Sunday, January 22, 2012

෴ පුංචි තරුව මං ෴




ඈත ආකාසයේ  
පුංචි තරුව මං 
කාටත් නොපෙනෙන ඒ 
පුංචි තරුව මං


අහස් ගැබේ තනිවුනු  
පුංචි තරුව මං 
පරිවාර තාරකා නැති ඒ  
පුංචි තරුව මං

කවුරුවත් නොසොයොන 
පුංචි තරුව මං 
තනිව ඉකි බිඳින ඒ  
පුංචි තරුව මං 

හඳ එලිය කිසිදා නොවිඳි  
පුංචි තරුව මං 
අසරණව තනිවුනු ඒ  
පුංචි තරුව මං 


ප.ලි - බ්ලොග් එක අත ඇරලා දාලා කියලා බැනුම් අස්සේ, ආයේ ලියන්න කියලා එන තර්ජන වලට බියෙන් 10ට පෙර පබ්ලිෂ් කරන ලදී. වෙලාවට මේක තිබ්බේ ද්‍රාෆ්ට් වල.කට්ටිය ඉතින් මට මකුළු දැල් ටික කඩන්න සප් එකකුත් දෙන්න.. ;)

17 ක් අදහස්:

ItalyDilan said...

පුංචි තරුව දැන් කොහෙද තියෙන්නේ

හසී said...

ම්ම්ම්ම්ම් අහසේ තියෙන්නේ... :d

Alex Vista said...

lol :q

Dinesh said...

පුංච් තරුව නුඹ
සද නැති අහසක පෑයුව...

හිස් අහස said...

හඳට වුණත් එලිය ලැබෙන්න නම් තරුවක් එපැයි

නදුන් උයන said...

පුන්චි උනත් ඒක තරුවක් ... !!!

Beetle said...

හඳ එලිය ඉල්ලලා අඬන්න එපා තරුවක් නම්, හඳත් එක්ක එලිය කරනවා මිසක්... :)

සිහින යා said...

හරි හරි.. අපි පිලිගන්නවා.. පුංචිම තරුව ඔයා.. වෙන කවුද...

පූසා said...

ඩිලා ඔන්න ඔය මකුළු දැල් කඩන එක ගනිං මෙහාට :q

priyantha said...

ඉදලක් අරන් ආවා ඔන්න මකුලු දැක කඩන්න. කොස්සකින් බැරි වෙයි. ඒතරමට...:DDD
මේ පින්තූරේ කොහෙන්ද?
ලස්සනයි කවි ටික

මකුළුවා..... said...

ඔයා හැර වෙනත් පුංචි තරු සිටීද? :C

Shani said...

ම්ම්ම්.... ලස්සනයි... අදයි මෙහාට ආවේ, ජයවේවා!!!

කල්ප said...

:b ඔය තියෙන්නේ....ලස්සනයි ආ.....

හසී said...

@Alex Vista - :c

@Dinesh - අපිටත් දවසක හඳ පායනවා කියලා බලා ඉන්නවා... :c

@හිස් අහස - ඔව් ඔව් තරු පිරිච්ච අහස කොච්චර ලස්සනද? :c

@නදුන් උයන - අනිවාර්යයෙන්ම.. :c

@Beetle - ම්ම්ම් හොඳ අදහසක්... :b

@ සිහින යා - හික් හික් :c

@ පූසා - ඈ... මේ මොකෝ පුවෝ.... :d

@ priyantha - ගුගල් දෙයියා හොයලා දුන්නේ පින්තුරේ... තැන්කු වේවා... :c

@ මකුළුවා - අහස පිරෙන්නම පුංචි තරු ගොඩාක් තියෙනවා.. :d

@ Shani - වෙල්කම් කිව්වා මගේ බ්ලොග් එකට... :c

@කල්ප - තැන්කු වේවා... :c

ඕනයා said...

බ්ලොග වැහුවනං . . . තරු තමා නගේ උඹට බලන්න වෙන්නෙ

හසී said...

@ඕනයා - ඒ බව දන්නා නිසාත්, තර්ජනයකට බයවෙලාත් ආයේ ලියන්න හිතුවා... :d

Ruchira Madushan said...

මේ කවියට වහවෙටුණු පුංචි තරුව මං

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...