Saturday, December 25, 2010

෴හීනියට මඩක් ෴



අලෝ... කට්ටිය කොහොමද ඉතින්..
හැමෝම අහනවා හසියා අච්චර මඩ ගහද්දි ඇයි සද්ද නොකර ඉන්නේ කියලා... නොකිව්වාට මගෙත් කට කහන්න ගත්තා අර දුමී අයියාගේ වගේ..හසියා වගේ සැරටම නැතත්.. හීනියට මඩක් ගහන්න මටත් හිතුනා.. මම මේ හසියාගේ මඩ කෝච්චිය නවතිනකම් බලාහිටියේ.
අනේ ඉතින් මම අහිංසක ළමයානේ.. කට්ටිය තරහා ගන්න එපා ඔන්න...
(පොඩ්ඩෝ මොකෝ කියන්නේ අර එදා ඔයා දැක්ක කෙනා එක්ක සෙට් වෙලා හසියාට ගේමක් දෙමුද?

ආ.. මඩට පෙර කියන්න දෙයක් තියේ..
අපේ අයියාට මම අලියා කිව්වාට එදා ගෙට් එකට ආවාම මට තේරුනා
එයාට අලියා කියන එක ගැලපෙන්නේ නෑ කියලා..ඒක නිසා වෙන නමක් දාගන්නකම් අයියා කියන්නම තීරණය කලා.

ඔන්න ඉතින් ගෙට් එකට එන්න හසී පවුල එකතු කරගෙන එහෙම වෙලාවක් තැනක් දාගත්තා...අන්තිම මොහොතේ කථා හසියාට එන්න වෙන්නේ නෑ කිව්වා පන්සලේ වැඩකට යනවා කියලා..එයා ඉතින් පිනක් දහමක් කරන් ඉන්න අහිංසක කොළුවෙක් නේ..ඔන්න ඉතින් හසියා මහරගමට එනවා කිව්වා
මාව ගන්න.. හසියාට මම කිව්වා අයියා එක්ක එන්නේ කියලා, මෙන්න
 බොලේ හසියා එකපාරටම අඩන්න ගත්තා.. අනේ අලියා එක්ක එන්න එපෝ..මම බයායි කියලා...බොහොම අමරුවෙන් හසියාව සන්සුන් කරලා මම තේරුම් කලා එයා මාව මගට එක්කන් එන්නේ බයවෙන්න එපා කියලා.  
ඔන්න අයියායි මායි සුබ මොහොතින් අලි ට්‍රැවල්ස් එකේ නැගලා එද්දි මගෙ ෆෝන් එකට කෝල් එකක් එනවා.. බැලින්නම් මේ අපේ පොඩ්ඩා..
මෙන්න බොලේ කෝල් එක ආන්සර් කරපු ගමන් මේකා කෑ ගහනවා
අනේ බුදු අක්කේ මම දැනුයි ඇහැරුනේ..මාව දාලා යන්න එපා..මම දන්නේ කොටුවට එන්න විතරමයි කියලා.(මට මතක් උනා  Infotelබලන්න ගිය දවසේ මට පැය දෙකක කට්ටක් දීපු හැටි.අදත් ඒකම වෙයිද කියලාත් හිතුනා)මම කිව්වා හරි හරි ඉක්මනින් ලෑස්තිවෙලා එන්න කියලා.
මහරගමින් සෙට් වෙලා බස් එකට නගින්න යද්දී මෙන්න හසියා කෑගහනවා, අනේ  මට මේ බස් එකේ යන්න බෑ වෙන එකක යමු කියලා.බැලින්නම්ඒකේ හිටපු කාටදෝ බයවෙලා..(ඔය හසියා පොඩි කාලේ බත් කවලා තියෙන්නේ ඒපැත්තේ හිටපු මහත මනුස්සයෙක් පෙන්නලා, කෑවේ නැත්නම් එයා හසියාව ගිලියි කියලා.ඒවගේම කෙනෙක් බස් එකේ ඉදලා තමා මෙයා බය වෙලා තියෙන්නේ.)කොහොමින් හරි අන්තිමේ බස් එකක නැගලා ඉදගත්තා විතරයි හසියාගේ තියෙන කුකුල් ගතිය කියන්නේ බස් එක පුරා ඉන්න කෙල්ලන්ට ඇස් ගහනවා,අත වනනවා එක විකාරයි.මම ඉතින් හසියා එක්ක ආවේ නෑ වගේ හිටියා.නැත්නම් අන්තිමට මටත් ගුටි කන්න වෙනවා.ඒ අස්සේ පාරේ යන කෙල්ලන්ටත් අත වනනවා..මට නැගිටලා ගිහින් වෙන තැනකට යන්නමයි හිතුනේ.කොහොම හරි අන්තිමේ පෙටා වලට ඇවිත් අපි මගී පාලම උඩට ගියා..එතන තමා අපි කල් තියාම සෙට් වෙන්න තීරණය කලේ..
මෙන්න බොලේ එකපාරටම හසියා කියනවා අනේ හසී මට මේ හැමෝටම ඇහෙන්න සින්දුවක් කියන්න හිතෙනවා කියලා(හා හා ළමයි ඒ සින්දුව නෙමෙයි මේ ගීතයක් ගායනා කරන්න හිතිලා තියෙන්නේ..
අපෙ ජීව් අයියා කිව්වා වගේ) මම ඇත්තටම බය උනා මෙයා මෙතන සින්දු කිව්වොත්මාවත් එක්කම මිනිස්සු පිස්සන් කොටුවට ගෙනියයි කියලා.මම හසියාට නොදැනෙන්න ෂෙප් එකේ පාලමේ එහා කෙලවරට ගියා.ඔය අතරේ තමා අර කොන් වෙච්ච එක්කෙනා එයාගේ වෙන්ඩ වයිෆ් එක්ක ඔතනින් ගියේ.ටික වෙලාවකින් පොඩ්ඩාට හසියා කෝල් කලා එතකොට පොඩ්ඩා කිව්වා එයා ස්ටෙෂන් එක ඉස්සරහා ඉන්නවා එන්න කියලා.. ඒපාර අපි දෙන්න ගියා.අප්පේ එතනට යද්දි මෙන්න බොලේ කස්ටිය ගොඩයි එතන.මමනම් එතනින් දැනගෙන හිටියේ පුබුදුවාවයි , කණියා අයියාවයි විතරයි.
කොහොම හරි එතන ටිකක් ඉදලා අපි බස් එකේ නැගලා ආවා පරක්කු වෙන නිසා ඔන්න ඉතින් අර හිතින් නඩේ ගුරා වෙච්චි අපේ කණියා සහෝ එයාගේ GPS එකේ පිහිටෙන් අපිව දුර පාරකම එක්කන් ගියා..කොහොමින් හරි ගෙට් එක තියෙන් තැනත් හොයාගෙන් නම් එහෙම ලකුණු  කරලා අපි ඉදගත්තා. මෙන්න ටික වෙලාවකින් හසියා එකපාරටම නැගිටලා ගියා.. අර පොඩි කාලේ පීල්ලට ඔළුව අල්ලපු නිසා එයාට පිස්සු, හිටිගමන් පිස්සු තදවෙනවා.කොහේ හිටියත් පේන මානේක ඉන්න නිසා අපි වැඩිය හිතුවේ නෑ.හමුව පටන් අරන් එකිනෙකා හදුන්වා දෙන්න යනකොට මෙන්න බොලේ හසියා මයික් එක අරන් මෙහෙම
කියපි."මම තමා හසියා, මට ඔයාලට කියන්න වැදගත් දෙයක් තියේ මම අද ඉදන් හසී පවුලෙන් ඩිවෝස් උනා.අද ඉදන් මාරයා එක්ක වාසය කරන්න තීරණය කලා කියලා."තෙමිච්ච සීන් එක නිසා මෙයාට පිස්සු කියලා කට්ටියම දන්න හින්දා හොදයි.
 (හසියාගේ ප්‍රසිද්ධ දේශනය)
 (උපුටා ගැනීම සූර පප්පාගෙනී)

5 ක් අදහස්:

෴ හසියා ෴ said...

හේහේහේ හීනි මඩක් වගේ.....
දැනුනෙවත් නෑ.....

Unknown said...

හෙහ් හෙහ් එල එල අක්කේ ඔහොම යන් ඔහොම යන්,අපේ මඩ කරියාට මඩ ප්‍රහාර එල්ල කරමු

හා පැටික්කි (MS) said...

ඒකනේ මං බැලුවේ අච්චර මඩ ලිව් කෙනාට මඩ නැති වෙන්නේ කොහොමද........

දැන් බලන් ගියාම ගෙට් එකේ භාගයක් විතර බඩගින්නෙද කොහෙද මේ හසී පැමලිය නිසා..... අනේ මංදා......

මරු මඩ ටික ඈ අක්කියෝ........

Hasitha Gunasinghe said...

මෙන්න මඩට මඩ :))

හසී said...

@හසියා - අනේ දැනුනේම නැද්ද.. ඒකද ඇදගෙනම නෑවේ.. :P :P :P

@පුබුදුවා - මඩයාට එරෙහිව මඩ :D

@හා පැටික්කි (MS) - හි හී තැන්කූ තැන්කූ..

@Hasitha - හි හී :)

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...