එකක් හැදුවා... දෙන්නාටම එක පාරටම අදහස පහල උනේ පුදුමයි නේද? ඔය හසියෝ පැටලිලා හරි ජරමරනේ.. දවසක් රවා අයියගෙනුත් මම  බැනුම් අහුවා හසියාවයි මාවයි (හසී) පැටලිලා... (ඒදවස් වල අපි දෙන්නාම නම දාගෙන හිටියේ හසී කියලනේ) වත් අක්කිටත් අපිව ටැපලෙනව කිව්වානේ...තව කීදෙනෙක්ට ටැපලුනාද දන්නේ නෑ...
දැනට බ්ලොග් අවකාශයේ දන්න කියන හසියෝ ඉන්නේ හතර දෙනයි .. (හතර දෙනාම සූරයෝ වගේ...හික්ස්)

- මේ ඉතින් හසීගෙ සිතිවිලි ලියන මම තමා

- හසියාගේ නවාතැන කරන්නේ මෙයා තමා.අලුත් බ්ලොග් එකට මගෙන් සුබ පැතුම්!

- මේ අපේ ආගිය කථා ලියන හසියා

- මෙයා තමා අපේ පොඩි හසියා. පොඩි උනාට වැඩ කාරයා...

තව ඉන්නවාද? ඉන්නවානම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.අනිත් කට්ටියත් ඉතින් අපිට එකතු වෙන්න...
ඔන්න අපේ එක හසියෙක් කථාවක් දාල නේ අපේ ගෘප් එක ගැන..

එහෙනම් ඔයාලාට ඇරයුම් කරනවා අපේ  ෴ සාඩම්බර හසී පවුල ෴  ගෘප් එකට සහ පිටුවට එකතු වෙන්න කියලා....

මේ අපේ ගෘප් එක    ෴ සාඩම්බර හසී පවුල ෴
මේ අපේ පිටුව         ෴ සාඩම්බර හසී පවුල ෴

හසී පවුලට ජයවේවා! 

මම
෴ හසී෴
(සාඩම්බර හසී පවුලේ සාමාජික) 

Tuesday, June 15, 2010

ඇවිද යමි මා....

වැහි බර වූ අහස සේ
අඳුරු වු මගේ දිවිය
නැවත ගොඩනගන්නට
ඇවිද යමි මා ඉදිරියටම
කාලයා නම් වු වැලි තලාවේ
රහසින් වැටෙන කඳුලැලි සැමට සඟවා....




Friday, June 4, 2010

අපේ සංසාරය දිගයි...

ඉගිළී ඔබ වෙතට එන්නට
සිතට හිතුනත් හැමවෙලේ
ඉගිලෙන්නට බැරි තරම් දුර
ඇයිද ඔබ මා හැර ගියේ

ලොවේ කොතනක කෙලෙස උන්නද
ඔබට සැප සතුටම පතා
උදේ අරුණේ පළමු සිතිවිල්ලෙන්ම
ඔබ පිළිබඳ සිතා

වසර ගණනක් වෙන්ව උන්නද
තවම මගේ ලෝකය ඔබටයි
නැවත හමුවෙමු
බැඳෙමු ලංවෙමු
අපේ සංසාරය දිගයි