Thursday, December 30, 2010

෴හදවත ෴



තැලිලා පොඩිවෙලා තිබ්බ
වෙලාවක
හොරෙන්ම ලං වෙලා
තුවාල වලට බේත් දාන
මුවාවෙන්,
නුඹ කලේ තිබ්බ තුවාල
තව තවත්
පාරපු එකමයි කියලා 
මට තේරුම්
යද්දි,
රහසේම 
නුඹ ගිහින් ඉවරයි...

Saturday, December 25, 2010

෴ඉවරයි කියලා හිතුවාට ඉවර නෑ තව තියෙනවා෴

දේශන එහෙම ඉවර වෙලා කට්ටියම ලන්ච් එකට ගියා.අපි කෑම එකත් අරන් යන්න හදනකොට හසියා නෑ බැලින්නම් කට්ටියම කෑම ගත්තාම තව කීයක් ඉතුරුද කියල බලනවා.පෙනේද බඩජාරීකම. කොහොමින් හරි කැම 3ක් විතර කාලා ඒකත් මදි වෙලා අර කෑම දාලාතිබ්බ රිජිෆෝම් පෙට්ටියෙනුත් කෑල්ලක් කාලා.ලැජ්ජ නැතිකම කියන්නේ එක කාලා අපිට කියනවා මට කෑවා මදි වගේ නිසා මම ඒකත් කෑවා කියලා.කාලා ඉවර වෙලා කට්ටිය එක්ක සුහද සාකච්චාවක් දාගෙන ඉද්දි අපිට හමු උනා තිස්ස අයියාව.(දොඩං සීයාව )එයාත් එක්ක ෆොටෝ එකක්
 ගන්න හදද්දි මෙන්න බොලේ හසියා එක පාරටම ලොකු හුස්මක් ගත්තා.බලද්දි කාපු කෑමේ හැටියට උස්මුරුත්තාව හැදිලා හුස්ම හිර වෙලා.බොහොම අමාරුවෙන් පිටට ගහලායන්තම් බේරගත්තා අපි.ඒ අවස්ථාවේ ඇස් උඩ ගියපු හැති තමා ඔය පහතින් තියෙන්නේ..
 (හසියාගේ හුස්ම හිරවී ඇස් උඩ ගිය මොහොත)

හැමෝටම සමු දීලා පාරට ඇවිත් අපි බෝට්ටු පදින්න යන්න තීරණය කලා.හසියායි මායි එකට ගිය එක ගැන මම පුදුම බයකින් හිටියේ.. හදිස්සියේවත් මෙයාට බේරෙට පනින්න හිතුනොත් එහෙම කවුද ඔවාට අහු වෙන්නේ ලඟ හිටපු අහිංසක මමනේ.අනික මට යාන්තමට වගේ
 මතකයි හසියා දවසක් කිව්ව මාළුපාන් ගෙඩියක් කාලා බේරේට පනින්න ආසාවක් තියෙනවා කියලා.වෙලාවට මාලුපාන් කෑවේ නැත්තේ.බෝට්ටු පදිනකොට කාලා වැඩිකමට හසියාට කෙලින් ඉන්නත් බැරිව කකුල් දෙකෙන් වෙනුවට අත් දෙකෙන් තමා පැඩල් කරේ.ඒ අස්සේ මෙයාගේ බඩජාරිකමකියන්නේ හසියා මට කියනවා.හසී මට මේ මුලු බේරේම පේන්නේ කික් කෝලා වගේ.බොන්නමයි හිතෙන්නේ කියලා.අර කොන්ඩේ බැදපු චීනෙකුත් හිටියානේ.එයානම් බේරෙට පනින්නමයි ගියේ.මට පස්සේ හිතුනේ හිගන්නට චීන ටෝක්ස් දාන්න ගිහින් හිගන්නා තල්ලු කරන්නවත් හැදුවද දන්නේ නෑනේ. ඒක නිකම් හරියට හිගන්නාගේ බෝට්ටුවට චීනෙක් කඩා පැන්නා වගේ....
හික්ස් පොඩ්ඩයි පුබුදුයි කොච්චර විනීතව හැසිරුනාද කිව්වොත් එතන හිටපු කොකෙකුත්කොටන්න ආවා  දෙන්නාට.කොහොමින් හරි යහතින් ගොඩට බැහැලා කකුල් අමාරුව යන්න ටිකක් ඉදගෙනත් ඉදලා අපි එන්න පිටත් උනා.ඒ අස්සේ මෙන්න තිබහක් ඇවිත් මෙයාලට කික්ම
බොන්න ඕන කිව්වා,කික් තිබ්බ තැනක් හොයාගෙන ගියා ඒ පාර.මම ඔය කික් වලට නෑනේ ක්‍රිම් සෝඩා එකක් බීලා මම ෂේප් උනා.පුබුදුවානම් දෙක මරුවෙන් මාරුවට බිව්වා.පොඩ්ඩානම් දෙකම කලවම් කරලා බිව්වා.වැඩියෙන්ම බිව්වේ හසියා තමා.බෝතල් 3ක්ම බිව්වාද කොහෙද.කික් එක බීලා ආපු කික් එකෙන්ම පාරට ආපු හසියා කියනවා මාර වැඩේ පොලව ඇදයිනේ කියලා.ලයිට් කණුවක හැපෙන්න ගිහින් අනුනවයෙන් බේරුනේ.ඒ අස්සේ පොඩ්ඩා අඩනවා අනේ මාව කොටුවට ගිහින් දාන්න මම දන්නේනෑ යන්න කියලා.මේකාට කික් එකට වැඩි නිසා අපි කොටුවට ගිහින් බස් එකක නග්ගන්නත් වැඩි හොඳට හිගන්නාව
එයාත් එක්ක යවන්නත් තීරණය කලා.බොහෝම අමාරුවෙන් හසියාවත් බස් එකක නග්ගගෙන අපි මහරගම එන්න පිටත් උනා.අපොයි බස් එකේ එක විකාර‍යයි.හසියා උදේටත් වඩා හපන්.කෙල්ලන්ට ඇස් ගහනවා.එයාලාගේ බෑග් ගන්න යනවා.එයාල එක්ක බහින්න හදනවා.මෙහෙමත් ලැජ්ජා නැති වැඩ. පුබුදුයි මායි අමාරුවෙන් හසියාව කන්ට්‍රොල් කරගත්ත.පුබුදු ආවේ නැත්තම් මට වෙන්නේ හසියා එක්ක පොලෝසි යන්න නැත්නම් පිස්සන් කොටුවේ ඉන්න.මහරගමින් බැහැලා දෙන්නාටම සමු දීලා එන ගමන් මම නිකම් හැරිලා බලද්දී තමා ජොලි සීන් එකක් දැක්කේ.හසියා කික් වැඩිකමට බස් එක වටේ ඇවිදිනවා බස් එකට නගින්නේ නැතිව.මම හැරිලා එන්න හදද්දී මෙන්න යන්තම් බස් එකට නැග්ගා..මෙන්න විනාඩියක් යන්න කලින් ආයේ බිම.බැලින්නම් ඉස්සරහින් නැගලා පිටි පස්සෙන් බැහැලා.යන්තම් බස් එකේ නග්ගලා. කොන්දොස්තර මාමාට හසියාව බලාගන්න කියලා.මම ගෙදර ආවා.

 **************************************************
ගොඩාක් සතුටු දවසක් එදා..හසී කියලා කෑල්ලක් නමට නැතත් පුබුදු මල්ලී අපිට අපේම පවුලේ කෙනෙක් වගේ දැනුනා.ගෙට් එක සූදානම් කල එස්.බී.යු ඇඩ්මින්ලාට ස්තුති කරනගමන් එදා ආපු හැමෝවම අදුරගන්න ලැබීම සතුටක් කියලා මම මේ මඩ ගැහිල්ල නතර කරනවා.

ජය වේවා....!!!!!!!







හැමදෙනාටම සාමය සතුට පිරි ඉතිරීයන සුබම සුබ නත්තලක් වේවා...! 

ප.ලි - තව ඩින්ගෙන් අමතක වෙනවා.. සමහරු මඩ ගහයි කියලා බයේ තනියම නාගත්තා.. හික්ස්.. තවත් සමහරු චැට් එකේදී හම්බ වෙලා "අනේ මගේ සුදු නංගියෝ මඩ ගහන්න හිතේ කොනක හරි ආසාවක් තියේනම් මටනම් මඩ ගහන්න එපෝ...." කියලා කිව්වා.ඔන්න මම ඔයාට මඩ ගැහුවෙම නෑ..

෴හීනියට මඩක් ෴



අලෝ... කට්ටිය කොහොමද ඉතින්..
හැමෝම අහනවා හසියා අච්චර මඩ ගහද්දි ඇයි සද්ද නොකර ඉන්නේ කියලා... නොකිව්වාට මගෙත් කට කහන්න ගත්තා අර දුමී අයියාගේ වගේ..හසියා වගේ සැරටම නැතත්.. හීනියට මඩක් ගහන්න මටත් හිතුනා.. මම මේ හසියාගේ මඩ කෝච්චිය නවතිනකම් බලාහිටියේ.
අනේ ඉතින් මම අහිංසක ළමයානේ.. කට්ටිය තරහා ගන්න එපා ඔන්න...
(පොඩ්ඩෝ මොකෝ කියන්නේ අර එදා ඔයා දැක්ක කෙනා එක්ක සෙට් වෙලා හසියාට ගේමක් දෙමුද?

ආ.. මඩට පෙර කියන්න දෙයක් තියේ..
අපේ අයියාට මම අලියා කිව්වාට එදා ගෙට් එකට ආවාම මට තේරුනා
එයාට අලියා කියන එක ගැලපෙන්නේ නෑ කියලා..ඒක නිසා වෙන නමක් දාගන්නකම් අයියා කියන්නම තීරණය කලා.

ඔන්න ඉතින් ගෙට් එකට එන්න හසී පවුල එකතු කරගෙන එහෙම වෙලාවක් තැනක් දාගත්තා...අන්තිම මොහොතේ කථා හසියාට එන්න වෙන්නේ නෑ කිව්වා පන්සලේ වැඩකට යනවා කියලා..එයා ඉතින් පිනක් දහමක් කරන් ඉන්න අහිංසක කොළුවෙක් නේ..ඔන්න ඉතින් හසියා මහරගමට එනවා කිව්වා
මාව ගන්න.. හසියාට මම කිව්වා අයියා එක්ක එන්නේ කියලා, මෙන්න
 බොලේ හසියා එකපාරටම අඩන්න ගත්තා.. අනේ අලියා එක්ක එන්න එපෝ..මම බයායි කියලා...බොහොම අමරුවෙන් හසියාව සන්සුන් කරලා මම තේරුම් කලා එයා මාව මගට එක්කන් එන්නේ බයවෙන්න එපා කියලා.  
ඔන්න අයියායි මායි සුබ මොහොතින් අලි ට්‍රැවල්ස් එකේ නැගලා එද්දි මගෙ ෆෝන් එකට කෝල් එකක් එනවා.. බැලින්නම් මේ අපේ පොඩ්ඩා..
මෙන්න බොලේ කෝල් එක ආන්සර් කරපු ගමන් මේකා කෑ ගහනවා
අනේ බුදු අක්කේ මම දැනුයි ඇහැරුනේ..මාව දාලා යන්න එපා..මම දන්නේ කොටුවට එන්න විතරමයි කියලා.(මට මතක් උනා  Infotelබලන්න ගිය දවසේ මට පැය දෙකක කට්ටක් දීපු හැටි.අදත් ඒකම වෙයිද කියලාත් හිතුනා)මම කිව්වා හරි හරි ඉක්මනින් ලෑස්තිවෙලා එන්න කියලා.
මහරගමින් සෙට් වෙලා බස් එකට නගින්න යද්දී මෙන්න හසියා කෑගහනවා, අනේ  මට මේ බස් එකේ යන්න බෑ වෙන එකක යමු කියලා.බැලින්නම්ඒකේ හිටපු කාටදෝ බයවෙලා..(ඔය හසියා පොඩි කාලේ බත් කවලා තියෙන්නේ ඒපැත්තේ හිටපු මහත මනුස්සයෙක් පෙන්නලා, කෑවේ නැත්නම් එයා හසියාව ගිලියි කියලා.ඒවගේම කෙනෙක් බස් එකේ ඉදලා තමා මෙයා බය වෙලා තියෙන්නේ.)කොහොමින් හරි අන්තිමේ බස් එකක නැගලා ඉදගත්තා විතරයි හසියාගේ තියෙන කුකුල් ගතිය කියන්නේ බස් එක පුරා ඉන්න කෙල්ලන්ට ඇස් ගහනවා,අත වනනවා එක විකාරයි.මම ඉතින් හසියා එක්ක ආවේ නෑ වගේ හිටියා.නැත්නම් අන්තිමට මටත් ගුටි කන්න වෙනවා.ඒ අස්සේ පාරේ යන කෙල්ලන්ටත් අත වනනවා..මට නැගිටලා ගිහින් වෙන තැනකට යන්නමයි හිතුනේ.කොහොම හරි අන්තිමේ පෙටා වලට ඇවිත් අපි මගී පාලම උඩට ගියා..එතන තමා අපි කල් තියාම සෙට් වෙන්න තීරණය කලේ..
මෙන්න බොලේ එකපාරටම හසියා කියනවා අනේ හසී මට මේ හැමෝටම ඇහෙන්න සින්දුවක් කියන්න හිතෙනවා කියලා(හා හා ළමයි ඒ සින්දුව නෙමෙයි මේ ගීතයක් ගායනා කරන්න හිතිලා තියෙන්නේ..
අපෙ ජීව් අයියා කිව්වා වගේ) මම ඇත්තටම බය උනා මෙයා මෙතන සින්දු කිව්වොත්මාවත් එක්කම මිනිස්සු පිස්සන් කොටුවට ගෙනියයි කියලා.මම හසියාට නොදැනෙන්න ෂෙප් එකේ පාලමේ එහා කෙලවරට ගියා.ඔය අතරේ තමා අර කොන් වෙච්ච එක්කෙනා එයාගේ වෙන්ඩ වයිෆ් එක්ක ඔතනින් ගියේ.ටික වෙලාවකින් පොඩ්ඩාට හසියා කෝල් කලා එතකොට පොඩ්ඩා කිව්වා එයා ස්ටෙෂන් එක ඉස්සරහා ඉන්නවා එන්න කියලා.. ඒපාර අපි දෙන්න ගියා.අප්පේ එතනට යද්දි මෙන්න බොලේ කස්ටිය ගොඩයි එතන.මමනම් එතනින් දැනගෙන හිටියේ පුබුදුවාවයි , කණියා අයියාවයි විතරයි.
කොහොම හරි එතන ටිකක් ඉදලා අපි බස් එකේ නැගලා ආවා පරක්කු වෙන නිසා ඔන්න ඉතින් අර හිතින් නඩේ ගුරා වෙච්චි අපේ කණියා සහෝ එයාගේ GPS එකේ පිහිටෙන් අපිව දුර පාරකම එක්කන් ගියා..කොහොමින් හරි ගෙට් එක තියෙන් තැනත් හොයාගෙන් නම් එහෙම ලකුණු  කරලා අපි ඉදගත්තා. මෙන්න ටික වෙලාවකින් හසියා එකපාරටම නැගිටලා ගියා.. අර පොඩි කාලේ පීල්ලට ඔළුව අල්ලපු නිසා එයාට පිස්සු, හිටිගමන් පිස්සු තදවෙනවා.කොහේ හිටියත් පේන මානේක ඉන්න නිසා අපි වැඩිය හිතුවේ නෑ.හමුව පටන් අරන් එකිනෙකා හදුන්වා දෙන්න යනකොට මෙන්න බොලේ හසියා මයික් එක අරන් මෙහෙම
කියපි."මම තමා හසියා, මට ඔයාලට කියන්න වැදගත් දෙයක් තියේ මම අද ඉදන් හසී පවුලෙන් ඩිවෝස් උනා.අද ඉදන් මාරයා එක්ක වාසය කරන්න තීරණය කලා කියලා."තෙමිච්ච සීන් එක නිසා මෙයාට පිස්සු කියලා කට්ටියම දන්න හින්දා හොදයි.
 (හසියාගේ ප්‍රසිද්ධ දේශනය)
 (උපුටා ගැනීම සූර පප්පාගෙනී)

Wednesday, December 15, 2010

෴ පොඩි එකාට උනත් වෙනස තේරෙනවා.. හික්ස්෴


 
අම්මේ අම්මේ... අද ඉස්කෝලේදි මාර වැඩක් උනානේ....

මොකක්ද පුතේ...?

අර භාගයා ඉන්නේ.. අර අපේ පන්තියේ ඉන්න ලස්සන ළමයා....

ඔව්,ඉතින් මක් උනාද? එයා වැරැද්දක් කලාද?

නෑ නෑ අම්මේ.. අද අපිට මිස් වැඩක් දිලා ගියා. ඒක ඉවර වෙලා අපි කථා කර කර හිටියා..භාගයා ලඟ හැමදාම ඉදගන්නේ රුසිරුනේ.. අද එයා භාගයාගේ කරට අත දාගෙන හිටියා..

ඉතින් පුතේ හොඳ යාළුවෝ උනාම එහෙම තමා..

ඉන්නකෝ අම්මේ කියනකම්...

හ්ම්ම්..

ඊට පස්සේ එයා භාගයාව ඉම්බානේ අම්මේ...

පුතේ රුසිරුට නංගියෙක් ඇති..එයාට නංගිව මතක් වෙලා භාගයාව ඉබින්න ඇති...ඒකේ වැරැද්දක් නෑනේ..

(තරහින්) අනේ අම්මා දන්න තරම තමා ඔය.....

ඇයි පුතේ එහෙම කියන්නේ....?

අපෝ අම්මා ඒකවත් දන්නේ නෑනේ...

මොකක්ද?

ඒක තමා අම්මේ ලව් කියන්නේ..ඔයා ඒකවත් දන්නේ නෑනේ..






ප.ලි - තාම දෙක වසරේ ඉන්න පුංචි පුතෙක් කියපු කථාවක් තමා ඔය...අප්පා දැන් හැදෙන ළමයිනම් කියලා වැඩක් නෑ...

Friday, December 10, 2010

෴ දුක හිතුනාම෴


තරු ඇස් තියෙන
කටකාර දඟකාර
ලස්සනම ලස්සන 
පුංචි කුමාරයෙක්..
රෝසමලක් අරන් එනකම් 
බලා හිටියා මම..
මාස ගානක් පෙරුම් පුරලා 
හුරතල් කථා අහන්න
එකතු වෙලා සෙල්ලම් කරන්න
ආසාවෙන් බලා හිටියා මම..
එත්,
වැඩිහිටියන්ගේ ආඩම්බරය
කුහකකම නිසා 
අහිමි වෙලා මට 
ඒ පුංචි කුමාරයාව බලන්න..
එයාට මාව බලන්න එන්නත්..


සමහර වෙලාවට වැඩිහිටියන්ගේ බොරු මාන්නය,ආඩම්බරය, කුහකකම නිසා පුංචි ළමයින්ගේ ලස්සන ලෝකය නැතිවෙනවානේද? සල්ලි හැමදේම මනින මිම්ම උනාම ආදරේට තැනක් නැද්ද..පුංචි කුමාරයෙක්ට පුංචි කෙනෙක්ගේ ආදරය ලබන්න ඕන නැද්ද?

ප.ලි. - මගේ හිතේ ඇතිවෙච්ච හැඟීම් අකුරු කරන්න ගිහින් විකාරයක් ලිව්වාද මන්දා.එත් මිනිස්සු මෙච්චරටම නපුරු වෙනකොට රිදෙන, තැලෙන හිතක් සනසන්න මේ සටහන ලිව්වෙ.. කාට හරී මේක කියවලා කරදරයක් උනානම් සමාවෙන්න...

Thursday, December 2, 2010

෴ අමතකවීද නුබට෴



හමුවීමක් හා බැදී
වෙන්වීමක් තිබුනද
සදාකාලික නොවන
වෙන්වීමක් අපට
ඇති බව ඔබට
නොවැටහේද...


සොඳුරු හමුවන්
සොඳුරු මතකයන්
කෙසේ අමතකවීද ඔබට
ඔබේ සමුගැන්ම හා 
මගේ සමුගැන්මද බැදී 
ඇති බව අමතකවීද ඔබට