Friday, May 28, 2010

අපේ සුබ පැතුම....

අද මගේ අම්මාගෙයි තාත්තාගෙයි 32 වන විවාහ සංවත්සරය, මම ප්‍රාර්ථනා කරනවා මේ අවුරුදු 32 වගේම හැමදාම සතුටින්, ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා.අම්මේ තාත්තේ ඔයාලා දෙන්නාට නිදුක්, නීරෝගී, ආදරේ, සතුට පිරුන දිගු ජිවිතේකට අයියාගෙනුයි මගෙනුයි සුබ පැතුම්!  අපි දෙන්නාම ඔයාලාට ගොඩාක් ආදරෙයි..!

ප.ලි (අයියායි මමයි වගේ පිස්සු ජෝඩුවක් මේ ලෝකේට දායාද කලාට ඔයාලාට පින්)

17 comments:

  1. නැන්දේ........ මාමේ........
    ඔයාල දෙන්නට නිදුක් නිරෝගී සුවයෙන් පිරුණු සැපත උදාවේවා..........
    හසි කිව්ව වගෙ මේ ඩබලනම් පික්සුම පික්සු ඩබලක් තමා හික්ස්........

    සුභම සුභ ඇනිවසරියක් වේවාස්......... කෝ ඉතින් අපිට පාටියක්වත් නැද්ද ??

    ReplyDelete
  2. ස්තුතියි ඔයාට, අම්මාගෙනුයි තාත්තාගෙනුයි Party එක ඉල්ලගන්න...

    Hoping that the love you shared years ago is still as strong today as it was then bringing you much joy, love and happiness to celebrate again. Happy Anniversary Mom & Dad.

    ReplyDelete
  3. නිදුක් නිරෝගී සුවය පිරි දිවිය සැමදාම ලැබේවා.......!!!!
    ඇනිවසරියට මගෙනුත් සුභ පැතුම්........

    පිස්සු ඩබලගේ සතුටු සිනා පිරි ඉතිරෙන මුව දකින විට හිනාවෙන් තව තවත් හැඩ වේවා....!!!!!

    (අක්කෙ මේ කකා අයියගෙත් අද ඇනිවසරිය......)

    ReplyDelete
  4. ස්තුතියි හා පැටික්කිට. මමත් කාකා අයියාට සුබ පැතුවා.පිස්සු ඩබලගේ පිස්සු වැඩත් ඉස්සරහට ලියන්න බලාපොරොත්තු වෙනවා....

    ReplyDelete
  5. මගෙනුත් සුබ පැතුම් හසී. විවිධාකාරවූ අදහස් තියෙන දෙන්නෙක් එකට ජීවිතය බෙදාගෙන අවුරුදු 32ක් ආව ගමන අති විශිෂ්ඨයි.....හැමදාම සතුට ලැබේවා !

    ReplyDelete
  6. එහෙමනම් මගෙනුත් උණුසුම් සුභ පැතුම ඔයාගේ අම්මගෙයි තාත්තගෙයි විවාහ සංවත්සරයට. කසූ ගෙත් Wedding Annversary එක අද කියලා දාලා තිබ්බා. තව කාගෙවත් Wedding Annversary එක අද නැද්දෝ..................... ?

    ReplyDelete
  7. මමත් කියන්න හැදුවේ එකයි..... කතන්දරගෙත් අදයි....

    සුබ අනාගතයක් වේවා.........!!!!

    මටත් පොඩි ෂොට් එකක් තියන්න ඕනෑ......

    ReplyDelete
  8. නිදුක් නිරෝගී සුවය පිරි දිවිය සැමදාම ලැබේවා.......!!!!ඔන්න මමත් සුබ පෑතුවා

    ReplyDelete
  9. අහ් දැන්නේ දැක්කේ.....ඔන්න පහුවෙලාවුනත් මමත් හදවතින්ම නංගියගේ අම්මිටයි තාත්තිටයි ආදරයෙන් සමගියෙන් සමාදානයෙන් ජීවත්වෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනව.....!!!

    කේක එහෙම දැන්නම් නැතිව ඇති නේද?

    ReplyDelete
  10. අහ් කියන්න බැරිවුනානේ ඔන්න මම නම පොඩ්ඩක් වෙනස් කලා....නැත්නම් අපි දෙන්නව පටලවගන්නවනේ බ්ලොග් අවකාශයේ අය....
    :D :D

    ReplyDelete
  11. වෙසක් සතිය නොවුණනම් හොඳට බොන්න ඕනි දෙයක්නෙ මේක...

    ReplyDelete
  12. @ දිල් - ගොඩාක් ස්තුතියි දිල් අක්කේ... අපේ රණ්ඩු බේරලානම් දැන් එපා වෙලා ඇති...

    @ Hasitha - ගොඩාක් ස්තුතියි!

    @ මාතලන් - ගොඩාක් ස්තුතියි! ඔයාටත් ෂොට් එකක් තියන්න තිබ්බා වෙසක් නැත්නම්....

    @ කඳුළු බින්දුව- ගොඩාක් ස්තුතියි කඳුළු බින්දුවටත්..

    @ හසියා - ගොඩාක් ස්තුතියි අයියේ, නම වෙනස් කරපු එකනම් හොදයි... දැන් පැටලිලි නෑ.

    @ Outsider - වෙසක් එකනේ, මොනවා කරන්නද? දුක තමා...

    ReplyDelete
  13. ඔන්න අක්කෙ අපිත් සුබ පැතුවයි කියල අම්මටයි තාත්තටයි කියන්න හොදේ

    ReplyDelete
  14. ගොඩාක් ස්තුතියි මල්ලියෝ, මම කියන්නම්කෝ..

    ReplyDelete
  15. ඔන්න මගේ සුභ පැතුමුත් එයාලට දෙන්න මතක ඇතුව . . .

    ReplyDelete
  16. parakku unath kamak nahane neda???

    ReplyDelete
  17. අයියාව ආදරෙන් පිලිගන්නවා... පරක්කු වෙලා හරි අවානේ ඒක වටිනවා... ගොඩාක් ස්තුතියි අයියාට...

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...