Thursday, April 29, 2010

හැකිනම් මට දුව එන්නට........

හැකිනම් මට දුව එන්නට ඔබේ තුරුලට...
ඔබේ උරහිසේ හිස තියාන ගී ගයන්නට...
ඔබේ කොපුල් ආදරයෙන් සිපගන්නට...
ඔබේ පපුවට තුරුළුවී උණුසුම විඳින්නට...
ඔබත් එක්ක සිහින ලොවේ අනන්තයට පියා සලන්නට....
හැකිනම් මම දුව එමි ඔබ සමීප‍යට......

Tuesday, April 27, 2010

වගකීමට සිදුවේවි......

දන්නවාද?
වගකීමට සිදුවේවි නුඹලාට දිනෙක,
මගේ දෑසින් වැටෙන සෑම
කඳුළු බිඳුවක් පාසාම,
මගේ හදින් පිටවෙන හැම
සුසුමක් පාසාම,
කිමද...,
නුඹලා මගේ සතුට, මගේ ආදරය,
උදුරාගත් නිසා,
මගේ දෙමාපියන්ගේ හිත්
රිදවූ නිසා....

Friday, April 23, 2010

ආ මග කෙටියි... යා යුතු මග දුරයි........

ඔන්න ඉතින් මගේ බ්ලොග් එකට අද මාසයක් පිරෙනවා. මට ගොඩාක් සතුටුයි....  හසීගේ සිතිවිලි බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉදන් ඇවිත් ගිය, අදහස් දක්වලා මාව දිරි ගන්නවපු හැමෝටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා....
මාසයක් කියන්නේ හරිම කෙටි කාලයක්, ඒත් මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගන්න කොට මානසිකව උපරිම වැටිලා හිටියේ, මගේ දුක වචන වලට පෙරලලා බ්ලොග් එකට දැම්මම, එකට දක්වලා තිබ්බ අදහස් දැක්කාම මගෙ හිතට දැනුන සැනසිල්ල වචන වලින් විස්තර කරන්න අමාරුයි.අද මම ගොඩාක් සතුටින් ඉන්නවා.
අද මම මේ බ්ලොග් එක දිහා බලලා ගොඩාක් සතුටු වෙනවා.මම මේ වෙලාවේ මගේ ලඟින් හිටපු මගේ යාළුවන්ට, බ්ලොග් අවකාශයේ සියළුම සහෝදර සහෝදරියන්ට ස්තුති කරනවා, දිගටම මගෙත් එක්ක ඉන්න.සිංහල බ්ලොග් කියවනයටත්, ලාංකීය සිතුවිලි බ්ලොග් අඩවියටත් මගේ ස්තුතිය!

Thursday, April 22, 2010

ජීවයේ හිරු කිරණ

අදුරු වළාවන් අතරින්,
ජීවයේ හිරු කිරණ ගෙන
පැමින ඇත නුඹ.......
පිලිගනිමි මගේ ජිවිතයට
ආලෝකයක් වන ඔබව....
ඉදින් එක්ව පියමනිමු
අපේ ලොවට....
ආදර සතුට පිරුනු අපේම පුංචි කැදැල්ලට....

Friday, April 16, 2010

වසන්තය එනතුරු

ඉරි තැලුනු හද මඩලට
සිහින් පොද වැස්සක්ව
ආවද නුඹ...
අසරණයි මා මේ මොහොතේ
බලා සිටිමු අප අපේම වනතුරු....
දිනෙක නැවත වසන්තය එනතුරු
අප දිවියට..........

Tuesday, April 13, 2010

සුබ අලුත් අවුරුද්දක් වේවා!

සිංහල බ්ලෝග් අවකාශයේ සියලුම සහෝදර සහෝදරියන්ට ලබන්නාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි, සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

Sunday, April 11, 2010

ඔබ වෙනුවෙන්

හැඩුවෙමි මා දිවා රෑ
අහිමි වු ආදරය ගැන....
සබද
සියළු දුක් සුසුම් මැද
කදුළු අතරින් සිනා සෙන්නට
දිරියක් වන නුඹට
තුති පුදමි සෙනෙහසින්........

Tuesday, April 6, 2010

ආදරය නිසාවෙන්...

තත්පරයකුදු මගෙන්
ඈත් නොවනැයි
ඉල්ලු ඔබ
අද තත්පරයක්, දිනක් නොව,
නැවත ඔබ පවසන තුරුම
නිහඩව සිටිනැයි කියයි,
කෙසේ ඉවසම්ද?
නමුත් ඉවසමි,
අන් සියල්ලටම වඩා
ආදරය නිසාවෙන් ඔබට මා......


Thursday, April 1, 2010

කලණ මිතුරෝ....

දුකේදි ආවැඩි සැපේදි හැරගිය 
මිතුරා නුඹයි යස
සදා පතමි මතු බවයේ නොදකින 
ලෙස නුඹ මිතුරු වෙස

කලණ මිතුදම් නොදත්
සොබන පිරි ජීවිතේ
දුර්ජන වූ නුඹ වෙසෙත්
පිළිලක් වී මා ලයේ

මේ පද පේළි ටික රනිදුගේ අතමිට කාසී (Fake Friends) සින්දුවෙන්.මේක අහන කොට මට මතක් වුනා අපේ ජිවිත වලත් මේ වගේ යාළුවෝ ඉන්නවා නේද කියලා....
මගෙත් එක්ක මාස ගානක් එකට කාලා බීලා සතුටු උන කට්ටියක් හිටියා, අද එයාලාට මාව මතකවත් නෑ.ඇත්තටම හොද යාළුවෝ එහෙමද? නෑ... හොද යාළුවෝ සතුටේදි වගේම දුකේදිත් එකට ඉන්නවා, සතුටෙදි විතරක් ලග ඉන්නේ ව්‍යාජ යාළුවෝ, හරියට අර මුලින් තිබ්බ පද පේළියේ වගේ.අන්න ඒවගේ අයට දැන ගන්න තමා අද මම මේක ලියන්නේ.
හොද යාළුවෙක් කියන්නේ සතුටෙදි වගේම දුකේදි, කරදරයකදි එකට ඉන්න කෙනෙක්ට, එයාට එයාගේ යාළුවාගේ පුංචි වෙනසත් තේරෙනවා.ලඟ නොහිටියාට ඒක දැනෙනවා.එයා කවදාවත් යාළුවාව තනි කරන්නේ නෑ, තනි වෙන්න දෙන්නේත් නෑ.මටත් ඉන්නවා ඒ වගේ හොදම යාළුවෝ කීපදෙනෙක්, මගෙත් එක්ක හැමවෙලවෙම හිටපු, එයාලාගේ පන්ති, විභාග, රස්සාව මේ හැම දෙයක්ම තියෙද්ද්ත් මගේ ලඟටම වෙලා මට ප්‍රශ්නයක් උනාම උදව් කරපු,එයාලාගේ හැම වැඩේම පැත්තකට දාලා මගේ හිත හදපු.මට ඕන මගේ ලඟින්ම හිටපු ඒ යාලුවන්ට ස්තූති කරන්න,හැම වෙලාවේම මගෙත් එක්ක හිටියාට ගොඩාක් ස්තුතියි, අපේ යාළුකම හැමදාම මේ වගේම තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

මිතුර නුඹ
දිවියේ බාධක ජය ගැන්මට
සවියක් විය මට...
ඇත ඔබේ මතකය සදාකාලිකව
යලි නොමැකෙන ලෙස
සිත්තම් වී මා හදේ.......