Sunday, August 29, 2010

෴අපේ අලියා෴



"ඒ.... නංගි මෙහෙ එනවකෝ..."

"මොකද හලෝ බෙරිහන් දෙන්නේ..."

"ඉක්මනට එනවා"

"ඇයි අලියෝ...මොන කරදරයක්ද මන්දා.."

"මේ බලනවකෝ පට්ට බයික් එකක් තියෙනවා."

"හ්ම්ම්.."

උදේ පාන්දරම ජංජාලෙට රිංගගෙන අපේ අලියා (ආදරේට කියන්නේ) කෑ ගහන්නේ ඔහොම තමා.

දැන් කට්ටිය බලනවා ඇති මොකද මේ එක පාරටම කියලා.. හි හී

අද එයාගේ දවස... හ්ම්ම්.... ඔව්, අද එයාගේ උපන්දිනේ...
මේ පුංචි සටහන එයා වෙනුවෙන්.. පුංචී කාලේ ඉදන් රණ්ඩු වෙවී, යාළු වෙවී ඉන්න මගේම අයියා වෙනුවෙන්...

එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! 



Tuesday, August 24, 2010

```ආදරය```

 
විටක සිනහවකි..,
විටක කඳුලකි..,
විටක සතුටකි..,
විටක දුකකි..,
තවත් විටක කලකිරීමකි..,
එකම විදියක කොහෙත්ම නොසිටින නුඹ,
විසදා ගැනීමට නොහැකි 
සංකීර්ණ ප්‍රෙහේලිකාවකි.........

Monday, August 16, 2010

εїз ෴පුංචි මල් පොකුර෴ εїз


හිමිදිරියේ හිරු කිරණින් අවදිව,
පිනි බිඳුවෙන් මුව දොවාන,
පිපුනු පුංචි මල් පොකුර,
සවසට බුදු සමිඳුන් ඉදිරියේ
පරවී යන අයුරු දැක
මෙනෙහි කලමි
ජීවිතයේ අනියත බව......


(මේ පින්තූරේ මට දුන්නේ ෴හසියා෴.තැන්කූ ඔයාට!)

Wednesday, August 11, 2010

පුංචි මාළුවා....



මම පුංචිම පුංචි මාළුවෙක්..මම ඉන්නේ වැවක.මමයි මගේ යාළුවොයි හැමදාම මේ වැවේ හැම තැනම පීනනවා..ඔයාලා වගේම තමයි අපිත් සෙල්ලම් කරනවා.හැංගිමුතෝ කරනවා, තරගෙට පීනනවා..... ඔන්න ඉතින් දවසක් අපි පුරුදු විදියටම සෙල්ලම් කර කර හිටියා....එකපාරටම අපිව දැලකට පැටලුනා..අනේ පීනගන්නත් බැ.හිරවෙලා අපි ඔක්කොම.මම හයියෙන් කෑගැහුවා."අම්මේ... අනේ මාව බේරගන්න" කියලා...අපේ අම්මා සද්දේ ඇහිලා ආවා.එත් එයා කියලා මොනවා කරන්නද? 
මෙන්න එක පාරටම දැල හෙල්ලෙනවා...අනේ අපිව ගොඩට අදිනවා වගේ.. "අනේ අම්මේ..." මම ආයෙත් කෑ ගැහුවා..මම බය වැඩිකමටම තදින් ඇස් දෙක පියාගත්තා. අම්මෝ පුදුම රස්නයක්.. මම හිමින් හිමින් ඇස් ඇරලා බැලුවා.මම ඉන්නේ ගිනි අව්වට කරකුට්ටන් වෙච්ච  තණකොල ගොඩක..මගේ යාලුවොත් තැනින් තැන වැටිලා ඉන්නවා..පුදුම රස්න‍යක්.මනුස්සයෙක් දැල දිග ඇරලා අපිව ආයෙමත් අර තණකොල ගොඩටම දැම්මා..මුළු ඇඟම පිච්චෙනවා..අනේ අපිව බේරගන්න කවුරුත්ම නැද්ද? අපිට වතුරේ ඉන්න නොදි ගොඩට ඇදලා ගත්ත මනුස්සයා පේන්නත්නෑ.. මම ආයෙමත් අමාරුවෙන් වටපිට බැලුවා.මෙන්න ඒ මනුස්සයා බයිසිකලේකුත් තල්ලු කරන් යන්න යනවා..අනේ අසරණ අපිට ඉන්න නොදී ගොඩට ඇදලා ගත්තේ විකුනන්නනේ.. එත් මේ මනුස්සයා අපි පොඩි නිසා අපිව මේ ගිනි අව්වේ දාලා යනවා."අනේ අපිව වතුරට දාලා යන්නකෝ......." අනේ.... මට කැ ගහන්නත් අමාරුයි.මගේ යාළුවෝ දඟලනවා.. එත් අපිව බේරගන්න කවුරුවත්ම නෑ.එත් කාට හරි ඇහෙයි කියලා හිතලා මම දිගටම කැ ගැහුවා...මගේ යාලුවන්ගේ දැඟලිලත් නැතිවෙලා.. අනේ.. මගේ යාළුවෝ මැරිලාද...මාවත් තව ටිකකින් මැරිලායයි..මම අමාරුවෙන් උනත් ආයෙමත් වටපිට බැලුවා..ඈතින් කවුදෝ එනවා පේනවා... "අනේ මාව බේරගන්න" මම මට පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා.මගේ ඇස් නිලංකාර වෙලා ගියා..මේ මගේ අවසානය තමයි මට එහෙම හිතුනා...
එත් එක පාරටම කවුදෝ මාව අල්ලනවා වගේ දැනුනා..මාව එකපාරටම උඩට ඉස්සුනා.හුළං පාරක් ඇඟට වැදුනා..හරිම සනීපයි..එක පාරටම මට තේරුනා මාව පාවෙලා යනවා වගේ.. "ජබුක්" දෙවියනේ මාව වතුරට වැටුනා..මට පුදුම සතුටක්  දැනුනේ..මම පීනගෙන උඩට ආවා කවුද මාව වතුරට වීසීකලේ බලන්න. ඔහ්! කවුද මගේ ඇඟට වැටුනා..මගේ යාළුවා.එයාවත් වතුරට දාලා.එයා මැරිලා නෑ.මට තවත් සතුටුයි.
මගේ ඇස් නිලංකාර වෙන්න කලින් මම දැක්කානේ කවුදෝ එනවා.එයා තමයි අපිව වතුරට දාලා තියෙන්නේ.... අර මෝඩ මනුස්සයා අපිව ගිනි අව්වේ දාලා ගියාට මේ හිත හොඳ කෙනා ඇවිත් අපිව බේරගත්තා.. මිනිස්සුන්ගේ හිතත් මහා පුදුමාකාරයි.එහෙම හිතලා එයාට පින් දෙනගමන් මමයි මගේ යාළුවෝ ටිකයි සතුටින් පීනගෙන අම්මලා ගාවට ගියා.

ප.ලි - මේක මම දැක්ක දෙයක්.. ඒ මොහොතේ මමත් එතන හිටියා.ඒ අනුව හිතුන දේ ලිව්වා.

Thursday, August 5, 2010

නොදැන උන්නේමි මා.....


කාටත් රහසේ මා හිමිකර ගන්නට
ඔබ පෙරුම් පිරූ වග,
නොදැන උන්නේමි මා..
කියාගත නොහැකිව හදේ තෙරපුන ආදරය
සුසුමන් හෙලා  සැහැල්ලු කර වග,
වසර ගණනක් ගෙවී ගියද නොදැන උන්නේමි මා..
අවසානයේදී ඔබ පැතු විලසම
සියලු බාධක අභිබවා හිමි වුනා ඔබට මා...

Monday, August 2, 2010

නුඹට නොදැනේ...



නුඹට නොදැනේ හදවත දවන වේදනාව
නුඹට නොපෙනේ තොරක් නොමැතිව ගලන කඳුළැලි
නුඹට පෙනුනේ එකම එක දෙයකි
නුබේ උසාවියේ මා සියල්ලටම වරදකරුවෙකි.