ඔයාලාට දැන් එහෙම හිතෙනවා ඇති නේද? මේක මේ බ්ලොග් අවකාශයේ ඉන්න හසීලගේ එකමුතුවක්... මේ දවස් වල හසීලාව පැටලෙනවනෙ හැමෝටම. ඔන්න ඉන්න හසියෝ ඔක්කොම එකතු කරන් අපි (හසී සහ හසියා) මුණු පොතේ
ගෘප් එකක් හැදුවා... දෙන්නාටම එක පාරටම අදහස පහල උනේ පුදුමයි නේද? ඔය හසියෝ පැටලිලා හරි ජරමරනේ.. දවසක්
රවා අයියගෙනුත් මම බැනුම් අහුවා
හසියාවයි මාවයි (
හසී) පැටලිලා... (ඒදවස් වල අපි දෙන්නාම නම දාගෙන හිටියේ හසී කියලනේ)
වත් අක්කිටත් අපිව
ටැපලෙනව කිව්වානේ...තව කීදෙනෙක්ට ටැපලුනාද දන්නේ නෑ...
දැනට බ්ලොග් අවකාශයේ දන්න කියන හසියෝ ඉන්නේ හතර දෙනයි .. (හතර දෙනාම සූරයෝ වගේ...හික්ස්)
තව ඉන්නවාද? ඉන්නවානම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.අනිත් කට්ටියත් ඉතින් අපිට එකතු වෙන්න...
හසී පවුලට ජයවේවා!
මම
෴ හසී෴
(සාඩම්බර හසී පවුලේ සාමාජික)