Sunday, March 25, 2012

෴ ආදරණිය දියණියනි ෴




පුංචි තරු දෙනෙත් 
විහිදා ලෝකය දෙසට 
පැමිණියා ඔබ 
අපේ ලොවට... 
සිනිදු දෙකොපුල් 
සිඹිමින්  පවසමි 
ආදරණිය දියණියනි 
රකිමි ඔබ සැමදා 
මගේ පණ මෙන්.... 

ප. ලි - 2010 මාර්තු 25 පටන් ගත්ත මගේ බ්ලොග් එකට අදට අවුරුදු දෙකයි. පොස්ට් 100 ක් නම් තාම ලියාගන්න බැරි උනා.. ඉතින් මේ අවුරුදු දෙක පුරාවට මගේ එක්ක සිටි ඔබ සැමට ගොඩක් ස්තුතියි!

Thursday, March 15, 2012

෴ මේ දවස් වල ජිවිතේ ෴





උදේම නැගිටලා,
බස් එකේ ෆුඩ් බෝර්ඩ් එකේ
එල්ලිලා, තෙරපිලා
යන්තම් බස් එකෙන් බැහැගෙන
ටික දුරක් දුවගෙන
වෙලාවට ඔෆිස් ගිහින්...

ටෙන්ඩර්, පර්චස් ඕඩර්, කෝල්,
ටීටී, බිඩ් බොන්ඩ්, එල්සී
හර, බැර අස්සේ
දවසම ගෙවිලා...

පොතක් පතක් කියවන්න 
නිදහසේ රස්තියාදුවක් ගහන්න 
කෝ දැන් වෙලාවක්..

හෆ්ෆේ ජිවිතේ
ක්‍ෂය වෙලාම
යයි වගේ..

ප.ලි - මේක වගේම තමා  මේ දවස් වල මගේ ජීවිතෙත් මෙලෝ රහක් නෑ.. සමහරු මට චෝදනා කරනවා කතා කරන්නේ නෑ.. පොස්ට් වලට කමෙන්ට් නෑ කියලා... මේ දවස් වල මගේ දවස ගෙවෙන හැටි ඉතින්  දන්නෝ දනිති...